සුචරිත ව්‍යාපාරයේ කාර්යභාර නිලධාරියකු හා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ හිටපු නිලධරයකු වූ සංගීත කලාකරු සිසිර සිරිවර්ධන මහතා (73) අභාවප්‍රාප්ත විය. ඔහු තිදරු පියෙකි.
චිත්‍රපට නිෂ්පාදක හා ගායිකා රෝහිණී සිරිවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ සිරිවර්ධන මහතා පැරණි සිනමා නළු සංගීත ආචාර්ය පීටර් සිරිවර්ධන හා සංගීතවේදිනි, ගායිකා හා නිළි කරුණාදේවි සිරිවර්ධන යුවළගේ කණිටු පුත්‍රයාය.
ප්‍රවීණ සංගීතවේදිනි විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන හා සංගීත අධ්‍යක්ෂ සුනිල් සිරිවර්ධන ගේ සොහොයුරා වූ සිරිවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඇන්ටන් අල්විස් මහතාගේ සහ ලේඛිකා සුසිරි සිරිවර්ධන මහත්මියගේ මස්සිනා ද වේ.
දේහය කොළඹ ජයරත්න මල් ශාලාවක තැන්පත් කර ඇති අතර ආදාහන කටයුතු බ්‍රහස්පතින්දා (19) පස්වරු 2.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd