රත්නපුර, තිත්තවැල්ල පාර, කොස්වැටිය පල්ලෙබැද්දේ අංක 242 ලිපිනයේ පදිංචි යසිරු බණ්ඩාර (4) දරුවාගේ ශ්‍රවණාබාධිත තත්ත්වය සුව කරගැනීම සඳහා කර්ණසංඛ බද්ධයක් සිදුකිරීමේ සැත්කම සඳහා රෝහල් ගත කරනු ලැබ සිටී. කලින් උදව් උපකාර කළ සියලුදෙනාටම අනේක වාරයක් ස්තූතිවන බවත් සැත්කම සඳහා තවත් රුපියල් ලක්ෂ 2 ක පමණ මුදලක් අවශ්‍ය බව මව කියන්නීය.
පේරාදෙණිය ළමා රෝහලේදී විශේෂඥ ශල්‍ය වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා ළඟදීම සැත්කම කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය රුපියල් 19,50,000 ක මුදලක් අවශ්‍යව තිබිණි.
බහතෝරන වියේ සිටින මේ දරුවාට කථා කිරීමට නොහැකිය. ඔහුගේ බොහෝ ක්‍රියා සංඥා භාෂාවෙනි.
ආධාර මුදල් ගොඩකවෙල මහජන බැංකුවේ කේ.එල්.එච්.දයාවතීගේ නමින් ඇති 245-2-001-2-0049307 (මහජන බැංකුව swift code PSBKKLX) ගිණුම් අංකයට බැර කරන මෙන් යසිරුගේ දෙමාපියෝ ඉල්ලා සිටිති. වැඩි විස්තර දුරකථන අංක 071 36 54 625 ඇමතීමෙන් ලබාගත හැකිය.
(ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර)
දරුවා ලංකාදීප කාර්යාලයේදි මාධ්‍යවේදීන් සමග
දරුවා මව සමග


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක දරුවෙක් (නි)
අපිට හැකි අයුරින් උදව් කරමු. පව් අසරණ දරුපටියා. අපේ පෙර පින් බලෙන් මෙලොවට බිහි වුනේ නිරෝගී දරුවන්....! මා ඔබට හැකිපමණින් උදව් එවමි...!(බ)
එසැණ බලන ඇස්-කන් ඇති සිත්වලට පණිවිඩයක් (බ)
ඔවු අද කලේ ඇත්ත කියල මුදල් එකතු කරන අයනම් ඇත්තම නැහැ. (නදී)
මේ දරුවාට උදව් කරන්න පුළුවන් විදියට. පවු අසරණ දරුවා (දිල්)
පුතේ මම ලොකු සල්ලිකාරයෙක් නෙවේ. මාසෙකට ඉලක්කම් පහක පඩියක් ගන්න කුලී නිවසක වසන එක්දරු මවක් . එත් මම රුපියල් 100 කින් හරි ඔබට ආධාරයක් කරනවා මොකද ඔබත් මගේ පුතාගේ වයසෙමයි . මට මගේ පුතා සම්පතක් වගේම ඔබේ මවටත් ඔබ රටක් වටිනා සම්පතක්. (ස)
මම අනිවාර්යෙන්ම උදව් කරනවා. කරුණාකරලා ඔයාලත් පුළුවන් විදියට කරන්න. බබා හරි ආස ඇති එයාගේ හිතෙන දේවල් අනිත් කට්ටියට දැනෙන්න හරියටම කතා කරලා කියන්න. අනිවාර්යෙන්ම මේ පොඩි බබා ඉදිරියේදීම කතා කරනවා.(බ)
අපි මුදල් දැමුවද පහත දුෂ්කරතා ඇති විය. බැංකු නොම්බරේ මුල ඉලුක්කම් 3 ට්‍රාන්ස්ෆෙර් සඳහා නොගත යුතුය. දුරකථනය සම්බන්ධ කර ගත නොහැකි විය. කරුණාකර මෙය සඳහන් කරන්න. (බ)
කිවුල්ගල්ල නාරම්මල යෝගරතන ඖෂධාලයට යන්න. පියසේකර විජේසුන්දර වෙද හාමිනේ ඔය ලෙඩ වලට හොඳම කෙනා. අඳ, ගොලු, බිහිරි, මන්ද බුද්ධික දරුවන්ට ප්‍රතිකාර කරනවා. ඔය මුදල් හොයා ගන්න අතර ලෙඩේ සනීප කර ගන්ඩ පුලුවන් වෙයි. (බ)
හැමෝම අඩුතරමින් රුපියල් 100/- බැගින්වත් පරිත්‍යාග කරමු. ඔබගේ ඉල්ලකය සපිරේවා! (නි)