
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
හිටපු පාතාල කල්ලි සාමාජිකයකු වූ කලු තුෂාර නමැත්තාගේ පුත්‍රයා බව කියන තරුණයකු සහ ඔහුගේ මිතුරන් තිදෙනකු විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ පිස්තෝලයක් සමග පෙරේදා (25) රාත්‍රි මාතර පික්වැල්ල ප්‍රදේශයේ හෝටලයකදී ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්‌ඨාසය පවසයි.
එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක සංජීව මහතාට ලද තොරතුරකට අනුව සිදු කළ පරික්ෂාවකදී ඔවුන් අත් අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන් සන්තකයේ හෙරොයින් මත් කුඩු හා මත් පෙති පාර්සලයක් ද තිබී සොයා ගත් බවත් පොලීසිය කියයි.
මහරගම කලු තුෂාර නැමැත්තා 2012 වසරේ වැලිකඩ බන්ධනාගාර කැරැල්ල අතරතුරදී මිය ගියේය.
අත් අත්අඩංගුවට ගැනුණ කලු තුෂාරගේ 24 හැවිරිදි පුත්‍රයා හා ඔහුගේ මිතුරන් තිදෙනා කොළඹ සිට මාතරට පැමීණ සිටි අතර සාදයක් සංවිධානය කිරීම වෙනුවෙන් හා පිස්තෝලයේ සිරවී ඇති පතොරම් කොපුවක් ඉවත් කර ගැනීම සදහා මාතරට පැමිණි බව ඔවුන් ප්‍රකාශ කර ඇතැයි කියයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලු තුෂාරගේ පුතා පිස්තෝලයක් එක්ක හෝටලයකදී කොටුවෙලා