ටෙලි නාට්‍යය රංගන ශිල්පියෙකු ලෙස මෑත කාලයේ වඩාත් ජනප්‍රියව සිටින හර්ෂණ බෙත්මගේ නව වසරේදී අලුත් චිත්‍රපට කිහිපයකින්ම රසික ඔබ හමුවීමට සුදානමින් සිටියි. මේ ඒ පිළිබඳව "සාරවිට" අපිට ඔහු පැවසු දෑ..
මේ අවුරුද්දත් සුපුරුදු පරිදි කලා කටයුතු එක්ක තමයි ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ. උදාවන අලුත් අවුරුද්දේ මගේ චිත්‍රපට දෙක්ක තියෙනවා ප්‍රදර්ශන වෙන්න. ඒ වගේම ටෙලි නාට්‍යය කිහිපයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලත් තියෙනවා. ඒ වැඩ කටයුතු එක්ක තමයි ආරම්භ වන වසර ගෙවෙන්නේ. පෞද්ගලික ජීවිතේ පැත්තෙන් නම් ලොකු වෙනසක් සිදු නොවේවි කියලා හිතනවා. ව්‍යාපාරයකට යොමු වෙන්න අදහසක් තියෙනවා. නමුත්, ඒ අලුත් අවුරුද්දෙ සිදුවේවිද කියන ප්‍රශ්නය තියෙනවා. ඊට අමතරව ඉතින් වොල්ගත්, මමත් පවුල් ජීවිතය සුන්දරව උදාවෙන අලුත් අවුරුද්දෙත් ගෙවලා දමන්න හිතාගෙන ඉන්නවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd