IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෑලි අමුණා හැදූ සුපිරිවාහනය සමග අවන්හල් හිමිකරු මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටස් එකලස් කර සැකසූ සුඛෝපභෝගී මෝටර් රථයක් සමග  අවන්හල් හිමිකරුවකු ගෝනපොළ දුවහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

වාහනය තුළ තිබී යතුරු පැදියක ,හා තීරෝද රථයක ලියාපදිංචි සහතික දෙකක් සහ තවත් යතුරුපැදියක සහතික කරන ලද ලියාපදිංචි සහතිකයක පිටපතක් තිබූ බව පොලිසිය කියයි. වාහනයට යොදා තිබූ අංක තහඩුවද ව්‍යාජ එකක් බව පොලිසිය සඳහන් කරයි.

සැක කටයුතු වාහනයක් නිවසක් ඉදිරිපිට නතර කර තිබෙන බවට පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ගොස් සිදු කළ මූලික පරික්ෂාවේදී එහි සවිකර තිබූ අංක තහඩුව හලාවත බංගදෙනිය ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෝටර් රථයකට හිමි අංකය බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

අනතුරුව සැකකාර අවන්හල් හිමියා සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව හරහා රථයේ චැසි හා එන්ජින් අංක සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී එහි පරිගණක පද්ධතියේ කිසිදු ලියාපදිංචියක් නොමැති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අහම්බෙන් ගුවන් තොටුපොළේ දී හමු වූ ජපානේ සිටින පුද්ගලයකු මාර්ගයෙන් රුපියල් ලක්ෂ හයකට  නුවරඑළියේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් මෝටර් රථය මිලදී ගත් බවත් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

මෙම මෝටර් රථය යම් අපරාධ සඳහා යොදා ගෙන ඇද්ද යන්න සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බවත්, අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

කෑලි අමුණා හැදූ සුපිරිවාහනය සමග අවන්හල් හිමිකරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site