
( කුෂාන් ජයවර්ධන)
දැනට මාස දෙකක පමණ කාලයක සිට ආපදාවට ලක්ව ඇති කැකිරාව හා පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යා කරන කිරළව පාලම පිළිසකර කර දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් එම පාලම මත විරෝධතාවයක නිරතව සිටීති.
පැවැති අධික වර්ෂාවත් සමග දඹුළුඔය ජලාශයේ සිට කලාවැව දක්වා ජලය ගෙනයනු ලබන දඹුළුඔය හරහා ඉදිකර ඇති කිරළව පාලම අපදාවට ලක්ව තිබේ. කැකිරාව හා පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යා කරන කිරළව පාලම කැඩී ගොස් දැනට මාස 02කට ආසන්න කාලයක් ගතව තිබේ.
මේ හේතුවෙන් මඩාටුගම ආඩියාගල මාර්ගයේ ගමනාගමන කටයුතු දැනට මාස 02ක පමණ කාලයක සිට සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බව උද්ඝෝෂකයෝ පවසති.
මේ හේතුවෙන් එම මාර්ගය භාවිතාකරමින් සිදුකළ ගල්කිරියාගම මඩාටුගම දඹුල්ල කැකිරාව අනුරාධපුර මහනුවර යනාදී සියළු පොදු ප්‍රවාහන සේවා ද ඇණ හිට තිබේ.
මඩාටුගම, පුබ්බෝගම කුලි ත්‍රිරෝද රථ රියදුරන් හා කිරලව, පුබ්බෝගම, උදුරුව, රණව, ගල්කිරියාගම යන ගම්මාන වල වාහන රියදුරන් මෙන්ම බස්රථ රියදුරන් ද ප්‍රදේශවාසීහු පිරිසක් ද මෙම විරෝධතාවයට එක්ව සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd