ක්‍රිෂාන් රණසිංහ යන නම ඔබේ දෑසට හුරු වන්නේ ජාතික සහ යොවුන් පුවත්පත්වල නිතර දකින්නට ලැබෙන ඔහුගේ නම නිසා විය හැකිය. ඒ, ඔහු ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන බැවිනි. මෙවර ඔහුගේ නම හා ගැටෙන මේ කතාව එවැන්නක් සඳහා නොව, ඔහු විසින් ගයන ඔහුගේ කුලුඳුල් ගීතය පිළිබඳවය. ඔහු මේ පිළිබඳව මෙසේ සඳහන් කළා.
“මම හේෂාන් ගමගේ ගුරුවරයාගේ කට හඬ පුහුණු පන්තියට සහභාගි වුණා. එහිදී මට අෂාන් ප්‍රනාන්දු මල්ලි මුණගැහුණා. පස්සෙ මම ඔහුට කිවුව මට ගීතයක් කරන ඕන කියලා. ඔහු මට ට්‍රැක් එකක් කරලා එවුවා. එය නිසල් ප්‍රනාන්දු තමයි පද රචනය කළේ. අපි ගීත තුනක් නිර්මාණය කළා. දැන් එක ගීතයක් නිකුත් කරලා තියෙනවා. ගීතයේ නම ‘කඳුළු අතරේ’ මේ දිනවල එම ගීතය ගුවන් විදුලියෙ ප්‍රචාරණය වෙනවා. ඊයේ තමයි එහි මියුසික් වීඩියෝවත් එළිදැක්වූයේ. එය සෙවුම් කළොත් යූ ටියුබ් වෙබ් අඩවියෙත් එය දැකිය හැකියි.”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd