(ඩයනා උදයංගනී)
කොළඹ, කොළොන්නාව, කඩුවෙල යන ප්‍රදේශවලින් එක් රැස්වන කසල බැහැර කෙරෙන කෙරවළපිටිය කසළ අංගනයෙන් දිනකට ටොන් 1,300ක් භාරගන්නා බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වුවත් ගෙනැවිත් ඇත්තේ කසළ ටොන් 600ක් බව පසුව හෙළිවූ බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
කසල ගෙන එන ලොරි රථවල බර කිරීම සඳහා තරාදියක් සවි කිරීමෙන් පසු මෙම කරුණ හෙළිදරව් කරගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා කීවේය.
කොළොන්නාව නගර සභාවේ ද කසළ ටොන් 40ක් බැහැර කෙරෙන බව සඳහන්ව තිබුණත් බැහැර කර ඇත්තේ ටොන් 12ක් බව හෙළිවී ඇතැයි කී අමාත්‍යවරයා පසුගිය කාලයේ කසළ මාෆියාව හේතුවෙන් සිදු වූ වංචනික ක්‍රියා රැසකට වැට බැඳීමට මේ වන විට හැකි වී ඇතැයි ද කීවේය.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් හඳුන්වා දෙනු ලබන මහල් නිවාසයන් හි ‘සම්පත් පියස’ විවෘත කිරීම අද (13) සිදුකෙරුණු අතර එම අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.
සාලමුල්ල ලක්සඳ සෙවන, මාළිගාවත්ත සියසෙත සෙවන, රාජගිරිය රෝයල් පාර්ක් යන මහල් නිවාසයන් හි ‘සම්පත් පියස’ විවෘත වූ අතර දිරණ කසළ නිවසේදී කොම්පෝස්ට් බවට පත් කර ගත හැකි කොම්පොස්ට් බඳුනක් එම නිවැසියන්ට ලබාදීම ද මෙහිදී සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සිටිය යුත්තේ මෙවැනි අමාත්යවරුයි. පේනවා නේද කසළ මාෆියාවේ තරම. මෙච්චර කාලයක් හොරකම් කරපු සල්ලි කවුරු අතරේ බෙදා ගත්තද කියලත් සොයා බැලිය යුතුයි.
හත්වලාමේ මේ උන්දැත් ඔය කියන අයත් එක්ක හිටියනේද පසුගිය කාලේ? දැන් කියන්නේ " නිව්ටන් ගේ හතරවන නියමය" හොයාගත්තා වගේ.
මෙච්චර කාලයක් තිස්සේ හෙව්වා මේ කසල මාෆියාව මොකක්ද කියලා, අදයි ඇත්තටම වැටහුනේ මේකෙන් යැපුණේ කවුද කොහොමද කියල. නැත්තන් අර කැනඩාවේ ලංකාවෙන් ගිය කෙනා, මා පෞද්ගලිකවම දන්නා කොරියාවේ ලාංකිකයා ඇතුළු තවත් බොහෝ කසල කළමනාකරණයේ නියමුවෝ රටට සේවයක් වශයෙන් නොමිලේ දෙන්න ගිය ප්‍රතිචක්‍රීකරන කම්හල් හා සේවා සියල්ලම ප්‍රතික්ෂේප කලේ මේකයි එහෙනම්...
හොදක් කරත් මිනිස්සු නරක විදියට බලන්න පුරුදු වෙලා. කුහක වෙලා. ඒ අපේ ජාතියේ වරදක්. කවුරු කලත් හරි දෙය හරි විදියටත් වැරදි දෙය වැරදි විදියට බලන්න. බුද්ධියට ඉඩ දෙන්න . මෙය හොද දෙයක්. ලංකාවේ ඔබගේත් මගෙත් සල්ලි තමයි හොර කරන්නේ. බලන කෝණය අන්තවාදී නොවී පුළුල්ව බලන්න හැම විටම. එක අපිටත් රටටත් හොදක් වේවි.