අජන්ත කුමාර අගලකඩ
කෙරවලපිටිය ඉදිරිකිරිමට යෝජිත මෙගාවොට් 300 ක අනාදෝලනාත්මක ස්වාභාවිත වායු විදුලි බලාගාර ටෙන්ඩරය චීන සමාගාමකට ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමැති අනුකමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇත.
එම කමිටුවට ඇමැතිවරයන්ට අමතරව, අමාත්‍යංශ ලේකම්වරයාත් කිහිපදෙනෙකු ද පත් කිරිමට අද (26) පැවැති කැබිනට් රැස්වීමේ දී තීරණය කර තිබේ.
ඒ අනුව රවී කරුණානායක, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු ද, මුදල් විදුබල හා බලශක්ති ඇතුළු අමාත්‍යංශ කිහිපයක ලේකම්වරු ද එම කමිටුවට පත්කරනු ලැබ සිටිති.
අදාළ විදුලි බලාගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සැළකිල්ලට ගනිමින් මෙම කමිටුව පත්කර ඇත.
එම කමිටුව ඒ පිළිබඳව විමර්ශන කර කැබිනට් මණ්ඩලය වෙත කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිතය.
එල්එන්ජී බලාගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය චීන සමාගමට පැවරීමට කැබිනට් මණෟඩලය මීට සති දෙකකට පමණ ඉහතදී තීරණය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් පෙන අහනවා කියන එකේ 21 වෙනි සියවස උදාහරණය මේක.
මේ කමිටුවට රවී සහ මලික් සුදුසු නැත.
මෙම විමර්ශනයට වඩාත් සුදුසු වන්නේ විගණාකාධිපති.
අනන් මනං කර කර කල් අරින්න ඕනේ නැහැ . ලංකාවේ සමාගමකට ලංකාවේ ප්‍රමුකතාව නැත්නම් ආණ්ඩුවක ඇති වටිනාකම් මොකක්ද