ඇසල පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් කුරුවිට ත්‍රිරෝද රථ සංගමය, නගරයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව එකමුතුවෙන කුරුවිට නගරයේ ඔරලෝසු කනුව අසලදී බත් දන්සැලක් දුන්ණේය.
කටුතියබරාව විහාරස්ථානයේ සිල් සමාදන් වූ උවැසි උවැසියන් පන් සියයක් දෙනාටද දහවල් දානය පිරිනමනු ලැබුවේද කුරුවිට ත්‍රිරෝද රථ සංගමය විසිනි.
බුදුන් වහන්සේ දේශනා කළ සමානාත්මතාව සංහිඳියාව ක්‍රියාවෙන් ඔප්පුකරදීම මෙම පුණ්‍ය කර්මයේදී සියලු ජාතින් එක්කර ගැනීමෙන් රටට පෙන්වාදුන් බව කුරුවිට ත්‍රිරෝද රථ සංගමය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේක දැක්ක ගමන් හිතුව අබ ඇටයක් තරම් වත් මොලයක් නැති අය අදහස් දාල ඇති කියල. හිතුව වගේම දාල. (ස)
කුරුවිට ජිවත්වන ජනතාව රටට හොඳ ආදර්ශයක් දීලා තියෙනවා. ඔය ගමට ජාතිවාදී ආගම් වාදී විෂබීජ අරන් එන මානසික රෝගීන් අහුවුනොත් ..ගමේ ඔක්කොම එකතුවෙලා ඒ පිස්සන්ට හොඳට බැස්ටිය දෙන්න.දේසපාලුවන්ට පැත්ත පළාතේ එන්න දෙන්න එපා.උන් තමයි ඔය ජාති ආගම්වාදී මානසික රෝගයේ වාහකයෝ. සිංහල,දෙමල,මුස්ලිම්,ක්‍රිස්තියානි,බුද්ධාගම් කියන මේ හැම ආගමකම හැම ජාතියකම අන්තවාදීන් ඉන්නවා.කිසිම කෙනෙකුට කියන්න බැහැ ' අපෝ අපි නැහැ ඕවට..' කියලා. ඒ අය නිසා අපේ රටේ නමට ඇතිවුන කැළැල් කවදාවත් මකන්න බැහැ. හිතන්න..කැඩුණු වීදුරුවක් කැළි කැළි එකතුකරලා ගම් ගාලා නැවත තිබුන විධිහට හදන්න පුළුවන්. නමුත්..වීදුරුවේ කැඩුණු තැන් ආයෙත් එකතු කලත් ...පිපුරුම් පැල්ලම්..එහෙමම තියෙනවා.පිඩාවට පත්වුන අයගේ හදවත්වල කොහේ හරි තැනක .ඒ වේදනාව රැඳිලා තියෙනවා.දිවි තියෙන තුරාවට, සසර සරණ තුරාවට ඔබ වැනි සහයෝගයෙන් ජිවත්වන පුරවැසියන් අපේ රටට වාසනාවන්. (ස)
ගොඩක් අය මේකට ලියල තියනවා බහු තරයක් සිංහල යාලුවොලු. සෞදි නිති නැහැලු. ජාති බේද අවුස්සන්න එපාලු. හරිම සන්තෝසයි නේද ? (නදී)
ෂරිය නීතියට සෞදි අරාබිය උදාහරනෙට ගන්නේ නැතුව ඉන්දියාව ගන්නද කියන්නේ? (නදී)
හොද ආදර්ශයක් හොදදෙවල් කරන්න ආගම බාදාවක් වෙන්නේ කොහොමද. හරිම උතුම් ක්‍රියාවක් (නදී)
අනේ, මටත් ඔය පෝලිමේ එන්ට තිබ්බ නම්. ඔබ සැමට තුනුරුවන්ගේම සරණයි. (නදී)
අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ අන් ආගම් වලට ගරු කරන්න කියලා. එහෙම එකේ අපි වෙන ආගම් එක්ක වෛර බදින්නේ මොකටද. තමන්ගේ ආගම හරියට අදහනවා නම් වෙන කාටවත් ගහන්න බනින්න දෙයක් නැහැ. කුරුවිටට මොකටද අබ සරණක්. ඔය දේශපාලුවෝ පස්සේ ගිහින් ආගම වාද ජාති වාද නිර්මාණය කරන්නේ නැතුව කුරුවිට අපි වගේ හැදෙන්න බලන්න. (නදී)
කළ වැඩය අගය කරනවා මිසක එම ක්‍රියාව බාල්දු කරන්න තරම් අකාරුණික නොවන්න. (නි)
අහිංසා ඔබේ අදහසට මමත් එකඟයි. (ස)
බොහොම සතුටුයි (නි)
මමත් කුරුවිට, මමත් දන්සලට ගියා. මස් මාළු නෙවෙයි ඔය තියෙන්නේ, අඹ මාළුවක්. ! (ස)
හොඳ වැඩක්. හැබැයි සරියා නීතිය මොන කියයිද?
කුරුවිට ට අබ සරණි. (අ)
කමල් ෂරියා නීතිය මොනවා කිව්වත් ජාතික සමගිය ඉතා වටිනවා. (අ)
මුස්ලිම් මිනිස්සු ඔකෝම නරක නැහැ. අන්තවාදීන් ගෙන් තමයි කොයි ආගමේත් ප්‍රශ්ණ. මාත් අරුදු 15 මැදපෙරදිග. මම හැම ආගමක මිනිසු ඇසුරු කරනවා.(අ)
දිනුක් ,සඳුනි ඔබලා හරි. (ස)
බලන්න බලන්න සතුටු ඉතිරෙනවා. (ස)
අපි ඉන්නේ ඩුබායි. මෙහේ තියෙන සමගිය අපේ රට ඇතුලෙත් මේ විදියට දකින්න ඕන. සතුටුයි. (ස)
කෙනෙකුට කෑම වේලක් දුන්නම එකෙත් ඇද පලුදු දකින උදවිය ඉන්නවානේ. (ස)
ලංකාවේ මිනිසුන් මාර බඩගින්නකින් වගේ ඉන්නේ. (නදී)
ලංකාවේ ඉන්න මිනිසුන්න්ට මේවා ගැන වටෙහෙන්නේ නැහැ. මම නම් ජාතිවාදයට අාගම්වාදයට තදින්ම විරුද්ධයි. අපි එක ජාතියක් වගේ ජීවත් වෙන්න ඕනේ. රටේ සමහර අය මේ වගෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ දරනවා. අපේ රටේ හැම දෙකටම වගකියන්න ඕනේ අපේ රටේ ජරා දේශපාලනයයි. (ස)
ගොඩක් හොඳ වැඩක්නේ. ඔය පෝලිමේ මුස්ලිම් අයත් ආවානම් තවත් අගෙයි නේද? පේන හැටියට ඉන්න අය සිංහල. (ස)
ස්වදේශිකයින්ගේ රටවල් වලට විදේශිකයින් සංක්‍රමණය උනාම එහෙම සංක්‍රමණය උන විදේශිකයින් අදහන ඇදහිලි ක්‍රම ආරක්ෂා කරගන්න ඔවුන් විසින් ගෙනාපු ක්‍රමයක් තමයි ඔය සංහිදියාව කියන්නේ. ඕනෑම රටක ඔය සංහිදියාව හරියට අර මී වදයක් වගේ. බැරි වෙලාවත් ගලක් වැදුනොත් ඉවරයි. ඇත්තටම සංහිදියාවෙන් ඉන්නවනම් එහෙම වෙන්නේ නැහැනේ. ලෝකේ කිසිම රටක කිසිම ආගන්තුක ආගමක් ඒ රටේ ස්වදේශීය ආගම එක්ක සහජීවනයෙන් ඉන්න බැහැ. හැමෝගෙම අවශ්‍යතාවයන් වැඩි වෙනකොට සහජීවනයක් නැහැ. යථාර්තය මෙයයි. (ස)
එහෙම කියන්න එපා. මම පොඩිකාලේ දන්සල් 5කට වත් ගොඩ වෙනවා එක රැයකින්. (ස)
හරිම සතුටුයි. මම නම් හැම දෙනාම සමග සමාදානයෙන් ජීවත් වෙන්න කැමතියි. (ස)
ඔය වගේම, අන්තවාදය පතුරවන එකත් නවත්වන්න. මේ ප්‍රශ්නවලට මුල එකයි. එතකොට අපි කාටත් සාමදානයෙන් ඉන්න පුළුවන්. (ස)
මුස්ලිම් කට්ටිය නෝම්බි. (ස)
ඇත්ත නේන්නම් මොහොමඩ් මතක් කලාට ස්තුතියි. (නදී)
සමගිය බලය වේ. මේක අපි නොදන්නවා උනාට අපේ හතුරෝ දන්නවා. ඒකයි අපි අතර තියන සමගිය නැති කරන්න හදන්නේ (නදී)
හරිම අගෙයි. ළඟ පාතක හිටියානම් මමත් යනවා බත් කටක් කන්න. (නදී)
සිංහල මිනිස්සු ඔකෝම නරක නැහැ. අන්තවාදීන් ගෙන් තමයි කොයි ආගමේත් ප්‍රශ්ණ. මගේ යහළුවෝ බහුතරයක්ම හෙළයෝ. (අ)
වැඩේ යස අගෙයි. රුවන්තිකා, ඔයාට අමතක උනාද මුස්ලිම් අය මේ දවස්වල නෝම්බි කියලා. වැරද්දක්ම නොසොයා හොද දේ අගය කරන්න මෙවන් උතුම් පෝය දිනකවත්. (නදී)
මේක හොඳ දෙයක්. හැබැයි මෙහෙම උඩින් ඉඳල යටින් උගුල් අදිනවා නම් එ්ක හොඳ නැහැ. අන්න ඒ විශ්වාසය තම වඩා වැදගත්. (නදී)
කෝ බොදුබල සේනාව ? (ස)
සිහලු අපේ දෙමලු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ .අපි එකමුතු වෙන දාට පරයන්ගේ බොටුව කැපේ .(සුරා පානයෙන් තොරව ) (ස)
මස් දානෙට දීලා ද? එහෙනම් නරක ආදර්ශයක්...(ස)
වැඩේනම් හොඳයි. හැබැයි අර බෙදන්නේ මස් මාලු නේද? මේ වගේ දවසටවත් ඒවා දැන් නැතිවෙන්නෑ වගේ. (ස)
කමල් ඔබතුමා , ශරියා නීතිය අනුන් කියනදේ හා මුස්ලිම් නමින් හඳුන්වන සමහර අයගේ ක්‍රියාවෙන් මනින්න එපා. ඉස්ලාම් හා ශරියා නීතිය කරුණාකර මාධ්‍යට ඉදිරිපත් කරන්න කලින් දන්නා කෙනෙක් ගෙන් දැනගන්න. ශරියා නීතියට සෞදිය උදාහරණයට ගන්නත් එපා. ස්තුතියි. (ස)
ඔය වගේ සමගිය උතුරන දසුන් දකිද්දී, ලේ පිපාසිතයින්ට නම් ඌරු ජුවල් යනවා ඇති. හිගන්නාගේ තුවාලේ වගේ ඔවුන්ගේ පැවැත්ම තියෙන්නෙත් ජාතිවාදය උතුරලා රට ගිනිගත්තොත් තමයි. හැබැයි, වැඩි කල් යන්න කලින් ඔවුන්ටත් අබ සරණයි. ඒක සහතිකයි. (නදී)
රුවන්තිකා නංගියේ අපේ මුස්ලිම් කට්ටිය මේ දවස්වල නෝම්බි නිසයි කට්ටිය නැත්තේ. (නදී)
ඉතාමත් වටිනා ආදර්ශමත් වැඩක්. අපිත් අපේ නගරයේ ළඟදීම මෙවැනි වැඩක් කරනවා. එක් එක් කණ්ඩායම්වලට වෛරය ක්‍රෝධය වැපිරීමට එරෙහි වෙමු. මේක අපි සියලු දෙනාගේ රට. (නදී)
ෂරියා නිතිය ඉස්ලාම් ආගමික නිතිය. අපි එ්කට අවනත වෙනවා. ඒ වගේම ලංකාවේ තිබෙන රෝම ලන්දේසි නීතියටත් අපි අවනත වෙනවා. මුස්ලිම් වරුන්ට වගේම , උඩරට සිංහල මිනුස්සුන්ට උඩරට නීතියක් තියෙනවා. යාපනේ මිනිස්සුන්ට තේසවලාමේ නීතියක් තියනවා. අපි එ්කේ වැරැද්දක් දකින්නේ නෑ. (නදී)