(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට තෙප්පනාව කළුදෙණිය පාලම ආසන්න මැණික් ඉල්ලම් ගෙන අවසන් කළ පතලක් වැසීමට යාමේ දී අද (2) සවස එහි ඉවුරු කඩා වැටී පුද්ගලයන් දෙදෙනෙකු ඊට යටවී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇති දෙදෙනා 56 හා 71 වයස්වල පසුවන්නෝ වෙති. තෙප්පනාවේ සිට මුදුන්කොටුව දක්වා යන අතුරු මාර්ගයේ කඩා වැටුණු මැණික් පතල පිහිටා ඇති බව ද මියගිය ලයනල් කරුණාතිලක මහතා (56) එහි බලපත‍්‍රකරු වන බවද පොලිසිය කියයි.

ඉවුර කඩාවැටීමෙන් පසු යටවූ දෙදෙනා අවට සිටි පිරිස් විසින් වහාම ගොඩට ගෙන තෙප්පනාව රෝහල ඇතුළත් කරනු ලැබුව ද ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.