
(අජන්ත කුමාර අගලකඩ)
ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස හෙට (05)වෙනම අසුන් ගනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.
ඇමති වාසුදේව නානයක්කාර මහතා ද ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම අසුන් ගනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කරනු ලැබුවද තවමත් ආණ්ඩු පක්ෂයේ කටයුතු කරමින් සිටිති.
විමල් වීරවංශ ,උදය ගම්මන්පිල යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කර ස්වාධීන වීමට නියමිත බව පැවසේ.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද අනිද්දා (06)පාර්ලිමේන්තුවේදී ස්වාධීන වීමට නියමිතව බව ආරංචි මාර්ග වලින් පැවසේ. ආණ්ඩුවේ අමාත්‍යධුර නොලැබුණු එහෙත් ,ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මෙම පිරිසට ඇතුළත් වනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තක්කඩියො තොපි........කෙබරයො.. විමල තමයි ලොකුම එකා
කැමති තැනකින් වාඩිවෙන්න.ආය ඡන්ද දිනන්න බැහැ.
ජනතාව මෙයත් ඉවත් කරලා තියෙන්නේ.. අයෙත් මේ අය සම්බන්දකරගෙන බෑ
මේ අය නම් තනිකරම බොරුව කරන්නෙ. මේ අය ජනතා විරෝධය අස්සෙ ෂේප් එකේ ඊලග ආණ්ඩුවක ඉන්න ක්‍රමයක් කල්පනා කරනවා.
මොන කැරලිකාර කණ්ඩායමක්ද මේ ... මේ අයගේ ඇති කැරලිකාර කමක් නැහැ. බොරු ජාතිවාදයක් මවලා,රට නොමග යවලා,බලයට ආවා.තම පැවැත්ම සඳහා අන්තිම මොහෙතේ ගිලෙන නැවෙන් පැන්නා.තවත් ජනතාව රවටනු බොරු ..
කැරලිකාර කණ්ඩායම???????
දහං ගැට නොගහ හිටපියව්,කාලකන්නි
කවුද කියන්නේ මේ ගොල්ලෝ කැරලිකාර කණ්ඩායම කියලා?මේ තුන්දෙනා නියම නළුවෝ..