නුගේගොඩ, හයිලෙවල් පාරේ කුරුල්ලන් වෙළඳාම් කරන්නේදැයි සොයා බැලීමට වැටලීම් කරන ලෙස කොළඹ ප්‍රදේශයේ පොලිසිවලට උපදෙස් දී ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඇසල පොහොය දා නුගේගොඩ, හයිලෙවල් පාරේ දෙල්කඳ ආසන්නයේ කුරුල්ලන් කුරුල්ලන් විකුණන බව එසැණ බදාදා හෙළි කළේය. කුඩා කුරුල්ලන් රාශියක් ඉතාමත් සීමිත ඉඩක් ඇති කූඩුවක සිර කර පාරේ යන එන අයට විකුණන බව එසැණ වාර්තා කළේය.
ඒ ගැන පොලිස්පතිට දැනුම් දීමෙන් පසු වැටලීම් කිරීමට උපදෙස් දී ඇතැයි පොලිසිය පවසයි.
නීතිය සමච්චලයට ලක් කරමින් මේ ආකාරයෙන් සිදුකරන වෙළඳාම පොලිස් නිලධරයන්ගේ ඇස් වසා සිදුකරනු එසැණ කැමරාවට හසුවිය.
කුරුල්ලන් මිලදී ගැනීමට එන තැනැත්තකුට කුරුල්ලකු අලෙවි කළේ කඩදාසි බෑගයක දමා වෙළඳපොළෙන් හාල් සීනි ගන්නා ආකාරයටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිනොපැද්දත් මෙහෙ තවමත් නිර්මල බුදු දහම තිබෙනවා නන්දලාල් (නි)
ඒ අහිංසක සත්තු එයාලගේ ලෝකයේ ඉන්න ඕන , ස්වභාව ධර්මයට පිටුපාන්න යන එක වැරදි , උන්ගේ ලෝකය රංචු ගැහිලා එකමුතුකමින් ඉන්න එක නේද , නන්දලාල් ඔයා ලංකාවේ කෙනෙක් නොවේද , ලංකාව නිර්මල ථෙරවාද බෞද්ධ රටක්, මිනිස්සු වැරදි කරනවා තමා , එත් ගගෙන් වතුර බීල මුහුදට ආවඩන්න එපා , (ම)
බුදුදහම අදහන කෙනෙක් විදියට මමනම් විශ්වාස කරන්නේ ගිය ආත්ම වල ඔය වැනි අයගෙන් කුරුල්ලන් මිලදී ගෙන නිදහස් කළ අය තමා ඔය කූඩු වල හිරවෙලා ඉන්නේ ගනුදෙනුකරු එනකම්.(ම)
කසුන් පවු කාරයෝ බුදුන්ගේ කාලෙත් හිටිය , දැනුත් ඉන්නවා , මතුවටත් එයාලගේ පැවැත්ම ඒ විදියටම තියෙයි එ්කට ඉතින් නිර්මල බුදු දහම මක් කොරන්නද ? බුදු හාමුදුරුවෝ කවදාවත් එපා කීවෙත් නැහැ කරන්න කීවෙත් නැහැ හැබැයි උන්වහන්සේ අපිට මාර්ගය පෙන්නුවා කළොත් මේකයි වෙන්නේ නොකළොත් වෙන්නේ මේකයි කියල ඉතින් මේ පවුකාර වැඩ කරන එවුන් දැනගන්න ඕන පවුකාර කමෙන් නිදහස් වෙන්න , ඔක්කොටම කලින් උතුම් බුදු දහම අඳුරගෙන ඉන්න (බ)
දැන් මේවා තහනම් නම් සාමාන්‍ය ජනතාව පෙන්නනකම් පොලිසියට පේන්නේ නැද්ද? (බ)
දෙල්කඳ පැත්තේ කුරුලු ජාවාරම කරගෙන ගියේ අද ඊයේ නොවේ. වසර අවුරුදු ගණනාවක සිටයි. පොලිසිය නින්දෙන් නැගිටලා තියෙන්නේ දැනුයි.(හේ)
ශ්‍රී ලංකාවේ කුරුල්ලන් විකිණීම තහනම්ද? මෙහේ නම් සමහර වෙළඳ ප්‍රදර්ශන හෝ සති පොළවල විවිධ සතුන් විකුණනවා. (නි)
ගහ කොළ , ගංගා ඇල දොළ සතා සිව්පාවා , ඇලේ දොලේ වෙලේ වැලේ වෙලී පිපෙන සුවඳ පිරි මල්වලට පවා පමණක් නොව මිනිසා එකිනෙකාට සෙනෙහස, ඇල්ම බැල්ම, ආදරය, කරුණාව දැක්වීමටත් බෞද්ධ දේශනාවට අනුව සංසාරගතව පුරුදු පුහුණු කරගෙන ආ පුරුද්දක් තිබිය යුතුයි (ම).