අද ඇසල පෝ දිනයයි. නුගේගොඩ, හයිලෙවල් පාරේ දෙල්කඳ ආසන්නයේ කුරුල්ලන් විකුණන්නෙකි. කුඩා කුරුල්ලන් රාශියක් ඉතාමත් සීමිත ඉඩක් ඇති කූඩුවක සිර කර පාරේ යනඑන අයට විකුණයි.
නීතිය සමච්චලයට ලක් කරමින් මේ ආකාරයෙන් සිදුකරන වෙළඳාම පොලිස් නිලධරයන්ගේ ඇස් වසා සිදුකරනු එසැණ කැමරාවට හසුවිය.
කුරුල්ලන් මිලදී ගැනීමට එන තැනැත්තකුට කුරුල්ලකු අලෙවි කළේ කඩදාසි බෑගයක දමා වෙළඳපොළෙන් හාල් සීනි ගන්නා ආකාරයටය.
සියලු සත්ත්වයන්ටම කරුණාව පැතූ බුදුන් වහන්සේගේ ගුණ සිහිපත් කෙරෙන ඒ වෙනුවෙන් සිල් ගුණදම් රකින අද වැනි පොහෝ දිනයක මෙවැනි වෙළෙන්දන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මහා මාර්ගයක දෙනෝ දාහක් ඉදිරියේ සිදුකරන මෙම ජාවාරම් පිටුපස සිටින අය කවුරුන්දැයි කාටත් ගැටළුවක් වී ඇත.
සැලලිහිණියන්, කොබෙයියන්, කහ කුරුල්ලන් වැනි කුරුල්ලන් විකිණීම නීතියෙන් තහනම් කර ඇත. බොහෝ කුරුල්ලන් විකිණීමේ තහනමක් නැතත් පොලිසිය පවසනුයේ සත්ව හිංසාව යටතේ ඔවුනට එරෙහිව නීති මගින් ක්‍රියා කළ හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙල්ලන්විල ප්‍රදේශයේත් මේ පිළිබඳව සොයාබලනවා නම් හොඳයි (නි)
කෝ රනිල් මහත්තයෝ නීතිය (බ)
කුරුල්ලා කෙසේ වෙතත් කිරිල්ලියෙක් නම් වනවන යනවා දැක්ක ! (බ)
විකුනන්නේ ගන්න හින්දනේ. නඩු දන්නා ඕනේ ගන්න මිනිස්සුන්ට (බ)
මෙම සත්ව හිංසන ව්‍යාපාරය ද තහනම් කලයුතු තරමට පැතිරෙන දෙයක් වී ඇත. මුදාහරින කුරුල්ලෝ යලිත් මුදාහරින තැන්වලින් කුඩු වලටම ආපසු ගනිති. මුදාහරින්නන්ගේ ඉල්ලීමමත කූඩුකාරයෝ කුරුල්ලන් කූඩු කරති. ඒ අනුව කුරුල්ලන් නිදහස්කර ආශිර්වාද ලබන්නෝ පවකට ඉඩකඩ ලබා දෙන්නෝ වෙති. චක්කරේ කොතනකින් හෝ නැවත්වීම යහපත්ය. (ර)
මිනිසා සහ රට ධාර්මික වියයුත්තේ එකවිටය (නි)
අනේ පවු දෙවියනේ අහිංසක සත්තු! (නි)
දුප්පත් මිනිහෙක්. ඒත් සල්ලිකාරයෝ කොච්චර පව් වැඩ කරනවද ? (නදී)
මේක කොහොමද පිංකමක් වෙන්නේ. (නදී)
තිරිසනෙක් අහිංසකයන් බිල්ලට දීමක්.(නදී)
වන ජීවීන් ගැන අගය දන්නැති මනුස්සයෙක්.(නදී)
හරීම තාත්වික ටෙලි නාට්‍යයක් වගේ. 2016 රයිගම් ටෙලි නාට්‍යය උළෙලේදී හොඳම නිලියට හිමි සම්මානය මේ ගැහැනු ලමයාගේ රඟපෑමට ලැබේවි. (නදී)
පින් මදි මිනිස්සු. මේ අයට ලබන ආත්මයේදී මිනිස් ආත්මයක් ගැන හිතන්නවත් බැහැ (නි)
මීටවැඩිය තව කොච්චර අපරාධ වෙනවා ඇද්ද? (නි)
උදේ හවස දහස් ගණන් මස් වලට සත්තු මරණ ලොකු මුදලාලිලා පින්කාරයෝද? (නි)
මහා පරිමාණ කුඩු කාරයෝ ගැන ලියන්න (නදී)
ගිය ආත්මේ කරපු පවු කුරුල්ලෝ ගෙවලා ඉවර කරනකොට මේ ආත්මේ අර මිනිහා පවු එකතු කර ගන්නවා ලබන ආත්මෙට.(හේ)
අනේ පවු නේද? (නි)