(තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල )
හානි පුර්ණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පතේ හි ඇතැම් වගන්තින් මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කරන ලෙස ඉල්ලා නීතිඥයකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
නීතිඥ දිනෙෂ් ද සිල්වා මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ තිබේ. නීතිඥ නයන්ත විජේසුන්දර මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමෙහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
මෙම පනත් කෙටුම්පතෙහි 16(1) ජේදය අනුව අවශ්‍ය දෙස් විදෙස් ප‍්‍රතිපාදන පාර්ලිමේන්තූ අනුමැතියකින් තොරව ලබාගත හැක.එමගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 3 4 සහ 12(1) වගන්තියෙන් ප‍්‍රකාශිත මුලික අයිතිවාසකම් උල්ලංඝණය වේ. එමෙන්ම මෙම කාර්යාලයෙහි ඕනෑම පාර්ශවයක් සමඟ ගිවිසුමකට එලැඹිය හැක.
මෙම පනත් කෙටුම්පතෙහි 7(2) ජේදය අනුව විධායක බලය අග‍්‍රාමාත්‍යවරයා හා විපක්ෂනායකවරයා වෙත මාරුවේ.මෙමගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 3 4 12(1) සහ 30(1) වගන්තියෙන් ප‍්‍රකාශිත මුලික අයිතිවාසකම් උල්ලංඝණය වේ.එමගින් පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd