කැළණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් රේල් බසයක ගැටීමෙන් අද (20) සිදු වූ
අනතුරින් මෝටර් රථය සිටි දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
එම දුම්රිය ගේට්ටුවේ මුරකරුවෙකු සේවය කළද අනතුර සිදුවන අවස්ථාවේදී ගේට්ටුව වසා නොමැතිව තිබී ඇතැයි කියති.
කොස්ගම බලා ධාවනය කරමින් තිබූ රේල් බසයේ ගැටුණු මෝටර් රථය මීටර් 20 ක පමණ දුරක් ඇදී ගොස් ඇත.
ප්‍රදේශවාසීහු අලවංගු ආධාරයෙන් මෝටර් රථයේ දොරවල් කඩා එහි සිටි පිරිස බේරා හෝමාගම රෝහලට ඇතුළත් කරනු ලැබූහ. අනතුරින් අවට පදිංචි පිරිමියකු හා කතක තුවාල ලබා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පෙට්ටි කීපයකින් සමන්විත බැවින් හදිසියේ තිරිංග තදකිරීම අපහසුය. දුම්රිය පාර හරහා ධාවනය කිරීමේදී මෝටර් රථ රියදුරන් ප්‍රවේශම්වීමට වගබලා ගතයුතුයි. මෙම ස්ථානයේ දෙපසට දුම්රිය මාර්ගය හොඳින් පෙනේ (නි)
මීට කලිනුත් ඔය කැබ් සමාගමේ රථයක් මීගමුව දුම්රිය මාර්ගයේ කඳාන හෝ ජා ඇල ප්‍රදේශයේදී දුම්රියක ගැටී විදේශයක සිට නිවාඩුවකට පැමිණි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වුණා. ලංකාවේ සිදුවණ දේවල් ගැන අහන්න දකින්න ලැබෙන විදියට අනෙක් අයට දොස් කියන්නේ නැතුව තමන් සැළකිලිමත් වෙනවා නම් මෙවන් අනතුරු වෙන්නේ නැහැ. (නි)
ස්ථීර මාර්ගයක ගමන් කරන දුම්රිය කවදාවත් හොයාගෙන විත් මහපාරේ අය යටකරන්නේ නැහැ. ඒ නිසා දුම්රියෙන් ප්‍රවේශම් වෙන්න කියන්න ඕනෑ පාරේ යන අයට මිසක් දුම්රියට නෙමෙයි. මේ රේල් බස් එක ධාවනය වෙන්නේ පීලි මත නිසා එය එකවර නැවැත්වීමත් දුම්රිය මෙන් අපහසුයි. (නි)
ශාන්, ඔබ දන්නවාද මෙය රේල් බසයක් වුණාට මහමාර්ගයක ගමන් කරන බසයක් වගේ තිරිංග ක්‍රියාත්මකකොට ඉක්මනින් නවතා ගැනීමට නොහැකි බව. අනෙක සම්පුර්ණයෙන්ම වැරැද්ද මෝටර් රථය පදවපු කෙනාගේ. අවබෝධයෙන් රථය පදවාගෙන ආයුත්තේ ඔහුයි. මෙය සම්පුර්ණයෙන්ම නොසැළකිල්ල මත සිදුවූ රිය අනතුරක්. මෙය මීටවඩා බර වැඩි දුම්රියක් වුවා නම් රථයේ පැමිණි සියලු දෙනාටම ජීවිතයෙන් පවා සමුගැනීමට අවස්ථාවක් වියහැකිව තිබුනා. මෙයින් ඔවුන්ගේ ජීවිත ගළවා ගැනීමට හැකිවීම ලොකු දෙයක්. (නි)
ලියනගේ මහත්මයා හරි. මෙය මධ්‍යම ප්‍රමාණයේ බස් රථ දෙකක එකතුවක් (නි)
මේ සැරේ අයවැයෙන් කෝටි ගණන් එක එක දේවලට වෙන් කළේ ..අැයි කෝටි ..500ක් විතර වෙන් නොකළේ මේ රේල් පාරවල් මහා මාර්ගයන්ට සම්බන්ධ ස්ථානවලට පාලම් බැන්දනම් මිනිස් ජීවිත අනතුරු වළක්වනවා සේම දීර්ග කාලීන විසදුමක් ලැබෙනවා නේද ..?(බ)
ඕක තමයි සිංහලයාගේ අපුරු ගුණය. කරදරයකදී සැවොම පිහිට වීම.(හේ)
දුම්රියක් වුනානම් ඉවරයි.(හේ)
මාලනි කියන දේ හරි.(හේ)
මේක බස් එකක්නේ මේක දුම්රියක් වගේ හදිසියේ නවත්වන්න අපහසු තවක් නෑ අනෙක මෙවන් පළාත්වල ධාවනය කරන විට බස් රථයේ රියදුරුද මනා කල්පනාවකින් දාවනය කළ යුතුයි අනෙක ඔහුට මේ අනතුර අවම කර ගැනීමට හැකියාව කොතෙකුත් තිබුනා අනතුරක් වළකාලීම සියලු රියදුරන්ගේ වගකීමක් දුම්රිය හරස් මාර්ග සුවන්ක්රීය ගේට්ටු නොමැතිනම් මාර්ගය පිලිබදව මනා අවබෝදයෙන් දාවනය ඔවුන්ගේ වගකීමක් (හේ)
මෙම දුම්රිය මාර්ගය ජනගහණය අධික ප්‍රදේශයක ධාවනය වන නිසා පාලම් උඩින් තිබුනා නම් හොඳයි. එතකොට වාහන වලටත් පහසුයි. පොලව යටින් උමං මාර්ගයක ගියා නම් වැඩිය හොඳයි. එ්ත් අපට එච්චර සල්ලි නැහැනේ. (නි)