ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට අල්ලස් කොමිසමේ නිලධාරීන් පාර්ලිමේන්තුවට එන බව ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ආණ්ඩුව තීරු බදු රහිත මිලට මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහනයට අමතරව තවත් සුපිරි වාහනයක් අල්ලසක් ලෙස ලබාදෙන්න කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් සිටින බවත් අල්ලසට මීට වඩා හොඳ නිර්වචනයක් ඇතැයි තමා නොසිතන බවත් මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියත ලෙසම ඒකාබද්ද විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් තිරු බදුරහිත වාහන නොගෙන ජනතාව ගැන සිතා ප්‍රතික්ෂේප කරාවී.(හේ)
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙකුට ඔව්ව හොඳට හුරුපුදුයි! 2005න් පස්සේ වැඩිපුරම සිද්ධ වුනේ ඕක නේ! හැබැයි එදා කාර් හම්බ වුනේ නායක හාමුදුරුවරුන්ට විතරයි, මෙයාලට හම්බ වුනේ මොනරුන්ගෙන් මිලියන ගණනින්! (බ)
මේගොල්ලන් අල්ලස් ගැන දන්නෙම නැහැ. හරි හොඳ අය නේද? (නි)
මේ අහිංසක කට්ටිය අල්ලස කියන වචනේ අහාපු මුල්ම අවස්ථාවනේ මේ? (හේ)
මෙයාලා හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුනා කියලා වෙන්න ඇති. අනේ මගේ කට! (නි)
මෙන්න බොලේ බණ කියනවෝ.(හේ)
මාලු ඉන්නේ වතුරේනම් ගොන්නු ඉන්නේ කැලේනම් ආයුද ආම්පන්න තියාගෙන ගෙට වෙලා ඉදල වැඩක් නැනේ (බ)
18 සංශෝධනය කරනකොට ඔයාලා නිදාගෙනද හිටියේ? (නි)
මෙයාලා පසුගිය රජය කාලේ කොහෙද හිටියේ? (නි)
ඔතන ඉන්නේ කතාකරලා තේරුමක් නැති කට්ටියක් (නි)
අනේ ඩලස් ඔහේ රෙදි ඇඳන්ද අල්ලස් ගැන නිර්වචන දෙන්නේ..(බ)
එක් කෙනෙක් සීගිරිය බලන්නවත් ගිහින් නැහැ. තව කෙනෙක් ආත්ම ගෞරවය සම්පුර්ණයෙන් අයින් කරලා ඇමතිකමක් ගත්ත කියල ප්‍රසිද්ධියේම කියපු කෙනෙක්. මැද්දෙන් ඉන්නේ මහින්ද මහත්තය කරපු කියපු හැම එකකටම යර්ස් සර් කියපු කෙනා. ඉතින් මෙතුමාලා කියන දේවල් කොහොමද පිළිගන්නේ ? (බ)
එයාලගේ කාලේ ඔහොම දේවල් උනේම නැහැනේ. (ර)
කවුරුත් දන්නවා මේ සියල්ලෝම රථ ගායෙන් පෙළෙන වග. ඉතින් එයට පිළියම් යෙදීම වරදක්ද? (නි)
ඔය කොයි කවුරු ගැනත් දැන් අපි හොඳින් තේරුම්ගෙනයි තියෙන්නේ (නි)
පක්ෂ පාට වැඩක් නැහැ... වැරදි නම් , වැරදි කියන්න. (ර)
මේගොල්ලෝ නම් ඔය වාහන ගන්න එකක් නැහැ එ්ක ෂුවර්. බොරුනම් බලන් ඉන්නකෝ. (බ)
දේශපාලකයෝ කොහොම සැළකුවත් සෑහීමකට පත්වෙන්නේ නැති කොට්ඨාශයක්. (නි)
ඔයාලා යන්නේ පරම්පරාවෙන් ලැබුන වාහන වලින්ද? (නි)
මන්ත්‍රීවරු කොහොමත් බිලි බාන්න දෙයක් නෑ.(හේ)
වාහන කෙසේ වෙතත් මේ අයට දැන් මන්ද පෝෂණය බලන්න, ජරාව නැතිව ඇදිලා ගිහිල්ලා වගේ ? (හේ)
ඉතිහාසයේ ප්‍රථම වතාවටනේ මේ වගේ පොදු දේපල මිලියන ගණනින් හොරකම් කළ මන්ත්‍රීන්, රාජ්‍ය නිලදාරීන් ඉන්නේ. මීට පෙර දේශපාලනය කරපු අය රටට සේවය කළා මිසක් මේ වගේ පවුල් පිටින් මහා ධන සම්බාරයක් හොරකම් කර නැහැ (නි)
අනේ පවු! මේ දේශප්‍රේමීන්ට තවත් ලැජ්ජා නැහැ. දේශප්‍රේමය කියන්නේ පාස්පෝර්ට් කීපයක් තියා ගැනීමද? ලිපි ලේඛන වංචනිකව සැදීමද? (නි)
අනේ මේවගේ තුප්පහි රාලලා ටිකක් (අ)
අපි නොදන්න මේගොල්ලෝ ගැන. මෙයාලගේ ලොක්කා ඒ කාලේ කෝටි ගණන් දීල මන්ත්‍රීන්ව බාගත්ත හැටි අපි දන්නේ නැහැනේ. (අ)
ඩලස්, වංශ, වාසු මොනවද මේ කරන්නේ කියලා එයාලවත් දන්නේ නැතුව ඇති (නි)
ඒකාබද්ධ ඔබලාගෙන් කීදෙනෙක් වාහන ගැනීම ප්‍රතික්ෂේප කළාද? බලපත්‍රය විකුණුවාද? පුලුවන්නම් ප්‍රසිද්ධියේ කියන්න (නි)
අනේ! අපිට කතා ඇති දැන් (නි)
ගන්න තරම් වටින අය ඔය පක්ෂයේ ඉන්නවද (බ)
පලකරල තියෙන අදහස් දිහා බැලුවහම පේන්නෙ මේ රටේ බහුතරයක් මිනිස්සු පුදුම ආසාවකින් ඉන්නව වගේ මැති ඇමතිවරු ජනතා මුදල් කෝටි ගනන් වියදම් කරල අනවශ්‍ය විදිහට සුපිරි වාහන ගෙන්වනකම්. සමහර විට දැක්කත් සැපයි කියල හිතනව වෙන්න ඇති. (බ)
ඩලස් මහත්තයෝ, නිකම් කඩදාසි ඉස්සුවට අසන්නන්ට නරඹන්නන්ට කිසිවක් කියවා බලා අවබෝධ කරගන්නට පෙනෙන්නේ නැත. එනිසා තව මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කරන්න දැනට වැරදි ලෙස සංවර්ධන සභාපතිවරු පත්කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මොනවද කියා.ඊළඟට පැහැදිලි කරන්න මන්ත්‍රීවරයෙකුට වරස දෙකක් ඇතුළත තීරුබදු සහන වාහන දෙකක් ලැබෙනවද කියා. මෙහෙන් වාහන මිල වැඩිකරලා මන්ත්‍රීවරුන්ට නොමිලේ වාහන දෙක ගණනේ ගෙනෙනවද? (නි)
යුද්ධය දිනීමෙන පසු හරියට වැඩකළා නම් රට ජාතියට මෙවැනි විපතක් වෙන්නේ නැත. (නි)
ජය වේවා ඒකාබද්ධ ඔබලාට (බ)
ඩලස් හරි ඇති. මොකද ඔය වගේ අල්ලස් දී ජනතා නියෝජිතයන් තමාගේ පැත්තට අරගෙන කරන කාටුන් සෙල්ලම් අපි වගේ සාමාන්‍ය ජනතාවට වඩා මේ අය හොඳට දන්නවා. (නි)
අන්න හරි, එක කාර් එකකින් නම් වැඩක් නැහැ කියල කල් ඇතුවම ඔහොම අනතුරු ඇඟව්වහම ඒ ගොල්ල බය වෙලා අල්ලස ඩබල් කරයි. (බ)
අතීතය නැවත.(හේ)
දැන් මේ ප්‍රකාශයට විරුද්ධව අදහස් පළකරන අය කියන්නෙ ජනතා මුදල් කෝටි ගණන් වියදම් කරලා මැති ඇමතිවරු අනවශ්‍ය විදිහට මේ වගේ සුපිරි වාහන ගෙන්වන එක හරි කියලද? (නි)
ඔය හැමෝගෙම හදවතට තට්ටු කළොත් හොඳ නිර්වචන එළියට පනීවි (නි)
සාමාන්‍යයෙන් මාළුවට ඇමට දෙන්නේ පරණ පාන් කැල්ලක් හරි පණුවෙක් ඉතින් මෙයාලට කාර් එපා කියන්නේ ලැම්බෝගිනිද ඉල්ලන්නේ නිකම් දෙන අස්සයගේ දත් ගණන් කරන කට්ටියක් පසුගිය කාලේ හොරෙන් කාපු හැටි අමතකයිද (බ)
අපිට කියන්න බලන්න කොමියුනිකේෂන් එකක් කරලා කෝටි පහක ගෙයක් හදපු හැටි. (බ)
මළ හත්තතිලව්වේ කෑ ගගහ ඉන්නේ නැතුව ඕක නොගෙන ආදර්ශමත් බවක් පෙන්වන්නකෝ. ඕකත් අරන් බොරුවට අපිට ඇහෙන්න කෑ ගහනවා. අපි නොදන්න බබාල ටික. (බ)
මේගොල්ලෝ මෙච්චරකල් රහත්වෙලා වගෙයිද ඉඳලා තියෙන්නේ? (නි)
කෑ නොගහා තමන්ට ලැබෙන වාහනය නොගෙන රටට ඇත්තටම ආදරෙයි කියලා ක්‍රියාවෙන් පෙන්වන්නකෝ (නි)
ජනතාව අහුවෙන්නේ නැහැ දැන්. නියම පිළිතුර 2020 ලැබෙයි (නි)
ඔය ළඟ ඉන්න අයගෙන් ඔයිට වඩා හොඳ නිර්වචන අහගන්න තිබුනනේ. (බ)
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔබතුමාලා අල්ලස් ගත්තයි පිළිගන්නවා. එතකොට නොගත්තා නම් අල්ලස් කොමිසමට ආවහම මොකද? (නි)
අල්ලස්ස් කොමිසම කොහොමද? ඒ කලේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනේ ලොක්කට ඉහලින් වැඩ කරපු සියලු දෙනාට වුන දේ ඔබලාට අමතක වුනාට අපට අමතක නැහැ (හේ)