විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියා රැකියා දෙන බව පවසා රුපියල් දස ලක්ෂ ගණනින් වංචා කළැයි කියන එස් ඩී ටී ක්‍රිස්ටීන් දිල්හාරි අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පොල් රතු වරෙන්තුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (14) නිකුත් කළේය.
අංගොඩ කොටිකාවත්ත සාප්පු සංකීර්ණයේ අංක දෙක දරණ ස්ථානයේ පදිංචිව සිටි දිල්හාරිගේ සැමියා මේ වංචාවේ මහ මොළකරු බවත් දිල්හාරි විදේශ රටක සැඟවී සිටින බවට තොරතුරු ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
පානදුර ඉබ්‍රහීම් පාරේ අංක 11 දරණ ස්ථානයේ සමන්තිලක දර්ශන උද්‍යාන නොහොත් මොහොමඩ් වෂිර්, කළුබෝවිල කවුඩාන පාරේ අංක 105 දරණ ස්ථානයේ සිත්ති නෂිමා නීෂාම්දීන්, කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ අංක 59/2 ස්ථානයේ වන්නි ආරච්චිගේ විශ්ව තරංග ෆොන්සේකා සැකකරුවෝය.
පළමුවැනි සැකකරු කොළඹ ගාලු පාරේ අංක 594/1/4 කේ එල් සී ප්ලේස්මන්ට් සර්විස් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් කන්තෝරුවක් පවත්වාගෙන යමින් මෙම බොරු රැකියා මධ්‍යස්ථානය පවත්වා ගෙන ගොස් ඇතැයි රහස් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ පොඩ්ඩක් සොයාබලන්න. දැන් දැන් ඔක්කොම සරණාගත ලේබල් ගහගෙන එනවා. බහුතරයකගේ හැසිරීම අපිට නම් අල්ලන්නේ නැහැ. (නි)
ඡායාරූපයකුත් පළකළා නම් විදේශ රටවලිනුත් ඔත්තු ලැබෙන්න පුළුවන්. (නි)
මෙයාටත් ඡන්දය ඉල්ලන්න සුදුසු කමක් තියෙනවනේ . (අ)
කොහොමහරි අල්ලාගන්න පුලුවන් වුණොත් නම් හොඳයි (නි)