දකුණු කොරියා භාෂා ප්‍රවීනතා විභාගයෙන් සමත්වූවන් සඳහා සම්මුඛ පරීක්ෂණ ජූලි 13 සිට 17 දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී හා පුහුණු මධ්‍යස්ථාන 8කදී පැවැත්වීමට නියමිතය.
විභාගයෙන් සමත්වූවන්ගේ නාම ලේඛනය මේ වන විට කාර්යංශයේ වෙබ් අඩවියේ පළ කොට ඇත.
මෙවර කොරියා භාෂා ප්‍රවීනතා විභාගයට 13083 දෙනෙක් පෙනී සිටියහ. 4294 දෙනෙක් සමත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ ගැටලුව සාධාරණය. ඔබට නිෂ්පාදන අංශය වෙනුවෙන් පැවති විභාගයට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නේනම් යා හැකි විය යුතුය. නොඑසේනම් ගෙවූ රු.3000/= නැවත ගෙවිය යුතුය.(ම)
කොහෙද ඉතින් ලංකාවේ අධ්‍යාපනයට කිසිම ප්‍රගතියක් නැත. දේශපලුවට සහ දේශපාලුවන්ගේ බේබි ලාට සැප පිණිස මහජන මුදල් වෙන් කරනු ලැබේ. නැවත වරක් එම තත්වය උදාවනු පිණිස වසරකට කිහිප සැරයක් පවත්වන ඡන්ද සෙල්ලමට ඔබගේ මනාපය ලෝභ නැතිව නැවත ලබා දෙන්න. (ස)
මම 2015 මාර්තු මස පැවති කොරියානු ධීවර අංශයට පමණක් පැවති විභාගයෙන් ලකුණු 148 ක් අරගෙන සමත් වී දැනට කොරියානු වෙබ් අඩවියේ නමද අැතුළත් වී ඇත. අාරංචි වලට අනුව ධීවර අංශය ඉතාමත් අනතුරු රැකියාවක් වේ. කරුණු එසේ හෙයින් 2015 ජුනි මස නිෂ්පාදන අංශය වෙනුවෙන් පැවති විභාගයට රු 3000 ට වැඩි මුදලක් ගෙවා ලියා, ලකුණු 136 අරගෙන සමත් වුණෙමි. ගමන් වියදම් අැතුලුව රු.10,000ක් පමණ වියදම් වි ඇත.(අනුරාධපුර සිට). නමුත් විදේශ සේවා එක දැන් පවසන්නේ මම කොරියාවට ධීවර අංශයෙන් පමණක්ම යායුතු බවයි. අංශ 2න්ම මුදල් ගෙවා ලියූ විභාගය සමත් වී සිටින මට, මම කැමති නිෂ්පාදන අංශයෙන් යාමට නොහැකිද? මා මෙන්ම මෙම අසාධාරණයට පත් වී සිටින පිරිස බොහෝය.අපිට මේ ප්‍රශ්නය කියන්නට කෙනෙක් නැත. කරුණාකර අපිට සාධාරණයක් ලබාදීමට උත්සාහ කරන්න. (නි)