අක්කර 1800 ක කර්මාන්තපුරයක් අම්බලන්තොට මාලජ්ජාව, අරවණමුල්ල, සිසිලසගම, පහළ බැරගම ගම්මානවල ඉදිකිරීම සඳහා පැමිණි මිනින්දෝරු නිලධරයන්ට ගැමියෝ විරෝධය පළ කළහ.
දකුණු පළාත් නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් හම්බන්තොට ප්‍රා ලේකම් , ග්‍රාම නිලධාරී ඇතුළු පිරිස හැරී ගියහ.
ගැමියෝ කියා සිටියේ හම්බන්තොට ඕනෑ තරම් මුඩු ඉඩම් තිබියදී ගැමියන් පදිංචි ඉඩම් මැරුවත් නොදෙන බවයි.
අරවණමුල්ල ශ්‍රී සෝමාලෝක විහාරයේ පැවැති රැස්වීමට ගැමියෝ ද පැමිණ සිටියහ. රජයේ නිලධරයන් කියා සිටියේ රජයට ගන්නා ඉඩම්වලට වන්දි දෙන බවයි. රජය මීට පෙර කියා තිබුණේ චීන රජයේ සහායෙන් ආයෝජන කලාපයක් හම්බන්තොට ඉදිකරන බවයි.
විදෙස් ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 3000 පමණ තෝරා ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් එච් කරුණාරත්න මහතා පැවැසීය.
ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු තවම ආරම්භ වී නැතැයිද තවමත් සිදු වන්නේ ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම පමණක් යැයිද ජනාවාස ප්‍රදේශ මඟ හරිමින් ඉඩම් තෝරා ගැනීමට හැකිතරම් වෙහෙසෙන්නේ යැයිද දිස්ත්‍රික් ලේකම් වරයා කීවේය.
තවමත් බඩම් හඳුනා ගැනීම සිදු කරන බැවින් ජනතාව කලබල වීමට කිසිදු හේතුවක් නැති බවත් රාජ්‍ය නිලධාරින් සඳහා අවශ්‍ය දැනුම්වත් වීම් කරගෙන යන බවත් දිස්ත්‍රික් ලේකම් කරුණාරත්න මහතා සඳහන් කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳෙන් ගෙනල්ලා දෙන හාල් වලින් උයන බත් බුදින්න කැමති, අවුරුදු සීයක් තිස්සේ ධනපතින්ගේ භංගවීම ප්‍රාර්ථනා කරන ප්‍රජාවකට කර්මාන්ත ශාලා වලින් වැඩක් නැහැ. ඒ වෙනුවට පන්සල් වත්තේ තාප්පයත් ගේට්ටුවත් රන් වැටකින් නිර්මාණය කර දෙන්න. (නි)
හිමාල්, යමක් පැවසීමට පෙර තවවරක් හිතන්න (නි)
කොළඹ හෝ වෙනත් ප්‍රධාන නගරයක, කූල් කාමරවල කල් මරමින් හදන ප්ලෑන් වලට වඩා, ඒ ප්‍රදේශවල ජීවත්වල අසරණ දුප්පත් ජනතාව දන්නවා පළාතේ තිබෙන ඉඩ කඩම් ගැන. කාගේ වුවමනාවටද ජනතාව එලවා දමා, යන්ත්‍ර සුත්‍ර සවිකිරීමට හදන්නේ. තුට්ටු දෙකක්දි, ප්‍රයෝජනයකට ගැනීමට අපහසු ඉඩම් වලට ජනතාව තල්ලු කිරීමට අර අඳින නිලධාරින්ට පැළදවීමට ඔය පළාතෙන්ම අවශ්‍ය කරන මී හරක් අං තට්ටු සුදානම් කර තබා ගන්න...(බ)
මෙහෙම ගියාම මිනිස්සුන්ට ජීවත්වෙන්න තැනක් තියෙයිද කර්මාන්ත ඕන මිනිස්සු ජීවත් වීන ඕන ඊට කලින් (බ)
හම්බන්තොට ඕනෑතරම් මුඩු ඉඩම් තිබුන කාලයක් බොහොම ඉස්සර නම් තිබුනා. (නි)
දිරිය මිනිසුනේ, නුඹලාගේ ඉපැරණි ගම්බිම් කුණුකොල්ලයට තියා කීයටවත් අයත් කරගන්න දෙන්න එපා. ඔවුන් ඔබ කර්කෂ මුඩු බිම්වලට තල්ලු කර පොහොසත් විදේශිකයන් පිනවීමට මේවායේ සුපිරි හෝටල් තනාවී. කර්මාන්ත කතාව එන්නේ පස්සේ. (නි)
මෙච්චර මුඩු ඉඩම් තියෙද්දී මොනවද මේ වැඩ? (නි)
කලින් ඉදිකළ කර්මාන්ත පුර සමහර කර්මාන්ත වසා තිබේ. ඒවා හොදින් නිරීක්ෂණය කර ඒවායේ වැඩ පටන් ගන්න. අක්කර 1800 ගස් කපන්න එපා. (බ)
කර්මාන්තපුරේ ඉදි කළාම මෙයාලගේ කවුරුවත් එන්නේ නැතිව ඉඳී නේද එකේ රස්සා කරන්න? (බ)