( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තංගල්ල ‘ද නේචර් ‘ හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණය මඟින් තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචාන පෙත්සම් සලකා බැලීම ලබන සැප්තැම්බර් 15 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය ඊයේ (06) තීන්දු කළේය. මෙම අභියාචන පෙත්සම් දෙක ඊයේ (06) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලී විජේසුන්දර සහ විනිසුරු ලලිත් ජයසූරි යන මහත්ම මහත්මීන් හමුවේ සලකා බැලු අතර එහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම් සලකා බැලීම මෙදින තීන්දු කරන ලදී.
තංගල්ල ප්‍රාදේශීය සබාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ , උඩුවේගෙදර සම්පත් දේශප්‍රිය , ප්‍රගීීත් චතුරංග සහ ළහිරු කැලූම් නැමැත්තන් විසින් තමන්ට පැනවූ සිර දඬුවම ලිහිල්කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා එක් අභියාචන පෙත්සම් ගොනු කර තිබිණ. මේ අතර විත්තිකරුවන්ට පැනවූ සිර දඩුවම් මරණ දඬුවම දක්වා වැඩි කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් තවත් අභියාචන පෙත්සමක්ද ගොනු කරනු ලැබීය.
2011 වසරේ දෙසැම්බර් 25 වැනදා තංගල්ල නේචර් පාක් හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කරන ලදැයි අතුළු චෝදනා 17 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කරන ලදී. නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීම, අයුතු ජනරාශිය , මිනීමැරීම , ස්ත්‍රී දූෂණය ඇතුළු චෝදනා එම අධි චෝදනා වලට අයත් විය.
මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසු විනසුරු රෝහිනී වල්ගම මහත්මිය 2014 ජූලි 17 වැනිදා සිය තීන්දුව ප්‍රකාශ කරමින් විත්තිකරුවන්ට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව හැර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් අමන නීතියක් තියන රටක් ලෝකේ කොහෙවත් නෑ.කරන්න තියන දහදුර වැඩ සේරම කරලා සුදු ඇඳගෙන නීතියට අභියෝග කරන මිනීමරුවන්ට අනිවාර්යෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කලයුතුයි.
සියලුම ජනයා බලාපොරොත්තුව වන්නේ නීතිපති ඉදරිපත් කර තිබෙන අභියාචනා පෙන්සම ක්‍රියාත්මක කරාවි කියලයි. ඔවුන් මේ කරපු සහාසික අපරාධය එතරම්ම ම්ලෙච්චයි. ජනවාරි 8 වෙනිදා දුර්දාන්ත පාලනය පෙරලුනේ නැතිනම් මේ කාමාතුරයන් තවමත් නිදැල්ලේ එහෙනම් .
මුළු ලෝකයේම අවධානය යොමුකර විය යුතු නඞුවක්.