තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී 2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් මරා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණය කළැයි තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු හය දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන සිකුරාදා (18) ලබා දීමට නියමිතය.
මාස තුනක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ නඩුව විභාග විය.
ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය, සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග, එම් සරත් හෙවත් සහන් හා ප්‍රගීත් චතුරංග වගඋත්තරකරුවෝය.
ඇප ලබා සිටි හිටපු ප්‍රාදේශීය සභාපතිවරයාවරයා නඩු විභාගයට නොපැමිණීම නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නඩුව අතරතුරේ දී වරෙන්තු නිකුත් කැරුණු අතර රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගැනුණු සභාපති නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඩ් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව වගේ රටක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. (නි)
ඉවසලා බලමුකෝ, තව දවස් කීපයයිනේ (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුමයි (නි)
වැරැද්දක් කර ඇත්නම් නීතියෙන් ගැළවුණද ස්වභාව ධර්මය විසින් දඩුවම් දෙනු ඇත (නි)
පව්. අහිංසකයො පස්දෙනාට කරදරයක් වෙන එකක් නැහැ මගෙ හිතේ. (නි)
මොනවා වෙයිද කියලා හිතට බයක් දැනෙනවා (නි)
හිතනකොටත් බයයි (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
සමහරවිට නීතියෙන් වරදකරු වී හිරේ නොයා නිදහස් වෙන්නත් පුලුවන් (නි)
තීන්දුව අත්හිටවූ සිරදඩුවමක් වුණොත්? (නි)
සාධාරණ තීන්දුවක් අපේක්ෂාවෙන් අපි බලා සිටිනවා (නි)
මොනවා වෙයිද දන්නෙ නැහැ නේද? (නි)
සත්‍යා කියන එක හරි. (නි)
මෙතනදී සාධාරණය ඉෂ්ට නොවුණොත් ආයෙත් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. (නි)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලැබේවා! (නි)
මේ නඩුවේදී සාධාරණයක් ඉටු නොවුණොත් අපි කාටවත් ශ්‍රී ලාංකිකයන් හැටියට ජාත්‍යන්තරයට මුහුණ දෙන්න බැරි වේවි. (නි)
ලස්සන ඇඳුම් ඇඳලා නටන නැටුම් වගේම, නිරුවත පෙන්වමින් නටන නැටුම්ද ලෝකයේ තිබෙනවා. ගෝත්‍ර සමාජ නිරුවතින් නැටුවා කියා ඊට විරුද්ධව කවුරුත් ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඒ හැසිරීම සංස්කෘතියේම අංගයක් වන නිසා වෙන්න පුලුවන්. වසර දහස් ගණනකට උඩදීත් අපේ මුතුන්මිත්තන් විලි වසාගත්තේ ලැජ්ජා බය තිබුන නිසයි. අද මිනිසුන් ඕනෑම පහත් වැඩක් කර ඒ ගැන ආඩම්බරත් වෙනවා. (නි)
ස්ත්‍රී දුෂකයන්ට රැකවරණය දෙන, ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන උදවියට දෙවියන්ගෙන් දඬුවම් ලැබෙයි කවදාකහරි (නි)
අපිට දැන් ලාංකික කාන්තාවක් කියලා පිටරටකට සංචාරකට ගියත් කියන්න ලැජ්ජයි. මේ රටේ බවලතුන්ට උපන්දා ඉඳලා වෙන කරදර වල හැටියට මෙහෙ ඉපදුන හැම කාන්තාවක්ම දෙසම මිනිසුන් වපර ඇසින් බැලීමේ දිනය වැඩි ඈතක නෙමෙයි (නි)
ස්ත්‍රී දුෂකයන්ට හෝයියා කියන උදවිය තමන්ගේ මවගේ මුහුණේත් දැලි ගෑවා කියලා හිතාගන්න වෙනවා. (නි)
සමහර අවස්ථා වල ස්ත්‍රී දුෂකයන්ට නිදැල්ලේ ඉන්න හේතු වෙන්නෙත් කාන්තාවන් විසින් ඔවුන්ට ආරක්ෂාවීමට මඟ පාදාදීමයි. (නි)
මේ නඩුවේ තීන්දුවට මගේ ප්‍රතිචාරය මම පෙන්නන්නේ මගේ ඡන්ද අයිතිය පාවිච්චි කරලා. (නි)
"පිටේ "මම ස්ත්‍රී දුෂකයෙක්" කියල ලොකුවට කොටන්න තියෙන්නේ" පිටේ නොවෙයි හලෝ නළලේ කොටන්න ඕනේ. අනික් මිනිසුන්ට වගේම තමන්ටත් හොඳට පෙනෙන්න. (නදී)
නඩුවක් තීරණය වෙන්නේ අපි දන්නා දේ මත නොවේ. එම දන්නා දේවල් ඉදිරිපත් වෙලා තියන සාක්ෂි මත සාදාරන සැකෙන් ඔබ්බට ඔප්පුවෙලා තියනවද කියන එක මතයි. (නදී)
"ස්ත්‍රී දුෂකයන්ට හෝයියා කියන උදවිය තමන්ගේ මවගේ මුහුණේත් දැලි ගෑවා කියලා හිතාගන්න වෙනවා. " එහෙම කියන යට අම්ම හෝ වෙන ගැහැණු කෙනෙක් කියා වෙනසක් නැත. ඒගොල්ලන්ට කවුරුත් එකය (නදී)
මෙය ඉතා හොද නඩු තීන්දුවක් වේවි. මොකද රුසියාව සහා එංගලන්තය මේ තීන්දුව දෙස බලා සිටින නිසා. ලංකාව රුසියාවට තරහා කරගන අකමැති නිසා. (නදී)
මම නම් විදේශ ගතවී හිර ගෙවල්වල ඉදලත් තියෙනවා හොරකම් කරලා ගෙවල් බිදලා නෙවෙයි. කවුරු කොහොම හිතුවත් සදාරණය නැත්තේ අපේ රටේ විතරක් කියල තමන්ගේ රටත් වෙන රටකුත් අතර නඩුවක් පවතින විට නඩුකාරයන් පවා නොපෙන්නුවට තීන්දු දෙන්නෙත් ,අනෙකුත් සැම දෙනාම ක්‍රියා කරන්නෙත් තරමක් පක්ෂක්ග්‍රාහීව. (නදී)
"මේ නඩුවේ තීන්දුවට මගේ ප්‍රතිචාරය මම පෙන්නන්නේ මගේ ඡන්ද අයිතිය පාවිච්චි කරලා." ඡන්ද අයිතිය පාවිච්චි කලොත් ඔබ සිංහල කියමනට අනුව කැහි ගැහැණිය දීල හොටු ගැහැණිය ගත්ත කියා හිතා ගන්න. (නදී)
කොහොම උනත් මුලු ලෝකේම දන්නා මේ වැරදිකරුවන්ට මරණ දඬුවම දිය යුතුමය. (නදී)
සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරනු ලැබේ කියල කියයි ද? (නදී)
අන්තර්ජාතිකව බලපෑම් ඇතිවෙන ප්‍රස්නයක් නිසා සාධාරණ තීන්දුවක් හා වැරදිකරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි. දඩුවම නියම කරනුයේ කාන්තා විනිසුරුවරියක් නිසා මුළු ලෝකයම ඒ දෙස බලා සිටිනවා නිසැකයි (නදී)
මට නම් දැන් මගේ රට ලංකාව කියන්නත් ලැජ්ජයි. මේ වගේ අපරාද කරලා ඇසින් දුටු සාක්ෂි නැති උනාට "ඩී එන් ඒ " වලින් වැරදි කරුවෙක් කියල ඔප්පු කරන්න පුලුවන්. මොකද ඇමරිකාවේ මේ වගේ මිනීමරුවන්ට මරණ දඩුවම දීල තියෙන්නේ ඩ්. එන් .ඒ වලට විතරක් බලලා. අනික මට මතකයි එක්කෙනෙක් සාක්කි දුන්නා "සුද්දිව ඇදල දාගනින් කියලා" කියනවා එයාට ඇහුන කියලා. කොහොම උනත් නීතියෙන් දඩුවම මොක උනත් මේ වගේ අයට ස්වභාව ධර්මයෙන් හරි දඩුවම් ලැබෙනවා (නදී)
සුදු අධිරාජ්‍යවාදීන්ට විරුද්දව සටන් කර රටේ නම ලොව පුර පතල කල ප්‍රාදේශීය සභාපති ඇතුළු මේ වීරයින් ට නිදහස ලැබේවි ද ? (නදී)
මේනක ඔව් අපිට පුළුවන් එ්ක කරන්න. ඒ වගේම අපේ ඡන්දයක වටිනාකම කෝටි ගණනක් මොකද හොරකම නිසා. අපි ඒ වටිනාකම තීන්දුවක් කරගන්න පුළුවන්. (නදී)
මේකෙන් සාධාරණයක් නොලැබුනොත් ලංකාවට ගොඩක්ම අවාසිදායක වේවි. මෙහෙ ඉන්න අය කියන්නේ රජයේ හෙන්චයියන් ලංකාව විනාස කරනවා කියල. ලංකාවේ රජයටත් මේ තීරණය කෙලින්ම බලපානවා. අවුරුදු එකහමාරකට කලින් ලන්ඩන් රූපවාහිනියේ මේ ගැන විනාඩි 20 ක වාර්තාමය වැඩසටහනක් කළා. එයාල ලංකා රජයට අපහාස වෙන අයුරින් කතාකරා. ඉතින් අපිටත් දුකයි ඉපදුන රටට අපහාස කරන එකට. (නදී)
හරි තීන්දුවක් බලාපොරොත්තුවෙන් අප බලාගෙන සිටින්නෙමු. (නදී)
මොනවාද ඔට්ටු සබාපති නිදොස් කොට නිදහස් ...මේ අශ්චර්යයේ රට නේ. (ස)
මේ තීන්දුව දිහා අපි වගේම බලාගෙන ඉන්නවා අගතියට පත් වුනු "ඩේවිඩ් කැමරන්". (ස)
අනුරකුමාර දිසානායක මහතාගේ පාර්ලිමේන්තු කතාව කියවන්න. (ස)
මේ රටේ දැන් මොන සංවර්ධනයක්ද ? බවලතෙකුට හිරි ඔතප් රැකගෙන පාරක තොටක යන්න බැරි රටක අධි වේගයෙන් යන්නේ කොයි දිශාවටද කියලා දැන් දැන් පේනවා. අන්න බලවතෙකුගේ හෙන්චයියෙක් මාලබේ දැරියක් පැහැරගෙන යන්න ගිහින් පොලිසියෙන් අත් අඩංගුවට අරන් තිබෙන්නේ ඇගේ ගෙදර උදවිය. ඒකත් මේකට නොදෙවෙනි කැකිල්ලේ තීන්දුවක් වේවි. . (ස)
මේ රටේ දැන් මොන සංවර්ධනයක්ද ? බවලතෙකුට හිරි ඔතප් රැකගෙන පාරක තොටක යන්න බැරි රටක අධි වේගයෙන් යන්නේ කොයි දිශාවටද කියලා දැන් දැන් පේනවා. (අ)
මී නඩුවේ තීන්දුව සාදාරණ එකක් වේවි. (අ)
කෝ මේ අපේ දේශපාලකයන් දේවත්වයෙන් සලකන පිස්සු ලංකා තිලක් මහතා (අ)
අපිට ආරංචියි මේ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා චූදිතයන්ට සෙත් පතන්න වැඩම කල වග. මේවා ඇහෙනකොට ,අගතියකට පත් වූ පසු අපි කාගේ පිහිට පතන්න ද කියලා හිතෙනවා. (ස)
අන්න සත්‍ය තම දේශපාලන අසහනය මැනවින් පෙන්නුවා.දේශපාලන බලවතෙක් ඔය කියන විදියට හිටියනම් මේ යකාව අල්ලලා නඩුව ඉවර වෙනකම් රිමාන්ඩ් එකේ තියයිද? නඩු මග අරින එව්වෝ ඔක්කොම මේ දේශපාලන රැකවරණ මතද ඒක කරන්නේ..අපි නොදන්න සත්යල, ඩුබායි තිලක්ල, ටිකිරි බණ්ඩල මෙයාල තමයි වැලිවේරියේ මළමිනී උතුරු මූදෙන් මතු කෙරෙව්වේ..,..කට්ටිය පෙරුම් පුරාගෙන බලන් ඉන්නේ මේ අය නිදහස් වෙනකම්..එතකොට තමයි මේ සිදුවීම හොඳට විකුණා ගන්න පුළුවන්. මෙයාල පෝරකේට ගියොත් කට්ටියට මේක මෙලෝ රහක් නැති සිදුවීමක් වෙනවා. පුස් වෙඩිල්ලක් තිබ්බ වගේ . මොනවා උනත් කණගාටුයි මහත්තුරුනේ . මේගොල්ලො පෝරකේට හෝ ජීවිතාන්තය දක්වා හිරේට යනවා..පුලුවන්නම් ඉතින් 18 වෙනකම් කල් තියෙනවා..දෙවියන්ට බාරයක් වෙන්න ,පානක් තියන්න,. අනේ මේ ටික නිදහස් කරවල වැලේ වැල් නැතුව ඉන්න වෙලේ අපිට මේක විකුණලාවත් එදාවෙල හොයාගන්න ඉඩ කඩ සලසන්න කියල. (ස)
රිමාන්ඩ් එකේ වත් නොතියා කොහොමද ලංකා තිලක්. ඔය බලවතුන්ට අනෙක් රටවල් වලට නිවාඩුවකටවත් ගිහින් එන්න විසා කියලා ජාතියක් ඕන වෙනවානේ. (නදී)
මේ ලංකා තිලක්. හිතුවද අපි මෝඩයෝ කියලා. ලංකාවේ රිමාන්ඩ් වල සිද්ධ වෙන දේවල් අපි හොඳට අහල තියනවා. සැප ගන්න ඕන නම් යන්න හොඳම තැන එතන බව කවුද නොදන්නේ. නිකම් තප්පුලන්න එපා. (නදී)
අනේ මම දන්නේ නැහැ ලංකා තිලක් ඔබ මේ ඉතා අපහසුතාවයෙන් දොඩවන දේවල් නිසා පෙනී යන්නේ ඔබට බඩ විරේකයක් අවශ්‍ය වෙලාදෝ කියලා. (අ)
නඩු තීන්දුවට කලින්ම ලංකා තිලක් ගේ මොලය කොලොප්පන් වෙලා වගේ. දොඩවනවා දොඩවනවා , හතර අතටම කැරකෙනවා, දෙස් දෙවොල් තියනවා මොකද මේ ? (අ)
යුක්තිය සාධාරණය ඉටුවේවා.(දී)
දූෂණ නඩු වල වරදිකාරයන්ගේ පිටේ "මම ස්ත්‍රී දුෂකයෙක්" කියල ලොකුවට කොටන්න තියෙන්නේ (දී)
මෙය සාක්ෂි ඇතිව හෙලිවුන දේශපාලකයෙකුගේ දුෂණ ක්‍රියාවක් .සාක්ෂි තිබුනත්,ඉදරිපත් වීමට ඇති බිය ,වියදම් කිරීමට මුදල් නැති අපේ රටේ තරුණ කාන්තාවන් වෙනුවෙන් ,අසරණ වූ දුවණිය දීග දෙන දෙමව්පියන් ට සිදුවෙන්නේ වරදට සමාව දෙන පුතෙක් සොයා මංගල දැන්වීමක් දැමීමයි !! (දී)
සෙත් පැතුවට පස්සේ වෙන්න ඇති ඔය චූදිතයෝ අපේ තද පොරවල් එක්ක රෑට රෑට බොන පාටි වලට යනවා ,ගිහින් එනවා , බන්ධනාගාරයෙනුත් එකට සපෝට් තියෙනවා කියලා ඔය සමහරු කියන්නෙ. ඕවයේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නෑ ඕං. (ස)
" ඇප ලබා සිටි හිටපු ප්‍රාදේශීය සභාපතිවරයාවරයා නඩු විභාගයට නොපැමිණීම නිසා...." මේ වාක්‍යයෙන්ම හිතා ගන්න පුළුවන් කවුද මෙයා පිටි පස්සේ ඉන්න බලවතා කියා. නඩුත් කැකිල්ලේගේ බඩුත් කැකිල්ලේගේ. සියලු ආශීර්වාදයන් මැද, රතිඥ්ඥා ඔල්වරසන් මැද මේ අය ගෙදර නාවොත් ආයෙත් නම් අපි පත්තරවලට ලියන්නේ නම් නැහැ. (දී)
තීන්දුව දැනටමත් තීරණය කරලා ඉවරයි . මරණ දඬුවම දුන්නත් සමාව ලැබේවි . නැත්තම් අවුරුද්දකට දෙකකට හිරේ යාවි හිරේ ඉඳන් සැප ගනීවි . නැතිනම් පැමිණිල්ලම වැරදි වේවි. (දී)
තීන්දුව කෙරෙහි තුන් වෙනි ඇසක් යොමු වී තිබීම නිසා මෙය මෑත කාලයෙදී නීතිය ක්‍රියාත්මක කරන ආයතන මුහුණ දෙන විශාලම අභියෝගය වනු ඇත. අපේ පෙරකදෝරු මහත්තුරුන්ගේ හපන්කම මත සැක කරු නිදොස් වුනොත් එය පොලිසියේ සහ රහස් පොලිසියේ අපොහොසත් කම තීරණය කරන තීන්දුවකි. මන්ද යත්, පෙම්වතිය දුෂණය කලේ කුරාම් හෝ කුරාම් මැරුවේ පෙම්වතිය බව ඔප්පු කරගත නොහැකි තාක්, ඔවුන් මිනී මරුවා, දූෂකයා සහ ඔවුන්ට හිමි වන දඬුවම දෙස බලා සිටින බැවිනි. (දී)
මුළු ලෝකෙම බලා ඉන්න නඩු තීන්දුවක් . ලංකාවේ උසාවිය හා නිතිය තවමත් දෙපාලනකරනය වෙලා නැ කියලා ලෝකෙට පෙන්වන්න තියෙන අන්තිම අවස්තාව . එංගලන්තය මේ ගැන විශේෂ උනන්දුවක් දක්වනවා . මිනි මැරීම සිදු වී අව 2 1/2 ගත උනා , සැක කරුවෝ අහු උනා , නමුත් නීතියේ අඩුපාඩු පෙන්වමින් නඩුව ඇදගෙන ගියා . මෙතනින් එහාට අගලක් වත් යන්න බැ . සැකකරුවෝ වෙන අය උනා නම් ආයුද පෙන්වන්න වත් එක්ක ගෙන යන්න තිබුනා . මම හිතන්නේ මේ අයගේ පෙර වැරදි නැති නිසා එකත් කරන්න බැ . කොහොම උනත් මිය ගිය ෂේක් කුරාන් ට සමුහ දුෂණය වූ ඔහු ගේ පෙවතිය වික්ටෝරියා ට උපරිම සහනයක් ලැබේවි කියා මම හිතනවා . මරණිය දඩුවම කෙසේ වෙතත් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් වත් ලැබේවි මොකද මිනි මරුම ඔප්පු කරීමට ඇසින් දුටු ශාක්ෂි නැති නිසා . නඩුව බොහෝ විට ගෙතෙන්නෙ විද්‍යාත්මක ශාක්ෂි මත නිසා සැකයේ වාසිය සැමවිටම විත්ති කරුවන්ට ලබා දි රෝම ලන්දේසි නීතියේ ප්‍රදාන ලක්ෂණයකි . තාක්ෂනය දියුණු වීම නිසා පොලසිය මිනීමරුවන් හා හොරුන් පහසුවෙන් අල්ල ගන්න අතර , අපරාද කරුවන්ද දැන් නීතියේ අඩු පාඩු හා හිදැස් හරහා හොදට රිංගන්න හදනවා . පෙරට වඩා නීතිඥ මහත්වරුන් ද නීතියේ හිල් හදා ගෙන තම සේවාදායක අපරාදකරුවන් නිදහස් කරගන්න උපරිම උත්සහ කරනවා . මෙතැන ත් ඒ වගේ දෙයක් වේවිද ????(දී)
මම නම් කලිනුත් කියල තියෙනවා, පළමුව දඩුවම දෙවනුව සමාව. (නදී)
මාව නිකම් කරකවලා අත්හැරියා වගේ දැනෙනවා.මොකුත් හිතාගන්න බැහැ. (නි)
ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී අසා තීන්දුව දුන් මිනීමැරුම් නඩුවක් ලෙස මෙකී නඩුව ඉතිහාසගත වනු ඇති. (නි)
ඇත්තටම ඒ තීරණය දැනටමත් රටේ මිනිසුන් අරගෙන අවසානයි කියලා මට හිතෙනවා (නි)
මගේ නම් හැඟීම මෙම නඩු තීන්දුවෙන් යුක්තිය සාධාරණය අගතියටපත් පාර්ශවය වෙනුවෙන් ඉටුවේවි කියලයි. (නි)
මට නම් හිතාගන්න පුලුවන් (නි)
ටිකිරි බණ්ඩා කියපු දෙයක් වැරදිලත් නැහැ.වරදින්න කියලත් නැහැ.නඩු තීන්දුව 18 වෙනිදනේ. (නි)
ලංකාව කියන්නේ පුදුම රටක්. (නි)