කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ තාප්පය ඇතුළු නිවසක කොටසක් 2010 වසරේ ඔක්තෝබර් මාසයේදී කඩා දැමීම සම්බන්ධයෙන් එම නිවැසියාට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ හතරක මුදලක් පෞද්ගලිකවම ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ඇමැති මර්වින් සිල්වාට නියම කළේය.
සංවර්ධන කටයුත්තක් මුවාවෙන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සම්බන්ධ වී එම දේපළ විනාශය සිදු කිරීම නිසා ඒ පිළිබදව රජය ද වගකිව යුතු බවට තීරණය කළ අධිකරණය ඒ වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂයක මුදලක් පෙත්සම්කරුට ගෙවන ලෙස ද අධිකරණය රජයට නියම කළේය.
අදාළ දේපළ කඩා බිඳ දැමීමට එරෙහිව කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචි අසිත නානායක්කාර ලියනගේ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දුන්ණේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණවීර ,එම ප්‍රාදේශිය සභාවේ ලේකම්, එවකට නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා ,එවකට කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ,නීතිපතිවරයා ඇතුළු අටදෙනෙක් නම් කරනු ලැබ සිටියහ.
ඊවා වනසුන්දර ,අනිල් ගුණරත්න සහ කේ.ටී.චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල ශ්‍රේස්ඨාධිකරණ විනිසුරු මෙම නඩු තීන්දුව ලබා දුන්හ.
එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළත් එම ස්ථානයට නොපැමිණීමෙන් රාජකාරිය පැහැර හැරීම වෙනුවෙන් රුපියල් 50,000 ක වන්දි මුදලක් පෞද්ගලිකවම ගෙවන ලෙස එවකට කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරියට නියම කැරිණි.පොලිස් පරීක්ෂකවරයාගේ මෙම ක්‍රියාව පොලිස් දෙපොර්තමේන්තුවේ නාමයට අපකීර්තියක් සිදු කර ඇති බවටද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
අදාළ දේපළ කඩා බිඳ දැමීමට කැළණිය ප්‍රදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන ඇති අතර රජයේ දේපලක් එලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් නීතිපති උපදේස ලබා ගෙන ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් බැඳපු කතාවත් එළියට ගන්නකෝ. (නි)
ඒ දවස් වල මෙයා හිතාගෙන හිටියේ මෙයාගේ හිසට උඩින් මැස්සෙකුටවත් ඉගිලෙන්න බැහැ කියලා. දැන් ඉතින් කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු (නි)
හොඳ වැඩේ! (නි)
අන්න නියම වැඩේ. බලය තිබෙනකොට මෙයාලා හිතාගෙන හිටියේ රටේ නීතිය මෙයාලගේ අතේ කියලා. බලය යොදාගෙන මේ වගේම තව කොච්චර වැරදි මැති ඇමතිවරු මොනතරම් නම් කරනවද. ඒවටත් මේ වගේම දඬුවම් දෙන්න. (නි)
දැන්නම් අපිට ලංකාවේ අධිකරණය විශ්වාස කරන්න පුළුවන්. යහපාලනය නරකම නැහැ නේද? ශ්‍රේෂ්ඨාධිකරණයට මගේ ආචාරය පුදකරමි. තවත් හොඳ දේවල් අහන්න ඉදිරියේදී පුළුවන් වේවි කියා සිතමි. (නි)
මෙන්න යහපාලනය. මේ වගේ යුක්තිය සැමට සාධාරණව ඉටුවිය යුතුව ඇත. ජයවේවා!! (නි)
මදැයි අපේ මර්වින් ඇමතිතුමාට වෙච්ච දේ..! බල කාමයෙන් මත්වුණ අය මතක තියාගන්න ඕනෑ කවදාහරි ඒ බලය අවසන් වෙනවා කියලා. ඇමතිවරුන් කියන, කියන දේ සුවච කීකරු ගෝලයින් වගේ කරන නිලධාරීන්ටත් මේවා හොඳ පාඩම්. (නි)
පරදින්න හේතු තමයි මේවා. අනවශ්‍ය ලෙස තම බලය පාවිච්චි කරලා මිනිස්සු ගස් බැන්ඳත් වගකිවයුත්තෝ ඒ ගැන ඇස් කන් පියාගෙන හිටියා. දැන් කරන්නේ තව තවත් අවලාද නඟා ශුද්ධවන්තයෝ වෙන්න හදන එකනේ. දැන් පේනවනේ තරම. තව ඇති ඕනෑතරම්. (නි)
දැන් එල්ලෙන්න වැල් හොයයිද දන්නෙ නැහැ අපේ රජතුමා? කොයි වෙලාවක හරි කළකම් පළදෙන්නත් එපායැ (නි)
හොඳ තීන්දුවක් (නි)
මෙයාටත් කළ පව් පස්සෙන් එළවන්න පටන් අරන් වගෙයි. (නි)
බලය නුසුදුසු අන්දමින් අතට ගෙන ඒකාධිපති විහිළු සපයන්නා වූ අයට අතීතයට බලපාන අන්දමින් අධිචෝදනා නැඟියයුතු වේ. (නි)
කාටත් මේවා හොඳ පාඩම් (නි)
රජයේ සේවකයෙක් ගහක බැන්ඳට දඬුවම් කරන්නේ කවදාද? (නි)
අපට ඉතාමත් සතුටුයි ලැබුණු තීන්දුවට. ඔය කට්ටිය හිටියේ ඕනෑම වැරදි දෙයක් කරන්න පුලුවන් හැටියට ඒ දවස් වල. දැන් ඉන්න අයත් ඔය දේවල් වලින් හොඳට ඉන්න පුරුදු වුණොත් හොඳයි (නි)
අනේ..! අපේ දුටුගැමුණුට වෙච්ච දෙයක්. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
මෙයත් හැදුවා අර පැත්තට බල්ටිය ගහන්න. මොනයම් හේතුවක් හින්දා හෝ එ්ක වුණේ නැහැ. එහෙම ගැහුවා නම් අද මෙයත් හොඳින් ඉන්නවා. තාප්පයක් කඩනවා වගේ සරල දේවල් කරපු හාදයෝද අද ඔය ඔඩොක්ක්කුවේ ඉන්නේ (නි)
කරන කලට පව් මීරිය මීසේ... විඳන කලට දුක් දැඩිවෙයි ගිනි සේ කියලා තියෙන කවි පදවල තේරුමවත් දැනගත්තා නම් ලොකු උගත්කමක් නැතුවාට මෙයාට මෙහෙම වෙන්නේ නැතිවෙන්න තිබුණා. කෙනෙකුට මේ වගේ සමාජ උගත්කමක් ලබාගන්න ඉස්කෝලේ යන්නම ඕනෑ නැහැ. නමුත් මේ වගේ අය ඒවා බලලාවත් හැදෙන්නේ නැහැ. මෙයා කරලා තියෙන පව් තවම පළවිපාක දුන්නේ නැහැ හරියට. (නි)
මර්වින්ට පන්දම් අල්ලපු පොලිස් මහත්තයට මීට වැඩි දඬුවමක් දුන්නා නම් තමයි වඩාත් හොඳ. මේ වගේ දේශපාලුවන්ගේ අතකොලු වගේ වැඩ කරන අය පොලිසියෙන් එළවන්න ඕනෑ (නි)
ඒ දවස් වල මෙයා හිතාගෙන හිටියේ මෙයාගේ හිසට උඩින් මැස්සෙකුටවත් ඉගිලෙන්න බැහැ කියලා. දැන් ඉතින් විඳවන්න බැරියෑ (නි)
මෝඩයන්ට ඔටුණු දැම්මහම ඔහොම තමයි. කැළණි ආසනය ගැන දන්නේ නැහැ. ජේ. ආර්. ටත් බැරිවුණ ආසනය, දැන් කූඹියොත් නටනවා. (නි)
අනුන්ට ගරහන්න ගියාම ඔහොම වෙනවා. දුක සැප නිති පෙරළේ... රියසක ලෙස ලෝකේ... (නි)
අතකොටාගේ කාලේ දැරණියගල පොලිසියේ සේවය මුළුමනින්ම පැහැරහැරිය පොලිස් නිලාධාරීන් කිසිම දඩුවමක් නැතිව නිදැල්ලේ ගියේ කොහොමද? (බ)
හොද වැඩක් (බ)
රජයට ගෙවන්න කියපු ලක්ෂයේ දඩය හිටපු පාලකයාට ගෙවන්න කියන්න. මේ රජය ගෙවනවා කියන්නෙ අපි එපැයි ගෙවන්න. (නි)
දේශපාලනය ගැන මොනවද මෙයාට තිබෙන සුදුසුකම්. මොනවද මෙවැනි අය දේශපාලනය ගැන දන්නේ? පහරදීම්, ගස්බැඳීම්, මගෝඞිකම් වෙන්න ඇති මේ අය දන්න දේශපාලනය. රටේ අවාසනාවට තමයි මෙවැනි අය දේශපාලනයට සම්බන්ධ වෙන්නේ. (නි)
මට නම් මේක විහිළුවක්. ලක්ෂ 5 දඩයක් විතරයි. මේ පුද්ගලයා අර රාජ්‍ය නිලධාරියෙකුව ගස් බැඳි දර්ශනය ලෝකයම දුටුවා. ඔහුට තර්ජනය කරලා අන්තිමට තමා විසින්ම ගස් බැඳගත්තා කීමට සිදුවුණා. ඔහුට කළ අපකීර්තියට ලක්ෂ කීයක් නම් ගෙවන්න ඕනෑද? (නි)
පහුගිය රජය කාලේ වල්වැදුන නීතිය යළි ක්‍රියාත්මක වීම ගැන මගේ සතුට. (නි)
ඒ කාලෙ කරපු වැරදිවලට නඩු තීන්දු එන්නෙ දැන්. අපිට තවත් බදු ගෙවන්න වෙනවා. අයියෝ සල්ලි කිව්වලු... (නි)
නීතිය ක්‍රියාත්මක වන බව පෙනේ (ර)
වල්වැදුන නීතිය යළි ක්‍රියාත්මක වීම ගැන මගේ සතුට. (නි)
මේ මුහුණ මම නම් පත්තරේකින්වත් දකින්න කැමති නැහැ (නි)
නීතිය ක්‍රියාත්මක කිරීමේ හොඳ ප්‍රවණතාවයක් පෙනෙනවා. (නි)