සීනි කිලෝවක් රුපියල් දහයකින් අඩු කෙරේ.
කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61කින් අඩු කෙරේ.
සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් සියයකින් අඩු කෙරේ.
තිරිඟුපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 12.50කින් අඩු කෙරේ. ඒ අනුව පාංගෙඩියක මිල රුපියල් හයකින් පමණ අඩු වනු ඇත.
මුංඇට කිලෝව රුපියල් 40කින් අඩු වනු ඇත.
හාල්මැස්සන් කිලෝව රුපියල් 15කින් අඩු වෙයි.
ටිංමාළු බද්ද රුපියල් 52ක්න් අඩු කෙරේ.
කොත්තමල්ලි මිල රුපියල් 150 අඩු කෙරේ.
උම්මබලකඩ රුපියල් 200කින් අඩු කෙරේ.
කුඩු නොකරන ලද කහ රුපියල් සියයකින් අඩු කෙරේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කෙරේ.
සිමින්ති කොට්ටයක මිල රුපියල් 90කින් පමණ අඩු කෙරේ.
උපයන විට ආදායම් බදු ගෙවීමේ සීමාව රුපියල් හය ලක්ෂයේ සිට රුපියල් හත් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කරේ.
2013/14 වර්ෂවල දී ශ්‍රී ලංකාවේ සමාගම් රුපියල් කෝටි 200කට වඩා ආදායම් ලබා ඇත්නම් එක් වරක් පමණක් අය කැරෙන සියයට 25ක බද්දක් අය කෙරේ.
වානේ තීරුබදු මිල ද අඩු කෙරේ.
මන්දිර බද්ද ලෙස රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමක් ඇති මන්දිරයකින් වසරකට රුපියල් ලක්ෂ දහයක බද්දක් අය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රටින් ගෙන දේවල් වලට ඕනවට වඩා බදු අඩු කිරීම එතරම් හොද දෙයක් නෙමේ. (දිල්)
ලංකාවේ කිරි ගොවියාට යන කළ දසාව අපුරු වෙයි, (හේ)
ගොඩක් හොද වැඩක් . දුප්පත් මිනිසුන්ට දැනෙන අයවැයක් .ජය වේවා .(දිල්)
හරි ෂෝක් අනේ හැමදාම බොන්න පුළුවන් සස්ටජන් නීරෝගී හෙට දවසකට (දිල්)
නියම අයවැයක්. සැමටම දැනෙන අයවැයක්. ජය වේවා.!(දිල්)
අපේ අලුත් ආණ්ඩුවට ජයවේවා ! කලින් ජනාධිපති හිටියා නම් රුපියල් 3 ක් අඩුකරත් වීරයා වගේ එයාමයි පාර්ලිමේන්තුවට ඇවිත් කියන්නේ අපේ ජනාධිපතිතුමා ඉන්නවාද දන්නේ නැහැ එකයි වෙනස (දිල්)
හොද අය වැයක් (දිල්)
ෂා.. නියමයිනේ, බොහෝම හොදයි, මේ මීලඟ මැතිවරණයටත් එක්කමද ? ඒකට වෙනම සහන දෙනවද?ජයවේවා! (ර)
ඔය තියන්නේ යහපාලනය, වෙන මොනවද ඕනේ.... (ර)
කොත්තමල්ලි බීල තමයි ඉන්න වෙන්නේ. ඕවද සහන.?ඕවගෙන් කන්න පුලුවන්ද.? (ර)
අපේ බයියාගේ අය වැය වගේද මේවා. බයියාට කඩේ යන අයගේ ඇස් ඇරේවා. (නදී)
දුප්පත් අපි ගැන හිතපු අය වැයක් (දිල්)
අර වෙලාව බලන 68000 ත් නැති බැරි අයට බෙදලා දෙන්න. ජයවේවා ! (නදී)
සුපිරිම අය වැයක්. (ර)
කෝ මේ බන්දුල යහපාල ? අපිට ඕන දේවල් තමයි මේ හෙමි හෙමිහිට හරි ලැබෙන්නේ. අපි රාජ භෝජන ඉල්ලපු පුරවැසියෝ නෙවෙයි. (දිල්)
අයවැයට ජය වේවා.! කාගෙත් සිත් වල කිරි ඉතිරේවා.! (ර)
දුක් විදින ජනතාව ගැන සිතු අය වැයක්. තවදුරටත් අපේ සහාය. (ර)
බොමුද හොඳ කිරි තේ එකක් ? (ර)
මිල පිලිබඳ නිෂ්පාදකයාත්, පාරිහෝගිකයාත් දනුම්වත් විය යුතුයි . කිතුල් හකුරු වෙනුවට ලංකාවේ නිෂ්පාදකයන් විකුණන්නේ ඉන්දියන් සක්කර දමා සාදනලද හකුරු බැවින් දැනට "සක්කර" සඳහා අයකරන බද්ද වැඩිකළ යුතුයි (දිල්)
අපි දුන්න මනාපයට අපිට සළකනවට බොහොම ස්තුතියි. (නි)
අපි දුන්න මනාපයට අපිට සලකනවට බොහොම ස්තුතියි. (ර)
මේ විදියට මිල අඩු කරන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ. මෙහෙම දුප්පතුන්ට සැලකුවම අපිට තැනක් නැහැ.(හේ)
නියම දුක් විදින ජනතාව ගැන සිතු අය වැයක් ද මේක,ලංකාවේ මිනිස්සු කන්නේ ඔය ටික විතරද,පිටි විතරක් අඩු කලාම ඇතිද ..කෝ එතකොට හාල් ...පරිප්පු,..(හේ)
ඔය තියෙන්නේ ඡන්ද ගුණ්ඩු. (ර)
ඇත්තටම මේ අඩු කරපු ගාණ ගැන සතුටුයි.(හේ)
අපි උවමනා මේ විදියට මිනිස්සු ගැනත් හිතන රජයක්. (නදී)
අාප්ප මිල කියකින් අඩු කෙරනවද ? මොකද මේක අාප්පයකින් හදපු අාන්ඩුවක්නේ (නදී)
බන්ඩෝ නිකන් උඩ බලන් කෙල ගහන්න එපා. මේ රටේ හිටපු නායකයන්ට මඩ ගැහීම නරකයි (නදී)
දෙනියාය පැත්තෙත් මන්දිරයක් තියෙනවා අලිත් එක්ක (නදී)
ඇත්තටම ජනතාවගේ ජයග්‍රහණයක් නව ආණ්ඩුව (නදී)
මේ දේ නිසා කුඩා දරුවන්ට ගොඩක් හොදයි.(හේ)
මිළ අඩුවීම අපිට නරකයි කියන්න බැහැනේ. එයට අදාල අනෙකුත් නිෂ්පාදනවලට මිල නියාමනය කල යුතුයි (නදී)
කොත්තමල්ලියි, කහයි දාලා බොන්නයි වෙන්නේ (නදී)
කාලෙකින් ලැබුන හොඳ අයවැයක් (නදී)
නියමයි ! (නදී)
පෞද්ගලික සේවකයාට මුකුත් නැහැ අඩුගානේ ණයක් ගන්න බැංකු පහසුකමක්වත් නැහැ.මේ රටේ සංවර්ධනයට දායක වෙන්නේ රජයේ අය විතරද (බ)
හොඳ අයවැයක්. මෛත්‍රී පාලනයක්. ජයවේවා (නදී)
මට අදාල නැති දේවල් භූමිතෙල්, සස්ටජන්, පාන්, මුං ඇට, ටින්මාලු, හාල්මැස්සෝ, උඳු, කහ, වියලි මිරිස් (නදී)
උඳු පිටි? ඔය සලකල තියෙන්නේ. (නදී)
ගොඩක් හොඳයි. ග්‍රෑම් 450 පාන් ගෙඩියත් අඩු උනා නම් තවත් හොඳයි (නදී)
මෙවන් පහසුකම් තවත් ජනතාවට ඉදිරියේදී ලබාදෙන්න ඔබට ගොඩක් පින් (නදී)
නියම අයවැය. අපි දැකලම නැහැ (නදී)
ඡන්දෙ දීපු අය මෝඩ උනා. මේ අය වැයට මිනිස්සු මෝඩ උනා. කිසිම සහනයක් නැහැ. දන්නෝ දනිති. මහින්ද මහත්තයාගේ අගේ දැනෙන්නේ අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ. (නදී)
අනේ මේ හැම දෙයක්ම වගේ විදේශ ශ්‍රමිකයන් ගැනත් හිතුවා නම් හොඳයි නේද ? (නදී)
අපි අහුවෙයි ඕවට (නදී)
ලොකු දෙයක්. (ර)
ජනතාවට සහන දෙන අයවැයක් ජයවේවා.! (ර)
ෂා මරුනේ... කැස්සට කොත්තමල්ලි. ජයවේවා.! (ර)
ඔය තියෙන්නේ.. ජය වේවා.! (ර)
ඔහොම යන් හොද අය වැයක් (දිල්)
කන්ඩ දෙනව නම් අපිට බොන්ඩ දෙනව නම් අපිට මොන කෙන්ගෙඩිය ද තව ඕන කියන්නේ (නදී)
ගෘහණියන් වන අපිට දැනෙන අයවැයක් ! ස්තුතියි ජනපතිදුනි ඔබට!(දිල්)
අපි නම් බත් කන්නේ නැහැ. ඔහොම යන් (නදී)
හොඳ අයවැයක්.(හේ)
මාමගේ ගෝලයන්ට තදවෙලා තියෙන්නේ පුනක්කු මිල අඩු නොකරපු එකට (නදී)
මැයි වෙනකොට කෘෂි නාශක වල මිල අඩුකර දෙන්න. ඊළඟ ඡන්දෙන් පස්සේ ගෝලයන්ට බොන්න. ගිය සැරේ ලැබිච්ච ලක්ෂ පනස් හත ලක්ෂ තිස්පහට බහිනවා (නදී)
දැනට ඇති, තව ටික දවසකින් තව මිල අඩු කළ යුතුයි. විදුලි ගාස්තු අඩු කළ යුතුයි.(හේ)
උන්නු හැටියට මලා මැදැයි... (ර)
නියම අයවැයක්. සැමටම දැනෙන අයවැයක්. (ර)
ජය වේවා ආණ්ඩුවට. (ර)
හොඳයි. (ර)
හුදකලා වේ තම තනි වැටුපෙන් පවුල නඩත්තු කරන විශ්‍රාමිකයා ගැන හිතුවා මදියි නේද ..? ඇති ගරු ජනාධිපති තුමනි මේ පිළිබදව කාරුණික වන්න ..(හේ)
නියමයි. (ර)
දුප්පතා ගැන හිතලා මේ කරන අඩු කිරීම් ගැන අපි සතුටට පත් වෙනවා. (ර)
ඇත්තටම මේක ලොකු සහනයක් දුප්පතාට.(හේ)
හොඳ දෙයක්. (ර)
දේශීය නිෂ්පාදන රකින වැඩපිලිවලකුත් ඕනේ. (ර)