(උපාලි රණවීර)
කිරිදිවැල මාළිගාවත්ත කසළ කළමණාකරන මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසළ ලොරි 10ක් රැගෙන ඒමට විරෝධය පළ කළ පිරිසට මීට ටික වේලාවකට පෙර පොලිස් ප්‍රහාරයක් එල්ල විය. පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ ද ප්‍රදේශවාසීන් පළවා හැරීමට නොහැකි විය. අවසානයේ කුණු ලොරි ආපසු හරවාගෙන යෑමට සිදු විය.
කිරිදිවැල මාළිගාවත්ත කසළ කළමණාකරන මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසළ ලොරි 10ක් රැගෙන ඒමත් සමඟ ප්‍රදේශවාසීන් පාර අවහිර කරමින් බාධා කිරීම නිසා කිරිදිවැල මාළිගාවත්ත හන්දියේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. අපද්‍රව්‍ය රැගෙන ආ වාහනවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදා තිබිණි.
මෙම කසළ ලොරි 10 රැගෙන ඒම සම්බන්ධව ඊයේ පෙරවරුවේ ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, නියෝජ්‍යය අමාත්‍ය ඩුලිප් විජේසේකර සහ හිටපු ප්‍රාදේශීය සභාපති මිලාන් ජයතිලක යන මහත්වරු කිරිදිවැලදී සාකච්ඡාවක් පැවැත්වුහ. අප්‍රේල් 28 දින දක්වා කොළඹ කසළ ටොන් 80ක් බැගින් මෙම මධ්‍යස්ථානයට රැගෙන ඒමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා දන්වා සිටියේය.








COMMENTS
දැන් මේ කසල කළමනාකරණ මධ්‍යස්ථාන වලට කුණු දන්නේ නැතිව වෙන කොහාටද මේ අය මේවා දාන්න කියන්නේ ඔය කියන විදිහට මේ කසල කළමනාකරණ මධ්‍යස්ථාන තව හැදුවත් වැඩක් නැ නේ එහෙනම් ගමක් ගමක් ගැනේ මේවා හදන්න වෙනවා මේක දේසපාලන බලපෑමක් මත සිදුවන විරොදයක් නැතිව නියම ජනතාවගේ ප්‍රස්නයක් නොවේ
මෝඩ කතා කියන ශාන්ගේ වත්තට තමයි කුණු ටික දාන්න වෙන්නේ.
කසල එකතු කිරීම තාවකාලිකව නවත්වන්න , කරදියන සහ වැලිවේරිය කිරින්දිවල ප්‍රදේශ වල
ශාන් සෞදි ආසියාවේ තියන බොහෝ රටවල සෑම පළාතකම වෙන් වෙන් වශයෙන් කසල කළමනාකරන මධ්‍යස්ථාන තියනවා. ඒ නිසා වෙන පළාතක කසල තවත් පළාතක ගිහින් දාන්න අවශ්‍ය නැහැ. තමුන් කැමති වෙනවද අල්ලපු ගෙදර කසල ගෙනත් තමන්ගේ ගෙදර දානවට. ඒවාට තමයි සෑම දිස්ත්‍රික්යකම මහා නගර සභා, නගර සභා, පළාත් සභා ප්‍රාදේශීය සභා කියල අපේ බදු මුදල් වලින් ඒවා ඇති කරලා තියෙන්නේ. උන් ඒ බදු සල්ලි වලින් රජ සැප විදිනවා ඇරෙන්න බදු ගෙවන ජනතාව වෙනුවෙන් මොනවද කරන්නේ. නොදන්නා එකාට ලංකාවත් පෙන්නේ සවුදිය වගේ.
දැන් ශාන් ගේ ගමටත් කුණු ලොරියක් ආවා නම් අපිට හැබැ තත්වේ බලාගන්න තිබුන මේවා කසල කසල කළමණාකරන මධ්‍යස්ථාන කියල නමට තිබුනට නිකන් කුණු ගොඩවල් විතරයි මිනිස්සු අරගල කරන්නේ නිකන් කවුරුවත් කියනවට නෙමෙයි තමන්ට එක ඇත්තටම දැනෙන නිසා මෙහෙම විරුද්ධ වෙද්දී පොලිසිය දම්මල ගහල මීතොටමුල්ලට කුණු දමල අන්තිමට මොකද වුනේ
පහුගිය ටිකේ ප්‍රශ්න නැතිව වේලි වේලී ඉඳලා අනවශ්‍ය දේවලුත් ප්‍රශ්නයක් කරගෙන, ඒක කුණු කන්දක් කර ගත්තු ජනතාවට දැන් නියම කුණු කඳු පැමිණ තිබෙනවා. ප්‍රශ්නයක් විසඳනවා වෙනුවට ප්‍රශ්නය කුණු ගොඩක් බවට පත්කරගෙන, කුණු අවුස්සමින්, රටම ගඳ ගස්සන, ඔබලා නිතිපතා දෙපැත්ත, තුන් පැත්ත බෙදීගෙන වන්දනාමාන කරන ඒ දේශපාලකයිනුත් හවුල් කරගෙන මේ ගඳ ගහන කුණු ප්‍රශ්නය විසඳා ගැනීමට සැමට ප්‍රඥාව පහල වේවා!! හොඳ වෙලාවට මේ රටේ මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ තිබෙන කුණු පිටට දාන්නේ නැතිව ඇතුලෙම තියාගෙන ඉන්නේ, බැරි වෙලාවත් ඒ කුණුත් එලියට දැම්ම නම් එහෙම, මුළු රටම කුණු වලින් වැහිලා යන්න වැඩි වෙලාවක් ගත වෙන එකක් නැහැ.
ශාන සවුදි, ඔයාගේ ගේ ඉස්සරහ මේ වගේ මධ්‍යස්ථානයක් දැම්මොත් ඔයා සපෝට් කරනවද ?
දොම්පේ කසල රදවනයේ ධාරිතාවය දිනකට ටොන් 5~10ක් පමණ වෙයි. දිනකට ටොන් 80ක් මෙහි බැහැර කරලීම කසල කළමනාකරණයක් නොව කසල ගොඩ ගැසීමක් ලෙස හැදින්වීම වඩාත් නිවැරදි වෙනු ඇත. එහෙයින් දේශපාලන බලපෑමක් ඇතිව හෝ නැතිව අනාගත මීතොටමුල්ලකට විරුද්ධ විම පොදු මහජනතාව සතු මුලික අයිතියකි. ඔවුන් මේ ඉල්ලා සිටින්නේ තමන්ට ජීවත් විමට ඇති අයිතියයි...