(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුඳුවත්ත ප්‍රධාන පෙළේ ආයතනයකට ඇතුළු වී රුපියල් කෝටි 16 කට ආසන්න වටිනා මැණික් සහ රන් ආභරණ අඩංගු සේප්පුවක් සොරාගත් එම ආයතනයේ හිටපු රියදුරකු සහ තවත් පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාෂය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ සොරාගත් විවිධ වර්ගවලින් යුත් මැණික් ගල් 16 ක් හොරයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
චීනයේ කාන්තාවක සහ මෙරට පුද්ගලයන් දෙදෙනෙකු විසින් පවත්වාගෙන මෙම ප්‍රධාන පෙළේ ආයතනයේ රියදුරකු ලෙස සේවය කර මීට මාස 6කට පමණ පෙර ඉවත් වූ පුද්ගලයා මෙම මහා පරිමාණ සොරකමේ ප්‍රධාන සැකකරු බව පොලිසිය කියයි.
මෙම සොරකමට පුද්ගලයන් 6 දෙනකු පැමිණ ඇති අතර මැණික් හා රත්තරන් තැන්පත් කර තිබූ සේප්පුව ඔවුන් විසින් රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
අදාල සොරකම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වා ප්‍රධාන සැකකරු සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී සොරාගත් මැණික්වලින් ගල් දාසයක් සොයාගැනීමට හැකිවූ බවත් පොලිස් නිලධාරියකු පැවැසීය.
සැකකරුවන් ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සොරාගත් සේප්පුව ඌවපරණගම ප්‍රදේශය රැගෙන ගොස් ග්‍රයින්ඩරය කින් කපා එයි තිබූ රත්තරන් සහ මැණික් ගල් තොගය ලබාගත් බවට අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුඳුවත්තේ ආයතනයකින් රන් සහ මැණික් ඉස්සූ දෙකක් මාට්ටු