අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු වැනි පන්තියේ තනතුරක් වන අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ශාඛාවේ අධ්යක්ෂ ධුරයට යුද හමුදාවේ කර්නල් වරයකු පත් කර ඇති බවත්, එය නිවැරදි නොකළහොත් ගුරු, විදුහල්පති සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ලංකා ගුරු සංගමය කියයි.
සේවා ව්‍යවස්ථාවෙන් පිට කැබිනට් පත්‍රිකා මගින් හමුදා නිලධාරීන් සිවිල් තනතුරු සඳහා පත් කළේ පසුගිය ආණ්ඩුවෙන් බවත්, ඒවා විවේචනය කරමින් පැමිණි මේ ආණ්ඩුව ද ඒ අඩිපාරේම යන බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිට සහ සශිට. මා ඉගෙනගත් කාලයේ අපේ විදුහල්පති වෙලා හිටියේ නාලන්ද විද්‍යාලයේ 1920 ගණන් වලදී හිටපු ක්‍රිකට් නායක .පී එම්.ජයතිලක මහත්මයා.ඒ කාලේ තරම් හොඳ විනයක් අපේ විදුහලේ ඉන් පසු කවදාවත් තිබුනා යයි සිතන්න බැහැ. විනය පවත්වාගෙන යන්න හමුදා නිලධාරීන්ම ඕන නැහැ. හමුදා නිලධාරීන් විදුහල්පති වුන අවස්ථා නැතුවම නොවෙයි. ඔවුන් ස්වෙච්ඡා හමුදාවටයි සම්බන්ධ. ඒ කියන්නේ පේරුසිංහ මහතා වගේ විදුහල්පතිවරු. ඒ මිස රෙගියුලර් (නිත්‍ය) හමුදා නිලධාරීන් ගුරුසේවයට නිදහස් කෙරෙන්නේ නැහැ.(බ)
බළලා මැටියෙන් වුණත් මොකද මීයෝ අල්ලනවා නම් (නි)
ලංකාවේ කවුරු කොහොම නිලධාරීන් හිටියත් වැඩ කරන්නේ කවුද? අපි පාසල් යන කාලේ අපේ ප්‍රින්සිපල් හමුදාවේ හිටපු නිලධාරියෙක්. එතුමා හිටිය කාලේ තරම් හොඳ කාලයක් අපේ පාසලේ තිබුනෙම නැහැ. එතුමා ඒ කාලයේ ආවේ අපේම වාසනාවට. දැන් ටියුෂන් නැත්නම් ළමයි ඉගෙනගෙන ඉවරයි. (නි)
ස්ටාලින් මහතා සහ ලංකා ගුරු සංගමය බොහෝවිට නිවැරදි ස්ථාවරයක් ගන්නේ. අධ්‍යාපන පරිපාලනය පිළිබඳ විශේෂඥභාවය ඇති අය මිස යුද්ධ කටයුතු පිළිබඳ විශේෂඥයන් අධ්‍යාපන කටයුතුවලට ගන්නේ නැහැ. අධ්‍යාපනය එ් සඳහා පත්කළ අයට බාරදී ඔවුන් අතින් සිදුවන වැරදි ඇතොත් පෙන්වාදීමයි කළයුත්තේ. (නි)
මැදපෙරදිග කුමාර්ට ලංකාවේ ගුරුවරු පුටු රත්කරන තරබාරු මිනිස්සුලු! ඇයි හමුදා නිලධාරීන් තරබාරු නැද්ද? (නි)
මේ ගුරු සංගම්වලට මොනවා හරි කුණු ගොඩක් තිබ්බොත් ඇති. බොරුවට කෑ ගහන්ට. ඇති වැඩකුත් නෑ. විරෝධතා ඉවරයකුත් නෑ. (ර)
මටනම් හිතෙන්නේ බාහිර පුදගලයෙක් පළමු පන්තියේ නිලදාරියෙක් වෙන එක හොඳයි. ඇමරිකාවේ ජනාධිපති වුනෙත් දේශපාලනය ගැන කිසිම පළපුරුද්දක් නැති පුද්ගලයෙක්නේ. එකම තැනක පල් වෙන, කිසිම වෙනසකට අකමැති, පගා ගහන කැමති අය තම ඔය කෑගහන්නේ. ජ්‍යෙෂ්ඨයන් උගන්වපු පගා ගැහිල්ල තමන්ට කරන්න බැරිවෙන එකට දුක ඇති. පාසල් වලට ළමුන් ඇතුල් කිරීමේදී වෙච්ච දේවල් මේ ළඟදිත් අහන්න ලැබුන. (ර)
පුටු රත්කරකර ඉන්න තරබාරු ගුරුවරයෙකු ක්‍රීඩා අධ්යක්ෂ වරයෙකු ලෙස පත්කර ඇති වැඩේ කීම? ක්‍රීඩා බාරව සිටියයුත්තේ දක්ෂ හමුදා නිලධාරියෙක්. (ර)
මුදිත මහත්තයෝ,හමුදාවේ ඔක්කොම ගුරුවරුන් හැටියට පත් කරලා ගුරුවරුන්ව හමුදා සේවයට පත් කොරමු නෙවද? මගේ නම් අදහස කිසිම පාසලක කිසිම නිලයක් සඳහා හමුදා නිලධාරින් පත් කිරීම වැරදි බවයි. හමුදාව කියන්නේ හමුදාවට! ඒක වෙනම රාජකාරියක් බව තේරුම් ගත යුතුයි! (බ)
අද රටේ කොතැනද සුදුස්සාට තැන ලැබෙන්නේ? (නි)
රොකී මහත්තයෝ, කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරුන් දෙදෙනෙකුම හමුදා නිලධාරීන් බව ඔබ දන්නවාද. රාජපක්ෂ යුගයේ ඉගෙනගත් අපි දන්නවා විදුහල තුළ කොතරම් ඉහළ විනයක් තිබුනද කියන එක. (නි)