තිළිණි ද සිල්වා
නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා තමා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම මඟින් සිය කීර්තිනාමයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුව ඇති බැවින් රුපියල් මිලියන 500ක මුදලක් දින 14 ක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එන්තරවාසියක් යවා ඇත.
නීතීඥ වසන්ත විජේවර්ධන , ලසන්ත විජේජ්වර්ධන හා අනූෂා විජේවර්ධන සහ නීතීඥ කණ්ඩායම මඟින් මෙම එන්තරවාසිවාසිය යවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ එල... නඩු ගොයම් කාගේ කාගේත් දේවල් හොඳින් දැනගන්න පුළුවන්...
සැලෙන්න එපා මහත්තයෝ... ඇත්ත නම් කියන්න බයවෙන්න එපා. 'අබ කෑ කෙනාගේ නහය දනවා' කියනවනේ.
අපේ මිනිසුන්ගේ අදහස් දැක්කම ඇතිවන පිළිකුල අප්‍රමාණයි. මුළු නාවික හමුදාවම, යුද්ධය ජයගන්න මාර්ගයට ගෙන ගිය කරන්නාගොඩ වගේ කෙනෙකුට අපහාස කරන හැටි දැක්කම... උතුරේ යුද්ධය, දකුණට ගේනවා කියල පාරම්බාපු ප්‍රභාකරන්ගෙන් කොළඹ බේරගන්න, රටේ බුද්ධි අංශ මොන වගේ කැපවීමක් කළාද කියලා දන්නෝ දන්නවා...
මතක නැතිද? සාමුහික වගකීම! සාමුහික වගකීම!
ප්‍රකාශය ඇත්තද බොරුද කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කරයි. මේකත් හරියට හොරාට කලින් කෙහෙල් කැන වට පැන්නා වගේ.
සින්නයිය මහත්තයෝ,කාගේ අතින් පත්වීම ලැබුවත් රැහේ එවුන්ට වින කරන්න එපා.ආදර්ශයට ගන්න ආදිවාසී නායක තුමා.පක්ෂ පාට මොකක් වුනත් දේශපලකයින්ව ආදර්ශයට ගන්න නම් එපා.
නාවික හමුදාපති වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බොරු කියයි කියලා හිතන්න අමාරුයි නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් වත් නැතුව යම් කෙනෙක් කලබල වේ නම් එය දෙපාරක් සිතා බැලිය යුතු කරුණක්. කෙසේ වෙතත් හමුදා නිලධාරියෙක් වැරදි කර ඇත්නම් ඔහු රණවිරුවෙක් නොවන අතර තරාතිරම නොබලා ඔවුන්ට දඬුවම් කල යුතුය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරපු ප්‍රකාශයක් අසත්‍ය නම් ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමේ වගකීම තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි. එවැනි ප්‍රකාශයක් අධිකරණයකට හැර තුන්වෙනි පාර්ශවයකට හෙළිදරව් කිරීමත් බරපතල වරදක් . . පුවත් පත් නිවේදනයක් මගින් හෝ මාධ්‍ය සාකච්චාවක් මගින් යම් අසත්‍ය ප්‍රකාශයක් කලානම් ඒ සඳහා එන්තරවාසියක් මගින් වන්දි ඉල්ලා, නොලැබුනොත් උසාවියේ පිහිට පතන්න පුළුවන් . මෙහි සමන් මහතා දක්වා තියන ""අබ කෑ කෙනාගේ නහය දෑම"" ඇත්තක් . තමන්ට චෝදනා එල්ල කරනවුන් මෙවැනි වන්දි ඉල්ලීමේ තර්ජන මගින් මෙල්ල කිරීමට උත්සාහ කිරීම් සැමවිටම සාර්ථක වන්නේ නැහැ .
නඩු දාපුවම ඇත්ත දැනගතහැකි
රටක් වටිනා සින්නයියාට විතරක් අපහස කරන්න එපා.
කීර්තිනාමයක් තියෙනවා නම් කිසිවෙකුට ඒකට අපහාස කරන්න බැහැ.
අපේ රටේ ගොඩක් ඉන්නේ පරගැති කල-ගුණ නොදත් මිනිස්සු . ඒ මදිවට නුගත් දේශපාලකයින්ගේ ගෝල -බාලයෝයි , එන්.ජි .ඔ කාරයොයි එකතුවෙලා රට බේරගන්න කැපවූ නායකයින්ට අවමන් කරනවා.වසන්ත කරනාගොඩ මහතා ඇතුළු විරුවන් කරපු එකම වැරැද්ද කොටින්ගෙන් රට මුදවාගන්න දායක වීම පමණයි . තමන්ගේම රටේ ජාතික හමුදාවට(ආරක්ෂක අංශ වලට) විරුද්දව අද්බුත චෝදනා නගා ඔවුන් හිරගෙදරට යවන්න වෙරදරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි . මේ කරන්නේ දෙමල කොටි හිතවාදීන් සතුටු කිරීමයි .
සින්නෛය අතීතයේ දේවල් හරාවුස්සනේ නැතිව ඉදිරියේ සාර්ථකත්වයට සැලසුම් කලයුතුය ...ලැබුන තනතුරෙන් නිහතමානීව රාජකාරිය ඉටුකලයුතුය ...රත්තරන් මලය දාගත් බොහොඩ වගේ ඉන්න තවත් විග්නේශ්වරම් කෙනෙක් නොවිය යුතුය ..දෙමල පුද්ගලයන් පත් වුන හැම තනතුරේම රටට හානි ගෙනෙන ප්‍රශ්න ...'
රාජපක්ෂලා කරපු එක නරක දෙයක්නම් කරන්නාගොඩට යුද්ධයෙන් පසුව හිමිවිය යුතුව තිබු ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී තනතුර ඔහුට නොදී සරත් ෆොන්සේකාට දීමය. එයට හේතුව ෆොන්සේකා පුද්ගලික තරහක් නිසා කරන්නාගොඩට අකමැති වීමය - ෆොන්සේකා කරන්නාගොඩට වඩා හමුදාපති සේවාවෙන් අඩු විය. යුද්ධය දිනන්න ත්‍රිවිධ හමුදාවෙන් අඩිතාලම දැම්මේ කරන්නාගොඩය. ඒ ෆොන්සේකා හමුදාපති වීමට කලින්ය. ඔහුගේ මෙහෙයවීම් යටතේ කොටින්ගේ ආයුධ නැවු නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මුහුදේදී විනාශ කරද්දී හිටියේ ෆොන්සේකා නොව වෙන හමුදාපති කෙනෙකි (කොට්ටෙගොඩ). මේවා අපි දැක්කේ පිට රටවල රුපවාහිනී ජාල වලින් - සී එන් එන් සහ රොයිටර් හරහා. ඒ වගේම ට්‍රැවිස් සින්නයියාත් ඔය කියන මෙහෙයුම් වල කපිතාන් කෙනෙකු හැටියට සිට ඉන්පසු අස්වී ඇමරිකන් තානාපති කාර්යාලයේ සේවයට ගිය බවයි 2012 වසරේ අන්තර්ජාලයේ පලවූ ලිපියක තිබෙන්නේ. එම නිසා ඔහුගේ මේ කියමන ගැන නැවත සිතා බැලිය යුතුය. ඇමරිකන් එමබසිය වැඩ කරේ කොටින් වෙනුවෙනි.
කොහොමත් පහුගිය ආණ්ඩුව කාලේ ලංකා ඉතිහාසයේම නොවූ විරු අපරාධ, දුෂණ, මිනීමැරුම්, කප්පම් ගැනීම්, පැහැරගෙන යෑම් වැනි එකී මෙකී නොකී හැම අපරාධයක්ම සිදුවුණු බව රටටම නොරහසක්. රට කරපුවුන් ඉඳන් හැම එකාම පුළු පුලවන් විදියට අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. එතකොට ඔවුන්ට සාධාරණය, මනුස්සකම වැනි හැඟීම් තිබ්බේ නැහැ. විශේෂයෙන් ජාති ආලේ පෙරටු කරගෙන කරන්න පුළුවන් හැම කුපාඩි වැඩක්ම කරා. ගොඩක් අපරාධ සිදුවුනේ, එක්කෝ හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන්...හෝ ආරක්ෂක අංශ විසින් බවයි මාධ්‍ය වාර්තා කලේ. ඉතින් ඔය කියන හිටපු ලොක්කට වුනත් බොරුවට දඟලන්න දෙයක් නැහැ වැරැද්දක් කරලා නැත්නම්. සින්නය්යා මැතිඳුනි.., ඔබට ජය ශ්‍රී.
සින්නයියා ළඟ මිලියන 500ක් නැහැ මහත්තයෝ.ගෙවන්න බැරි වන්දි ඉල්ලලා බොරු නඩු දාලා කීර්තීනාමයට තව හානි කරගන්නේ ඇයි. දේශපාලුවන්ට නඩු දැම්මොත් විතරයි මේ වගේ ගනන් වල වන්දියක් ගන්න පුළුවන්.
සින්නයියා කියනකොට හැමෝටම තද වෙලා වගේ. අනේ ලංකාව වගේ රටක්. මොනවා කලත් කමක් නෑ සිංහල නමක් තියෙන දේශපාලකයෙක් නම්. සිංහල ද දෙමල ද නෙමෙයි ඇත්ත ද බොරුද කියන එකයි බලන්න ඕන.
ෆොන්සේකාගේ ඉත්තෝ දාලා පලිගැනීම් අඛණ්ඩව පෙරට....
කරන්නාගොඩ වීරයෙක්..
ඇත්ත ද බොරුද කියන එකයි බලන්න ඕන.
කොහොමත් පහුගිය ආණ්ඩුව කාලේ ලංකා ඉතිහාසයේම නොවූ විරු අපරාධ, දුෂණ, මිනීමැරුම්, කප්පම් ගැනීම්, පැහැරගෙන යෑම් වැනි එකී මෙකී නොකී හැම අපරාධයක්ම සිදුවුණු බව රටටම නොරහසක්. රට කරපුවුන් ඉඳන් හැම කෙනෙක්ම පුළු පුලවන් විදියට අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. එතකොට ඔවුන්ට සාධාරණය, මනුස්සකම වැනි හැඟීම් තිබ්බේ නැහැ. විශේෂයෙන් ජාති ආලේ පෙරටු කරගෙන කරන්න පුළුවන් හැම අවැඩක්ම කරා.