දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් නඩරාජ් මහතා 2006 නොවැම්බර් 10 වැනිදා කොළඹ , ඇල්විටිගල මාවතේ මාතා පාරේදී ඝාතනය කළැයි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික සහකාර නිලංග සම්පත් මුණසිංහ නොහොත් ‘නේවි සම්පත්‘ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (29) නියෝග කළේය.
රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක්ද ඔහුට නියම කෙරිණි. එම ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදාවේ තවත් පිරිසක් රිමාන්ඩ් භාරයේ පසුවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානාම මිනීමරුවන් හොරුන් මංකොල්ල කාරයන් රණවිරුවා නොවේ කරුණාකර නියම විරුවන්ට අපහස කරන්න එපා ඔබ වගේම අපිත් බලගේනේ ඉන්නේ ලස්සන සෞබග්‍යමත් රටක් බිහිවෙනවා දකින්න නමුත් හිටපු ලොක්කට බැහැ එක කරන්න එය එන්නේ බලයට තියන කදර්කමට. (හේ)
කණගාටුයි හමුදාපති තුමනි. ඉවසන්න අගෝස්තු 18 වෙන තුරු . මහජනතාව අපේ වීර රණවිරුවන්ව ආරක්ෂා කරන්න පෙළ ගැසෙන බව විශ්වාසයි. ජන 8 වෙනිදා මෛත්‍රී මහතාට ඡන්දය දුන් සියලුම රණවිරු පවුල් හා රාජ්‍ය සේවක පවුල් එජාපෙ ට ඡන්දෙ නොදෙනු ඇත. මක්නිසාද මේ රාජ්‍ය සේවකයන් විව්ධ හේතු පෙන්වා දංගෙඩියට යවන්න හදන නිසා. (බ)