‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති, අගමැති හෝ කැබිනට් මණ්ඩලය නොව මහජන පරමාධිපත්‍ය බල සම්පන්න බැවින් රාජ්‍ය සේවකයන් ඒ අනුව යමින් ජනතාවට සේවය කළ යුතු බව’ හික්කඩුව, ගෝනාපීනුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ස්වදේශ අමාත්‍ය වජිර අබේගුණවර්ධන මෙසේ පැවසුවේය.
අකුරල සිට ගාල්ල දක්වා සංචාරක කලාපයක් ඉදිකිරිමට යෝජනා කර ඇති බවද, අම්බලන්ගොඩ, බලපිටිය, කරන්දෙණියේ අක්කර 300ක නිදහස් වෙළඳ කලාපයක් පිහිටුවන බවද කොග්ගල වෙළඳ කලාපය සංවර්ධනය කර තවත් 3500 දෙනෙකුට පමණ රැකියා අවස්ථා ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇමැති සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම කරන්දෙණිය කර්මාන්තපුරය අද පත්වෙලා තියෙන තත්වය ගැන සොයා බලන්න. (නි)
ඇමතිතුමා, තනතුරු වලට කට්ටිය පත්කරනකොට දූෂිතයෝ එහෙම පත්කරන්න එපා (නි)
මහජන පරමාධිපත්‍ය, ජන රජය මේකේ තේරුම 90% ම දන්නේ නැහැ මහා ජනයාට මේක තේරුම් කරලා කියල දෙන්න මාධ්‍යවේදීන්ට හරි කාට හරි පුළුවන් නම් ඉතා වැදගත් !! (බ)