
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
කරන්දෙණිය දිසා රෝහල අද (7) සිට කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කර ඇත.
කොවීඩ්-19 රෝගීන් 100 දෙනෙකුට එකවර නේවාසිකව ප්‍රතිකාර කළහැකි අයුරින් මේ රෝහලේ වාට්ටු සකසා තිබේ.
වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පුහුණුකර ඇත.
ප්‍රතිකාර ලබන රෝගීන්ට රෝහලෙන් පැනයාමට නොහැකි අයුරින් දම්වැල් ගසා ඇති අතර ටකරන් තහඩුවලින් වට කොට තිබේ.
අද (7) සිට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන කරන්දෙණිය දිසා රෝහලේ වාට්ටු නිරීක්ෂණය කිරීමට දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, කරන්දෙණිය දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ටී. ප්‍රනීත් යන මහත්වරු ඇතුලු කණ්ඩායමක් සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd