(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (23) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,450 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර වයස අවුරුදු 60 ඉක්මවූ දෙදෙනෙක් සහ වයස අවුරුදු 30ත් 59ත් අතර එක් තිදෙනෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ දැක්වේ.

මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 4 දෙනකු සහ එක් කාන්තාවක් ද වන බව එහි සඳහන්ය.