(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 11 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,361 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 8 දෙනකු සහ අවුරුදු 20 ත් 59 ත් අතර 3 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 4 දෙනකු සහ කාන්තාවන් 7 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd