(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරසය පැතිරයාම විශාල වශයෙන් පාලනය වී ඇතැයි කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සධක බළකායේ ප්‍රධානි යුද හුමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
යුද හමුදාපතිවරයි ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව කොවිඩ් - 19 පාලනය පිළිබඳව ඇමැති මණ්ඩලයට පැහැදිලි කිරීමක් ද කර ඇත.
කෝවිඩ් -19 වයිරසය පාලනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටින බව මෙහිදි පවසා ඇති යුද හමුදාපතිවරයා කොවිඩි එන්නත් කරන වැඩසටහන ද සර්ථකව ක්‍රියාත්මක වන බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව දේශපාලනීකරණය වෙලාද? එහෙම නැතිනම් දේශපාලනය හමුදාකරණීය වෙලාද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා.
ඇත්තට?
සර් පාස් කියලද කියන්නේ?
අනේ පට්ටපල් බොරු කෙලින්න එපා... අපිටත් මොළයක් කියලා එකක් තියෙනවා ළමයෝ..!!!
අපෝයි .. ඔව්...!!! එහෙම පිටින්ම පාලනය කළා.
පාලනය කළා. මොකක්ද පාලනය කළේ? නිකම් පොරටෝක් දෙනවා. ලෝකේ හැමතැනම මේ දවස්වල අඩුයි. ඒත් මිනිස්සු මැරෙනවා. හැබැයි අප්‍රේල් වෙනකොට ආයෙත් වැඩිවෙන්න පුළුවන්. එතකොට ඔය පොර ටෝක් වෙනස් වෙනවා. රටේ මිනිස්සුන්ට වහ. මේ අයට රහ...
පාලනය කළ ටෙස්ට් ගාන අඩු කරලා...