බොලිවුඩයේ සුපිරි නිළියක වන කරීනා කපූර් මේ වනවිට මාස 3ක ගැබිනියක් වී සිටින බව "සන්ටා බන්ටා" වෙබ් අඩවිය වාර්තා කරනවා. ඒ පිළිබඳව ඇයගේ පියා වූ රන්දිර් කපූර් මාධ්‍යය හමුවේ ප්‍රසිද්ධ කිරීමත් සමග කරීනා මේ වනවිට ගැබ්ගත් පුවත සත්‍යක් වී තිබෙනවා. පසුගිය කාලයේ කරීනා ගැබ්ගත් පුවත කටකතාවලට පමණක් සීමාවී තිබුණා.
මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නගරයේ නිවාඩුවක් ගත කිරීමට එක්ව සිටි කරීනා හා සිය සැමියා වූ සායිෆ් අලී ඛාන් ලන්ඩන් නුවර සාප්පු සංකීර්ණයකට ගොඩ වැදි එහි භාණඩ මිලදී ගන්නා අයුරක් පැපරාසි කාචවලට හසුව තිබෙනවා. කෙසේ වෙතත්, වෙනදා සිය ඇඳුම් පැලඳුම්වලට මුල්තැනක් දෙමින් සාප්පු සවාරියේ යෙදෙන කරීනා මෙවර නිවාඩුවේදී වැඩිපුරම අවධානය යොමු කර තිබුණේ රසවත් පලතුරු හා පෝෂ්‍යදායී එළවළු සඳහා බව මෙම පැපරාසි තොරතුරු වැඩිදුරටත් සඳහන්.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් එයාගෙත් රඟපෑම අවසන්වෙයි වගේ (නි)