පවතින අධික වැසි සමඟ දඹුල්ල වෑ මැඩිල්ල ජලාශය ද වාන් දමා තිබේ. වැවේ වානෙන් යන මසුන් අල්ලා ගැනීමට පිරිස් ඇදී ආහ. මෙම ජලාශයෙන් පිටාර ජලය මාලාව ඔය දිගේ කලා වැවට යයි.
මාතලේ අද පැවති මහ වැසි සමඟ මකුළතැන්න ඇළ ද පිටාර ගලා කුඹුරු අක්කර 200 ක් පමණ යටවී ඇත.
කාංචන කුමාර ආරියදාස
මහේෂ් කීර්තිරත්න





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත්තු මරන එකේ ආදීනව දන්නා කෙනෙක් කවදාවත් ඔය පණ්ඩිත කතා කියන්නේ නැහැ. හොඳ පොළොස් මාළුවක් එක්ක, පොල් සම්බෝලයකුයි ,කොළ මැල්ලුමකුයි, අච්චාරු ටිකක් මුට්ටියක හදාගෙන තිබුනා නම් ඒ ටිකකුයි, නෙලුම් අල මාලුවකුයි හදාගෙන කෑවා නම් පාපයක් නොකළ නිසා හිතටත් පිරිසිදුයි. කටටත් රසයි. දැන් කියන්න එපා හැමදාම එකම කන්න පුලුවන්ද කියලා. ලංකාවේ තිබෙන හොඳ රසවත් කෑම ජාතිවල ලිස්ට් එක කියලා ඉවර කරන්න බැහැ. මස් නොකන අයට ලෙඩ හැදෙනවත් අඩුයි. (නි)
ෂා.... හරිම ලස්සන ඡායාරූප ටිකක් (නි)
ලංකාවේ අති බහුතරයක් මේ මිනිස්සු වගේ තමා වතුරේ ගහගෙන යන මාලුවෙකුටවත් නිදහසක් නැහැ. මහන්සිවෙලා ජීවත් වෙන්න උවමනාවක් නැහැ. නිකම්ම ඉඳගෙන ආණ්ඩුවෙන් දෙනකම් බලාගෙන ඉන්නවා. (ර)
මාළු මරලා කෑවට පවු සිද්ධවෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
අනතුරුදායකයි කියලා දැන්වීම් සවිකළ එකෙනුත් වැඩක් නැහැ වගේ. (නි)
ෂා... ලස්සන මටත් යන්න තිබුනානම්. (ර)
මේ අය අමාරුවෙන් අල්ලන එක රසකරමින් කකා "අනේ පව්" කියන තරම්, මේ වතුරේ බැහැගෙන කරන "පව්' වැඩේ ඔය කියන තරම් මිහිරි නැහැ. (නි)
මොනවා වුණත් මේකේ මහා ලොකු වරදක් මම නම් දකින්නේ නැහැ. කෑගහන අය මාළු නොකන අය නම් කෑ ගැහුවට කමක් නැහැ.මම නම් කනවා. (නි)
ඔය කියන හැමෝම අය මාළු නොකන අය වෙන්න ඇති. (නි)
මෙතන ඉන්න ගමන් වතුරේ වැටිලාහරි මොකක්හරි කරදරයක් වුණොත් ඔය දේවල් වල ආදීනව තේරෙයි. (නි)
වසන්ත, මාලු අල්ලන එක මහන්සි නොවී කරන වැඩක්ද? (නි)
කන්න බොන්න අවශ්‍ය තරමින් තිබිලා මෙහෙම විනෝදයට මාළු ඇල්ලීම වැරදියි. ඒත් දරු පවුලක් ඉන්න දුප්පත් මිනිහෙක් පවුලේ කුසගින්න නිවන්න පෝෂණයක් දෙන්න චේතනාව මුල්කරගෙන මෙසේ මාලුවෙක් ඇල්ලුවට මට නම් වරදක් පෙන්නේ නැහැ. මොකද කවුරුත් මෙතන ඒ මිනිස්සුන්ට කන්න දෙන්නේ නැහැනේ (නි)
සමහරු හිතාගෙන ඉන්නේ මාළු අල්ලන එක පහසු වැඩක් කියලා. අනික ඔය දැන් කෑගහන හැමෝම මාළු නොකන අයද? සමහරවිට මේක මේ අයගේ රැකියාව වෙන්න ඇති. පව් කරන්නේත් මේ මිනිස්සු ආසවට නෙමෙයි ජීවත්වෙන්න. (නි)
මාළු මුහුදේ ඇල්ලුවත් එකයි, කොහේ ඇල්ලුවත් එකයි.මිනිසුන්ට මුහුදේ ගිහිල්ලා මාළු අලන්න බැහැනේ.ඔහොම හරි වේලක් පිරිමහගන්න තියෙනවා නම් ලොකු දෙයක්.නැත්නම් ලංකාවේ සල්ලි දීලා මාළු කන්න කාටද තියෙන්නේ? (නි)
කොසොල් රජු දුටු සිහින සැබෑවෙන කාලයද කොහෙද? (නි)
මාළු අල්ලන හැමෝම පවුකාරයෝ නෙමෙයි (නි)
අනුන්ගේ පවු හදන්න පළමුව කට්ටිය තම තමන්ගේ පවු හදාගත්තා නම් හරි. (නි)
මේ අදහස් දැක්කහම මට නම් හිතෙන්නේ මේ එක්කෙනෙක්වත් ලංකාවේ අය නෙමෙයි කියලා (නි)
මීළඟ ආත්මයේ නුඹලා මාළු වෙලා මෙතනට එයි (නි)
එතකොට ධීවරයො තරම් පවුකාරයෝ වෙන කොහෙවත් නැහැ. තමුන්ගේ පෞද්ගලික අදහස් වලට නොගැළපෙන නිසා අනික් අය විනිශ්චය කරන එක වැරදියි. (නි)
මම නම් මෙහෙම අයට කියන්නේ මිහිපිට පෙරේතයෝ කියලයි (නි)
කෝ මාළු? පෙනෙන්න නම් නැහැ (නි)
මෙතන ඉන්න විශ්ලේෂක උපාසකයෝ ටික ලංකාවේ පොළවේ පය තියාගෙන කථා කරොත් හොදයි.දුප්පත් මිනිසුන්ගෙ ජීවිතේ දන්නෙ ඒ මිනිස්සු විතරයි.(දිල්)
වැහි දවස්වලට මාළු අල්ලලා පොඩි "ෂොට්" එකක් ගහන එකේ සතුට කොළඹ ඉන්න අය දන්නවද? (නි)
ඊ ළඟ ආත්මයේ පළ දෙනකොට තේරේවි (දිල්)
අපේ රට මොනතරම් සුන්දරද? මට හිතුනේ එච්චරයි. හිත මොහොතකට එක තැනකට ගෙනෙන්න පුළුවන් වුණා.ලංකාදීපයට ස්තුතියි. (නි)
මාලු ඇල්ලන එක පවු ද? (නදී)
බල්ලෝ බළල්ලු ගානට මිනීමරන රටේ, මාළු කටේවත් තියන්නේ නැති උපාසක මහත්ත්වරු! (නි)
කන්න නැතුව මියගියත් වෙනත් සතුන්ගේ ජීවිත නැතිකරන්නේ නැහැ අපි නම් (නි)
මාළු ඇතත් නැතත්, පරිසරය ඉතා සුන්දරයි. (ර)
දඹුල්ලේ ඉන්නේ ගොඩක් දුප්පත් ගොවියෝ. මෙම උදවියට හොට්ඩොග්ස්, කුකුල් මස් පිටරටින් ගෙනාපු ටින් කෑම නැ. කරෝල කැල්ලක් හරි වැව් මාලු කැල්ලක් හරි ලැබන්නේ කලාත්රුරකින්. නිමල් ඔබත්, මමත් ගමේ, ගොඩේ හැදුනු අය වෙන්න ඇති. නිමල්, බලන්න ඔය ගත්ත පින්තුරේ. මමත් කුඹුරු ගොවිතැන් කරලා තියනවා. වැස්සේ කඩාගෙන ගිය වක්කඩවල් බැඳලත් තියෙනවා. (ර)
මෙහෙම පව්කාරයෝ! (නි)
මාලා, අනුර , එතකොට කඩෙන් අරගෙන මාළු කන ඔහෙලට මොකක්ද අපිට කියන්න වෙන්නේ? (නි)
දාල තියෙන කමෙන්ට් දැක්කම හිනහ යනවා. මස් මාළු හොදටම කන අය තමා බැනල කමෙන්ට දාල තියෙන්නේ එක අපේ රටේ මිනිස්සුන්ගේ හැටිනේ (නදී)
මාළු නෙමෙයි, කවුරුහරි ගහගෙන ගියාම තමයි කට්ටියට ඇස් ඇරෙන්නේ. මෙච්චර පැහැදිලිව බෝඩ් ගහලා තියෙද්දිත් කිසි ගණනක් නැති හැටි. (නි)
මේක නියම වැඩක්. දන්නෝ දනිති ... (නි)
දැන් මේ මාළු අල්ලනවට විරුද්ධ උපාසක මහත්වරු මාළු කෑල්ලක් ,මාළු හොද්දක් කාලාම නැද්ද? අන්තර්ජාලයේ නම් උපාසක මහත්වරු ගොඩයි (නි)
මාළු ගොඩ එනකොට අල්ලගන්න බලාගෙන ඉන්න. (නදී)
මාළු කනවා. මාළු කියලා මාළුන්ගේ මසුත් කනවා. එහෙම කරලා මාළු අල්ලන අයට දොස් කියනවා. ඕක තමයි මම දැක්කේ (නි)
"මාළු අල්ලන හැමෝම පවුකාරයෝ නෙමෙයි"ලු.? (ර)
පව කරන්නා, තමා කරන්නේ පාපයක් බව නොදැනීම පවේ ස්වභාවයයි. (ර)
ලංකාවේ මාළු කාපු නැති අයගේ අදහස් ටික දැක්කහම මැරෙන්න හිතෙනවා. (නි)
පවු අහිංසක සත්තු. (නි)
සමහරු කටවල් ඇරලා තියෙන්නේ හරියට වක්කඩ කැඩිලා වගේ. ඔහේ දොඩවනවා. (නි)
මෙයාලට අමතකද සුනාමි වෙලාවේ මාළු බෙදාගන්න ගිය අයට වුණ දේ? (නි)