(රේඛා තරංගනී  ෆොන්සේකා/ මුදිතා දයානන්ද)

කරදියාන කසල අංගනයේ අවට ප්‍රදේශවාසීහු කොළඹ කුණු කරදියානට රැගෙන ඒමට විරෝධය පළ කරමින් අද (19) විරෝධතාවයේ නිරත වුහ.
 
කොළඹ සිට පැමිණි බවුසර අටක් ඔවුහු යළි පිටත් කළහ. ප්‍රදේශය අවට පොලිස් ආරක්ෂාව තර කර ඇත. මේ වනවිටත් කරදියාන කසල අංගනයට ඇතුළුවන ස්ථානයේ විරෝධතාකරුවෝ 300- 400ක් පමණ රැඳී සිටිති.

ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා

ඡායාරූපය - බිමල් ශ්‍යාමන් ජයසිංහ