මහ මැතිවරණ නාමයෝජනා දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජයේ අට දෙනකුට නාමයෝජනා දීම ප්‍රශ්නයක් වී ඇතැයි ජනපති කාර්යාල ආරංචි කියයි.
මේ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා ප්‍රකාශයක් කිරීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ අගමැති ද නාමයෝජනා ගැන අඟහරුවාදා (07) ප්‍රකාශයක් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීම සම්බන්ධයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනපතිට දොස් කියා ඇතැයි ද දැනගන්නට ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදිය යුතුය යන ස්ථාවරයේ දැඩි ලෙසම කුමාරතුංග මහත්මිය සිටියාය.
මැතිවරණ කොමසාරිස්ට නාමයෝජනා බාර දීමේ අවසන් දිනට ලබන සඳුදා (06) ය. එහෙත් දේශපාලන පක්ෂ මේ සතිය අවසන් වීමට පෙර සියල්ල සකසා සිය නීතිවේදීන් මගින් අඩුපාඩු ද හදා නාමයෝජනා කටයුතු අවසන් කිරීමට නියමිතය.
මේ අතර නාමයෝජනා දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට එරෙහි බලවේග ගැන වාර්තාවක් ජනපතිට ඉදිරිපත් කිරීමට කුමාරතුංග මහත්මියට දන්වා ඇතැයි ද දැනගන්නට තිබේ.
නාමයෝජනා පිළිබඳ කැපිලි කෙටිලි හා එකතු කිරීම් මැද්දේ මහින්ද රාජපක්ෂ පිළත් මෛත්‍රී පිලත් වෙන වෙනම නාමයෝජනා ද සකසා ඇතැයි කියති.
ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම එම විකල්ප වැඩපිළේ අරමුණ බව ද දැනගන්නට තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ පොදු පෙරමුණේ පුටුව ලකුණ ද, මහජන එක්සත් පෙරමුණේ කරත්ත රෝදය ද දෙපාර්ශ්වීය විකල්ප ලැයිස්තුවල ඇතැයි ද දේශපාලන ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ආදරේ හිතෙනවා දේශපාලුවෝ මහ ජනතාව ගැන හිතලා නාමයෝජනා වලට දඟලන විදිහ දැක්කහම! (නි)
නිශාන්ත කියන්නේ බත් කන හරක් කුලේ කෙනෙක්ද කොහෙද? මහින්ද මහතාට ලැබුණු බහුතර ඡන්ද සිංහල බෞද්ධ ඡන්ද. දෙමල මුස්ලිම් ඡන්ද මෛත්‍රීට නොලැබුනා නම්, අදටත් ජනපති මහින්ද. ඔයාගේ ටිකිරි මොලේට ඕක තේරෙන්නෙම නැද්ද? (නදී)
හරි නිශාන්ත මහත්තයෝ,මහින්ද මහත්තය පැරදුනා.ඒ පැරදුනේ සන්ධානයෙන් ඉල්ලලා.සන්ධානය වෙත ලැබුණු ලක්ෂ 58 ක ජනතා කැමැත්තක් ඇතුව.මෛත්‍රී මහත්තයා දිනුවා.ඒ සන්ධානය් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා හැටියට සන්ධානයේ ලක්ෂ 58 ක ජනතා කැමැත්ත නැතුව.එහෙමනම් සන්ධානයේ ඒ ජනතා කැමැත්ත නැති කෙනා කොහොමද සන්ධානයේ ජනතා කැමැත්ත ඇති කෙනාගේ තරඟ කිරීමට අභියෝගයක් වෙන්නේ? (නි)
අපිට බයක් සැකක් නැතිව ජීවත් වෙන්න ඉඩ හදල දුන්නේ මහින්ද. අපිට ඉස්සර රස්සාවට ගිහිල්ල ගෙදෙර එනකම් විස්වාසයක් තිබ්බද.? (ර)
මහින්ද රාජ්‍ය බලයත් තියෙද්දී එහෙම පැරදිලා දැන් මේ බලයත් නැතුව ඒ ගත්ත ඒවායෙන් 50% ක්වත් ගන්න බැහැ කියලා තේරෙන්නෙම නැද්ද? (නි)
මේ කවුරු කවුරුත් එක එක වෙස් අරගන එන්නේ අපිට තියන ආදරයකට නොවෙයි බල තණ්හාවට පමණි කියලා දැන්නම් ඡන්ද දායකයන්ට හොදට දැනෙනවා .(හේ)
ජනතාවනි, අවදියෙන් සිටින්න. ඔබේ තීරණය බුද්ධිමත්ව ගන්න (නි)
නිශාන්ත,ඔබතුමා නම් හීන ලෝකෙක කියලා පේනවා ඉන්නෙ. පහුගිය ඡන්ද ප්‍රතිඵල අරගෙන බලන්න. මෛත්‍රී මහතා දිනුවෙ ලක්ෂ 4කින්. වන්නි, යාපනය, මඩකලපුව, දිගාමඩුල්ල දිස්ත්‍රික්ක වලින් විතරක් වැඩි ඡන්ද ලක්ෂ 6.5ක්. දැන් අහන්න එපා ඒවා ලංකාවෙ දිස්ත්‍රික්ක නෙමෙයිද කියලා. (නි)
කාට කරන්නද මේ දගලන්නේ.රටට කරපු දෙයක් නම් නැහැ.(ම)
මහින්ද එන්නේ මොන ලකුනෙන්ද ? අපි ඡන්දෙ දෙන්නේ ඒකට. මහින්ද සමග ලක්ෂ 58 තාමත් ඉන්නවා කියන එක අමතක කරන්ඩ එපා. (නදී)
මහත්තයෝ, නිදහස ලබලා වසර 60ක් යනතුරු අධ්වේගී මාර්ග තිබුනද? වරායවල්, ගුවන් තොටුපළවල් හැදුවද? ජනාධිපතිලා 4ක් හිටියා. යුද්ධය නැතිකරලා අපිට නිදහසේ ජීවත්වෙන්න දුන්නේ කවුද? තව කොපමණ ජයග්‍රහණ තියෙනවද? (නි)
කරත්ත රෝදය දැන් බකල් ගහනවා, පුටුවේ කකුල් කැඩිලා. ඉතින් පණ දුන්නත් ඇති වැඩක් තියෙනවද? (නි)
මෙතන අදහස් දාන සමහරක්ට මොළය නැහැ. ලක්ෂ 58 ක් දැන් නැහැ. මොකද සමහරක් අප්ප්චි මළා කියලා ඇවිල්ලා ඇමතිකම් ගත්තනේ! (නි)
මහින්ද ජනාධිපතිතුමනි, ජනතාව ඔබ සමඟයි...!!! (නි)
සන්ධානයේ ලොක්කා හිතනවා ද දන්නැ මහින්ද නැතුව අපි ජන්දේ දෙයි කියලා (ම)
රනුක, ජනතාව මහින්ද සමඟ නම් ජනවාරි 8 පැරදුනේ කොහොමද? මෙච්චර කල් නිදගෙනද ඔයා හිටියේ? (නි)