මතබේදාත්මක ලෙස ඝාතනයට ලක්වු තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වු මහේස්ත්‍රාත් පරීක්ෂණයේ වාර්තාකරණ කටයුතු වල නිරතවී සිටි මාධ්‍යෙව්දියා ගේ සටහන් පොත් එම අධිකරණයේ පොලිස් සැරයන් විසින් උදුරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමසීමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා කර්තෘ සංසදය අද (18) අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය .
එම සිද්ධිය මාධ්‍ය නිදහසටත්, පුවත්පත් කලාවේදීන්ට හිමි ව්‍යවස්ථානුගත අයිතිවාසිකම් හා පොදු ජනතාවගේ අවධානයට යොමුවුත් ප්‍රසිද්ධ නඩු විභාගයක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට පුරවැසියන්ට ඇති අයිතියට සෘජුවම බාධා එල්ලවන්නාවූත් සිද්ධියක් බැවින් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි කර්තෘ සංසදය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ සංගීත පුටු තරඟයක් වෙලාද?පොලිස් කොමිසම නිහඬද? (ම)
කෝ අර හැමදේටම ගිරවා වගේ කෑ ගහන ප්‍රකාශක එයා මොකද කියන්නේ (බ)
මේ ඉල්ලීම නීතිය හා සාමය පිලිබඳ ඇමැතිවරයාටත් ඉදිරිපත් කළ යුතුයි . ඇමැතිවරයා හොරගල් අහුලමින් පොලිසිය ආරක්ෂා කිරීමට තැත් කරමින් සිටියත් මේ පිළිබඳව ක්‍රියා කිරීම ඇමැතිවරයාගේ වගකීමක් නිසා මේ ඉල්ලීම ඔහු වෙතත් යොමු කරන්න ක්‍රියා කරන්න . (ම)