රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාල දරු දැරියන්ගේ ‘‘සුහෘල්ලේඛා 2015‘‘ චිත්‍ර ප්‍රදර්ශනය හෙට සිට 27 දක්වා විද්‍යාලයීය ප්‍රධාන ශාලාව්දී පැවැත්වේ. ‘‘කරුණාවේ සුහද අන්තය‘‘ නම් වන මෙම චිත්‍ර ප්‍රදර්ශනයට නිර්මාණ 275කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත. ඊට විදුරු කැබලි, රෙදි කැබලි, වැනි විවිධ ද්‍රව්‍ය යොදාගත් නිර්මාණද මීට ඇතුළත් වේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1976 - 1982 කාලයේ මම ඉගෙනගත් පාසලේ වර්තමාන දරුවන් ගැන ආඩම්බර වෙනවා (නි)
මගේ ගමේ පාසැල. මමත් පලවන වසරේ ඉදල පස්වන වසර දක්වා ඉගෙන ගත්ත මගේ පළමු පාසල මේක. මගේ දරු දෙන්නත් යන්නේ මේ පාසලට. විසේස හැකියාවන් ඇති දරු දැරියෝ ඕන තරම් මේ පාසැලේ ඉන්න බව කිව යුතුමය. නමුත් යම් හේතුන් මත දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අඩපන වන බවක් දැනගන්න ලැබෙන අතර ගුරුභවතුන් මිට වඩා තම කැප කිරීම් මේ පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යෙදෙව්වොත් මිට වඩා රටේ නමගිය පාසලක් බවට පත් කරගත හැක. (නදී)
මගේ පුතා යන්නෙත් මේ පාසලට - පියෙකුගෙන් සුබ පැතුම් !!! (ම)
මට හරිම ආඩම්බරයි මම ඉගෙනගත් පාසලේ නංගිලා මල්ලිලාගේ දක්ෂතා ප්‍රදර්ශනය කරනවට. මම දැනට දකුණු කොරියාවේ පුසාන් වල හිටියට කවදාවත් මම මගේ පාසල අමතක කරන්නේ නැහැ. මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
ගම්පහ බණ්ඩාරනායක තවත් බෞද්ධ පාසලකින් සුබ පැතුම් !!! (නි)
මම විභාගය ලියන අවුරුද්දේ, මාත් එක්ක එකට සහභාගිවුණු මගේ පන්තියේ අය මට තවම මතකයි. විමලසේන,ප්‍රේමදාස,ජයරත්න,නොර්මන්,සරණපාල,කරුණාරත්න,උපාලි, මාලනි,මාලා,කුසුමාවතී සහ තව බොහෝ නම් අය ඉන්නවා.... (නි)
මෙම කළා කෘති අන්තර්ජාතික තත්වයට තියෙනවනේ !! මට හරිම පුදුමයි මෙවැනි උසස් කලා කෘති පොඩි දෑත් වලින් කරලා තියෙන විදියට !! මෙම ගුරුතුමිය ඉතා ඉහලින් ප්‍රසංශාවට ලක් විය යුතුනේ !!(හේ)
මේ සිසු සිසුවියන්ගේ දක්‍ෂකම් ඔපවැටිලා තියෙන්නෙ චිත්‍ර භාර ගුරුතුමියගේ කැපවීම නිසා බව නොකියාම බැහැ. මීටපෙර සිටි විද්‍යාලයේදී මමත් මෙතුමියගෙන් චිත්‍ර හදාරා ලබාගත් හැකියාවෙන් අද මම ඇමෙරිකාවේදී වීඩියෝ ගේම් නිර්මාණකරණයේ යෙදෙනවා. එතුමියට සහ මේ දක්‍ෂ සිසු සිසුවියන්ට මගේ සුබ පැතුම්! (නි)