විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.
රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වු ශරිර ඇප හතරක් මත කොටි සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායකයා ද ගිය රජයේ හිටපු ඇමැතිවරයකු ද වු කරුණාට විදේශ ගමන් තහනම් කැරිණි.
සෑම ඉරුදිනකම පොලිසියේ පෙනී සිටිය යුතු බවට නියම විය.
රුපියල් අට කෝටියක් වටිනා වෙඩි නොවදින රථයක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර වාහනය ආපසු ගත්තද එතකොට?