IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුරුණෑගලම පිපාසයේ?

(ජනූර් කිචිලාන්)

දැඩි නියගය නිසා දැදුරු ඔයේ ජල මට්ටම පහල යාම හේතුවෙන්  කුරණෑගල නගරයට ජල සැපයුම සීිමා කිරිමට සිදු වන බව ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ඉංජිනේරු කුසල් මනම්පේරි මහතා පැවසීය. 

කුරුණෑගල නගරයට ජලය දිනකට ඝන මීටර් 13000ක් පමණ ප්‍රමාණයක් නිකුත් කරන අතර  අද (18) සිට ඝන මීටර් 8000ක් දක්වා අඩුකර බෙදා හැරීමට සිදුවී ඇත්තේ  කුරුණෑගල නගරයට ජලය සැපයෙන  දැදුරු ඔයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල යෑම නිසාය.  දැනට දැදුරු ඔයෙන්  මෙන්ම කුරුණෑගල වැවෙන් ජලය ලබා ගන්නා අතර, වෙනදා මෙන් සම්පූර්ණ ධාරිතාවයෙන් බෙදාහැරීමට අපහසු බවත් එසේ වුවත් කුරුණෑගල ශික්ෂණ රෝහලට ජලය සැපයීම අඛණ්ඩව සිදු කෙරෙන බවත් ඒ මහතා කීය. 

මේ ආකාරයෙන්ම ඉදිරියටත්  නියඟය පැවතුනහොත් ජලය ලබා දීමට හැකි වන්නේ තවත් මාසයක් වැනි කාලයකට පමණක් වන බැවින් ඉදිරි කාලයේ ජලය අත්‍යාවශ්‍ය කටයුතු සදහා පමණක් භාවිතා කරන ලෙසත් ඇපිරිමැස්මෙන් ජලය පරිfඊා්ජනය කරන ලෙසත් දිස්ත්‍රික් ඉංජිනේරුවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වී පාරිභෝගික ජනතාවට අපහසුවක් නොවන පරිදි ජලය ලබා දීමට කටයුතු කරන බවද කුසල් මනම්පේරි මහතා පැවසීය. 

 



අදහස් (0)

කුරුණෑගලම පිපාසයේ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site