(පුෂ්පකුමාර ජයරත්න)
වසංගතයක් ලෙස පැතිර යන ඩෙංගු උණ රෝගයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ගොදුරු වී සිටිම හේතුවෙන් රෝගී ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යාමේ බරපතල ගැටළුවට රෝහල් බලධාරීන් මුහුණ පා සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර කටයුතු වලට සහය වීම සඳහා යුද හමුදා සාමාජිකයන් පනහකට ආසන්න පිරිසක් යොදවා සිටිති.
ඩෙංගු උණ රෝගයට ගොදුරුව සිටින පිරිස අතරේ රෝහල් මණ්ඩලයේ වෛද්‍යවරුන්,හෙද හෙදියන්,සාත්තු සේවා සහයකයන් සිටින බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි අවස්ථාවක් සේ සලකා දේශපාලකයන්ගේ සුඛ විහරණයට ගන්න මුදල් ....රට විශාලාවක් වීමට පෙර ඇතිවීගෙන යන තුන්බිය නැතිකිරීමට යොදා ගත්තොත් හොඳ නැද්ද?
රජය විසින් ඩෙංගු වලක්වා ගැනීමට ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. අප ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් කිහිපයක් සිටිනවා නමුත් කිසිම වෙලාවක අදාල නිලධාරීන් පැමිණ මදුරු මර්දනය සදහා ක්‍රියා මාර්ග ගෙන නැහැ මේ වෙනකම්...තව විශේෂ දෙයක් තියෙනවා කියන්න. ගස්ලබු කොළ ප්‍රතිකාරය තියෙනකම් කිසිම ඩෙංගු රෝගියෙක් මැරෙන්නේ නැහැ. මගේ දුව බේරුණෙත් ඒ යුෂ වලින්....බටහිර වෙදකමේ එය නැති නිසා දොස්තරලා දෙන්න එපා කියනවා..නමුත් මම හොරෙන් දීල මගේ දුව බේරගත්ත. මම දන්නා බොහෝ දෙනෙක් බේරුණා ඒ නිසා..... කිසිම බියක් වෙන්න දෙයක් නැහැ. රෝගියාට ලබා දෙන්න පුළුවන්...
මේක රටක්ද කියල හිතෙනවා එක වෙලාවකට. රටේ පාලකයන්ට මේවගෙන් වැඩක් නැහැ. ඩෙංගු නෙවෙයි මොනවා වුණත් කමක් නැහැ...
මෙම ව්‍යවසනයට වග කිව යුත්තේ කවුද? කොහොම නමුත් මෙයට කඩිනම් පියවර නොගතහොත් වටිනා ජීවිත දහස් ගණන් බිලිගන්නා බවක් පෙනෙන්නට තිබේ. කියුබාවේ ඩෙංගු වසංගතය මුළුමනින්ම නැතිකරපු රටක් ඔවුන්ගෙන් උදව් ගන්න පුළුවන්.... මේකට එදා ජවිපෙන් පටන් ගත්ත නමුත් ඔවුන් එදා රජයෙන් ඉල්ලා අස්වූ පසු එ්ක එතනම නැවතුණා. ඔවුන්ට මෙම කාර්ය පවරන්න කියල අපි ඉල්ලා සිටිනවා' ඔවුන් කරලා පෙන්වාවි.
ශ්‍රී ලංකාවේ දැනට ජීවත් වෙන ඔබ විසින් ඩෙංගු, පිළිකා, වකුගඩු රෝග, වෛරස් උණ, කුණුකඳු නායයෑම්, පාතාල ඝාතන මෙකි නොකී සියලුම දේවල් රටවැසියන් වන ඔබලා විසින්ම ඉවත්කළ යුතුය. මේ සියලුම රෝගවාහකයන් සහ මනුෂ්‍ය ඝාතකයන් ඔබලා විසින්ම දිනවන, පරදවන පක්ෂ දෙකක දේශපාලකයන් නිසාබව ශ්‍රී ලංකාවාසී රට වැසියන් විසින් අවබෝධ කර ගත යුතුව ඇත. විදේශගත අප විසින් අනේක දුක් විඳ එවන ඩොලර් බිලියන 7.2ක මුදල ගැන අපිටද කතා නැතිබව දනිමු. අපි මෙහෙ ඉන්නවා නම් ලුණු කැඳට වඩා සම්බෝලයි බතුයි රස නොවේද?
කෝ කුරුණෑගල මන්ත්‍රීතුමා? එයා තැන්තැන්වල කියවනවා විතරයි. එහෙම වැඩක් නැහැනේ....