
(පුෂ්පකුමාර ජයරත්න)
දිගු කලකට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් සිදුව ඇති බව වාර්තාවේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් රෝගියෙකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පීසීආර් පරික්ෂාවකදී එම මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බව අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම සිදු යුතු බවද කොවිඩ් වසංගත තත්ත්වය නොසලකා හැර තිබෙන අවස්ථාවක මෙය නැවත අවධානයට ලක් විය යුතු බරපතළ කරුණක් වන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මේවනවිට කොවිඩ් වසංගත තත්ත්වය සාමාන්‍ය මට්ටමෙන් සලකා මරණයට පත් වන රෝගීන්ගේ මෘත දේහ ආදාහනයකට ලක් නොකර පවුලේ ඥාතීන් වෙත බාර දීම සිදුවන බවද මෙය නැවත කොවිඩි වෛරසය රට තුළ පැතිර යාමට ඇති අවදානම් තත්ත්වයක් බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් කවදාවත් පිටව ගියේ නැත. ගෝලීය වශයෙන්මරණ අනුපාතය 3.4% පමණ වේ. වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ගේ මරණ අනුපාතය වැඩි ය. ශ්‍රී ලංකාවේ රෝහල්වල COVID ආසාදන තත්ත්වය පරීක්ෂා කරනු ලබන්නේ කලාතුරකිනි, එබැවින් සත්‍ය සංඛ්‍යා දන්නේ නැත. මෙම අවස්ථා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ හෘදයාබාධයක් ලෙස වාර්තා වන නමුත් සැබෑ හේතුව කොවිඩ් ය. Ignorance is bliss.
මෘත දේහය ආදාහනය කිරීම අනිවාර්යයෙන් සිදු විය යුතුය. මෙය හුදෙක් සෙසු ප්‍රජාවගේ ආරක්ෂාව උදෙසා සිදු කල යුතුය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරඇති අළුත්ම වාර්තා මත පදනම් ව කටයුතු කිරීමේ දී කොවිඩ් යනු ඉන්ෆ්ලුවැන්සා උන තත්වයක් ලෙස සලකා කටයුතු කල හැක. එහිදී නීරෝධායනය කිරීම අවශ්‍ය නොවන අතර ජනතාව බහුල ස්ථාන වල හෝ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ඇති අය හා එවැනි අය සමග කටයුතු කරන විට මාස්ක් පැලදීම නිතර දෑත් සබන් දමා සේදීමත් කොවිඩ් වසංගත සමයේ කටයුතු කලා වගේ තම තමන් ආරක්ෂා වීමත් රෝග ලක්ෂණ සදහා ප්‍රතිකාර ගැනීමත් ප්‍රමාණවත් වේ. මියගිය විටදී භූමදානය හෝ අදාහනය කල හැක.වෛරසය සදහා ප්‍රතිදේහ ඇග තුල ඇති බැවින් වරින් වර ඇතුළු වන වෛරස වලට විරුද්ධව ක්‍රියාත්මක වනවා වගේස නව ප්‍රතිදේහ සෑදෙන බැවින් බොහෝ දෙනෙකු ආරක්ෂා වේ.