
(පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් වසා දමා තිබෙන ප්‍රධාන බස් නැවතුම්පොළේ සවිකර තිබෙන රූපවාහිනී තිරයක අසභ්‍ය දර් ශන ඇතුළත් වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා කුරුණෑගල පොලීසියට දැනුම් දී ඇත.
ඇඳිරි නීතිය හේතුවෙන් කුරුණෑගල ප්‍රධාන බස් නැවතුමේ ජනතාව නොගැවසෙන අවස්ථාවක එහි සවිකර තිබෙන රූපවාහිනී තිරයක ලිංගික ජවනිකා සහිත අසභ්‍ය වීඩියෝවක් ප්‍ර දර්ශන කරන ආකාරය කිසිවෙකු විසින් වීඩියෝ ගතකර එය සමාජ මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කර ඇත.
මෙම වීඩියෝ දර්ශනය දැක ඇති බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි කළ බවද මීට සම්පුර් ණයෙන් වගකිව යුත්තේ ප්‍රධාන බස් නැවතුම්පොළේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් කුරුණෑගල මූලස්ථාන පොලීසියට දැනුම් දුන් බවද නගරාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය, පුරාවස්තු කඩලා ඔයාව ඇල්ලුවේ නැතුවාට.. බස් ආරක්ෂකයෝ නම් අල්ලයි.
මෙය සත්‍ය සිදුවීමක් නම් මෙයට සම්බන්ධ අයට දැඩි දඬුවම් දියයුතුයි.
ඊට කලින් බුවනෙකබා රාජසභා මණ්ඩපය ඩෝසර් කරපු කෙනාව අත්අඩංගුවට ගත්ත නම් හොඳයි නේද?
මහ කකුළුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා කියනවා. බාර් ජොනී සහ පුත්‍ර සමාගමේ තවත් සාඩම්බර නිෂ්පාදනයක්..
ඒ අතරතුරේ අත් අඩංගුවෙන් කට්ටි පැන්න ඔය නගරාධිපතිත් අත්අඩංගුවට ගන්න.
හරියටම නීතියට වැඩකරන මෙහෙම නගරාධිපති කෙනෙක් ලැබීම කුරුණෑගලට වාසනාවක්. එතුමාට විරුද්ධව තියන බොරු චෝදනාවලට හැබෑවට මොකද වුනේ?
සමහර විට කොරෝනාවලට කෙමක් කරන්න හැදුවද දන්නේ නැහැ...
බුවනෙක හෝටලේ පෙන්නන්න අදපු එකක්.. ඒත් ඩෝසර් කරපු හින්දා බස් නැවතුමේ පෙන්නන්න ඇති.