
(පුෂ්පකුමාර ජයරත්න )
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයේ සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ පමණක් මේවනවිට ක්‍රියාත්මක වන බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
කොරෝනා ආසාධිතයින් වැඩිම පිරිසක් වාර්තා වීම හේතුවෙන් කුලියාපිටිය බල ප්‍රදේශයටත් නාගරික බල ප්‍රදේශය තුළ ආසාධිතයින් වැඩි පිරිසක් වාර්තා වීමත් හේතුවෙන් මෙම කොටස් දෙකේ පමණක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයත් සමඟ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබූ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික කොරෝනා පාලන මූලස්ථානය මාධ්‍ය මඟින් ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් වන ලිඛිත ප්‍රකාශයක් නිකුත් නොවීම හේතුවෙන් ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවූ බව වාර්තා විය. නමුත් අවදානම පවතින ගිරිඋල්ල සහ පන්නල ගම්මාන කීපයක් පමණක් හුදෙකලා කර තිබේ.
අද (07) වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තාවන සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 242 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd