රජයේ වාහන අවභාවිතා කිරිමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහිව ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද (01) කැදවිණි.
එම නඩුවේ උදෘත නීතිපති වෙත යවා ඇති බවත් නීතිපති උපදසේ අනුව ක්‍රියා කරන බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට සඳහන් කළේය.
විත්තියේ නිතිඥවරයාගේ ඉල්ලීම් පරිදි සතියකට වරක් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස පනවා ඇති නියෝග මසකට වරක් කිරිමට ලෙස ලිහිල් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
නඩුව මැයි 24 වැනි දා දක්වා යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදාවේල හොයාගෙන කමින් කටුමැටි ගෙවල් වල ජිවත්වන අහිංසක මිනිස්සු පවුල් පිටින් කපලා කොටලා මරලා දමපු , දළදා මාළිගාවට බෝම්බ ගස්සපු අය ගැන වෛරයක් මිස වෙන සිතිවිල්ලක් මගේ සිතට උපදින්නේ නැත. (නි)
රජයේ වාහන අවභාවිතා කිරිමේ චෝදනාව ගැන අපි දන්නේ නැ . නමුත් ත්‍රස්තවාදී නායකයකු වීම, දළදා මාලිගාවට බෝම්බ ගැසීම, භික්ෂුන් ඝාතනය කිරීම ,ගම් පිටින් සමුල ඝාතනය කිරීම ගැන කිසිම චෝදනාවක් නැත්ද ?
රටට විමුක්තිය ළඟාකරදීමට උදව් වූ මේ මනුෂ්‍යාට මෙසේ කරදර කිරීම වැරදියි.(ම)
කෙසේවෙතත් මෙයා රටට ආධාම්බරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සබාපති කෙනක් කියලා. (ර)
හොඳ වෙලාවට මෙයාලා රජයේ වාහන පාවිච්චිකරලා තියෙන්නේ. නැත්නම් මෙයාලට විරුද්ධව නඩු දාන්න නිමිත්තක් නැතිව යනවා. (ර)
මොහු ශ්‍රී ලනිපේ හිටපු උප සභාපති කෙනක් , මොහු ජනතාව ඝාතනය කරවල තිබෙන්නේ ,ඉදිරියේදී රටේ ජනතාව වැඩි වුනොත් ඇතිවෙන ප්‍රශ්න වලට විසදුමක් ලෙස , අර ගල්ෆ් කුමාර වැනි බත් කන සම හරක් අදහස් කරන පරිදි මොහු ජාතියේ පිනට පහළ වුන උදාර විමුක්ති කාමියෙකි , මොහුට සුදු හුණු ගාමු , පුලුවන්නම් මොහු නිදහස් කරන්න කියල පාර වසාගෙන උද්ඝෝෂණයකුත් කරමු (බ)