වෙඩි නොවදින මෝටර් රථයක් අවභාවිතා කළැයි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දෙසැම්බර් 7 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (29) නියෝග කළේය.
වෙඩි නොවදින මෝටර් රථයක් අවභාවිතා කළැයි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දෙසැම්බර් 7 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (29) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ දේශප්‍රේමියෙක්. ජාතිය කුමක් වුවත් ඹබ රටේ යුද්ධය ඉවර කරන්න දුන්නු සහයට අපගේ ස්තුතිය(ම)
හාමුදුරුවන්ට වෙඩි තියාපු කිරි දරුවන් මරාදාපු මිනීමරුවෝ මහත්තුරු වෙලා ඕය්...රොමේෂ් ඔබ හරි ...(බ)
සරත් පොන්සේකා හිරගත කරනකොට හුඟක් අය කතා නොකළේ මන්ද ? ඒ කාලේ මාධ්‍ය නිදහස තිබුනේ නැද්ද ? නැත්නම් බයටද ? (බ)
මම මේ හිතුවේ මේ අත් අඩංගුවට ගත්තේ අර අපේ ස්වාමීන්වහන්සේලව අමු අමුවේ මරල දාපු හින්ද කියල බැලින්නම් එකටත් වඩා ලොකු වරදක්නේ මෙය කරලා තියෙන්නේ.(බ)
මේ මනුස්සයා කොටින් අතහැරලා ඇවිත් කොටින් පරදවන්න ගොඩක් උදව් කළා.මන් හිතන්නේ නැහැ ඒ වරදේ හැටියට ලේසියෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා.(හේ)
ආනේ මෙයත් අර වීර වැඩක් කලා වගේ අත් දෙක උස්සගෙන ආචාර කරනවා (හේ)
මේ වගේ සිල්ලර වැරදිවලට දඩුවම් දෙනවා හැර බිලියන ගණන් හොරකම් කරපු කම්බා හොරුන්ට දඩුවම් දෙනවා වෙනුවට ලක්ෂ 7 ක වාහන දීමන සහ තවත් ලක්ෂයක දීමනා දෙන්න යනවා. (හේ)
මීට වැඩිය රාජ්‍ය දේපල අවභාවිතා කරපු අය කොච්චර ඉන්නවද?(හේ)
වාහන අවභාවිතා කරපු සමහර ඇමතිවරු නම් නිකම්ම නිදහස් වුනා. (හේ)
මේ වගේ නොම්මර තහඩු ගිය රජයේ සගයන් ගාව ඕන තරම් තිබුනා. ඒවා ඇල්ලුවේ නෑ ඒ කාලේ. (හේ)
ඒකාලෙ නම් කිව්වෙ යුද්ධය දින්නෙ තනිකරම මහින්ද නිසා කියලනෙ, දැන් බලාගෙන යනකොට මෙයත් උදව් කරල තියෙනවා එහෙනම්.අනේ මන්දා, පුදුම අමතක වීමක්. (බ)
මෙතුමා අපිට යුද්දේ ඉවර කරන්න උදව් කරපු කෙනෙක්. වැරද්දක් වෙලා නම් සමාව දෙන්න .(හේ)
යුද්දය අවසන් කිරීමට දුන් දායකත්වය නිසා සියලු ශ්‍රී ලාංකිකයින් ඔබ සමගයි. කරුණාකර මෙතුමාව නිදහස් කරන්න. (හේ)
යුද්දය නතර කිරීමට ඔබෙන් ලද සහය අගේ කොට සලකමි..ඔය වගේ දේවල් වලට තමා අද සිර ගත වෙන්න වෙලා තියෙන්නේ..(හේ)
කරුණා යුද්ධයේදී සිංහල මිනිසුන්ට උදවු කළ නිසා වෙඩි වැදීමේ අවදානම ඉතා උග්‍රයි. ඒ නිසා ඔහු වෙඩි නොවදින වාහනයක් ලැබීමට ඉතාමත් සුදුස්සෙක්. ඇයි රටට වැඩ කරන ප්‍රභූවරුන්ට මෙහෙම නිග්‍රහ කරන්නේ? ලංකාවේ අන්තිම රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්‍රීසින් විසින් කුදලා බැඳගෙන යද්දී කොක්හඬලා සිනාසුනේත් සිංහල මිනිස්සු. (නි)
ඡන්ද පොරොන්දු ඉෂ්ඨ සිද්ධ කරන්න එපැයි .(හේ)
අපේ රටේ මිනිස්සු හිතන විදිහ නම් හරිම අපුරුයි? අද තමයි මමත් දන ගත්තේ ලාංකිච සමාජය තුල කරුණා අම්මාන් මෙතරම්ම වීරයෙක් කියලා? එක අතකට පඳුරකට ගලක් ගහපුවම පුහු වීරයෝ දහයක් පහළොවක් එලියට විසිවෙන රටේ කරුණා කියන්නේ සැබෑම වීරයෙක් තමයි ..(හේ)
යුද්ධය ඉවර කිරීමට සහය දුන් සැමට දඬුවම්,(හේ)
අද රටේ සිදුවෙන දේවල් දිහා බැලුවම මේ සිදුවීම මේක පොඩි සිද්ධියක්. (හේ)
මොහු අපට උදව් කල හොඳ මනුස්සයෙක්.ඕව එච්චර ලොකු දෙයක් නොවේ (හේ)
මෙයා හිරගෙදරක මිසක එළියේ ඉන්න හොඳ කෙනෙක් නොවන බව අමතක වෙලා කට්ටියට. (හේ)
කරුණා කියන්නේ අපේ රටට විශේෂ සේවයක් කරපු කෙනෙක්. මෙහෙම ගියොත් අපේ රටට දෙවියන්ගෙම පිහිටයි (නි)
කරුණා මම ඔබ සමගයි ඔබෙන් උදවු අරගෙන පසුව ඔබට පයින් ගහන සිංහලයෙක් නොවෙයි මම. මහින්ද මහතා ඔබට ඇමති කමක් දුන්නේ එනිසයි. හමුදාවේ සිදුවුණ දේ එල් ටී ටී එකට දුන්න සිංහල හමුදා කාරයොත් ඉන්න රටක ඔබ නියම මිනිහෙක් (බ)
කරුණා අම්මාන් කොටි සංවිධානයේ හිටපු නැගෙනහිර නායකයා.කොටි සංවිධානය විනාශ කිරීමේ සටනේදී ඔහුගේ තොරතුරු ඉතා වැදගත් වුණා. මෙය දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට කළ දෙයක් සහ කොටි සංවිධානය විනාශ කිරීමේ වරදට දෙන දඬුවමක් ලෙසයි අපි නම් දකින්නේ. (නි)
ඔබට අරන්තලා බෝ සමිඳු පිහිටත්, මහනුවර දළදා සමිඳු පිහිටත් නොඅඩුව ලැබේවා! (නි)
කලින් වැරදි කළත් පසුව රජයට සහය දුන්න බව අමතක කරන්න එපා. කෙළෙහිගුණ නොදත් ජාතියක් ඉන්න රටක තමා අපි ඉන්නේ. අපි ඔබ සමඟයි (නි)
අවසාන මොහොතේදී ප්‍රභාකරන් බාරවෙලා අනික් අය මරන්න උදව් කළා නම් ඔහුත් අද වීරයෙක් සමහරක්ට. අපේ පොලිසියේ 600 ක් අමු අමුවේ මැරුවේ කවුද? ජය ශ්‍රීමහා බෝධින් වහන්සේ ගාව 146 ක් මැරුවේ කවුද? අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා 33 ක් ම්ලේච්ඡ ලෙස කපාකොටා මැරුවේ කවුද? එහෙවු කෙනෙක් පක්ෂ උපසභාපති කෙරෙව්වා. අපේ ආමි එකේ කොල්ලන්ට සිද්ධවුණා ඔහුට සැලියුට් ගහන්න. අපේම පොලිසියට වුණා ඔහුට ආරක්ෂාව දෙන්න. ඉතිහාසයේ සිදුකළ වරද අනාගතය නිවැරදි කරනවාමයි. ඒකතමයි ස්වභාව ධර්මයේ න්‍යාය. (නි)
අපේ මිනිස්සු කවදත් අගක් මුලක් දන්නා හෝ දැනගන්න අසාවක් ඇති ශීලාචාරසම්පන්න කට්ටියක් නොවෙන බවයි මෙවැනි සිදුවීම් වලින් පෙනෙන්නේ. ඊටත් හපන් අපේ උසාවි. කරුණට දැන් හිතෙනවාද මන්දා ප්‍රභාකරන් සමඟ හිටියා නම් දෙන්නාම මෙලහකට රටේ රජවරු කියන හැඟීම. සිංහලයා විශ්වාසයට ගත් එකේ ආදීනව වෙන්නත් පුළුවන්. (නි)
සමහරු නොකියා කියනවා මේ හිටපු කොටි නායකයා නැත්නම් අපේ රණවිරුවන්ට යුද්ධය දිනන්න බැහැ කියලා. කුජීත දේශපාලනය වෙනුවෙන් මේ වගේ ජාතියම පාවාදෙන අකාරයේ අදහස් දරන මිනිස්සු සම්බන්ධව දුකක් නෙමෙයි දැනෙන්නේ, හිරිකිතක්... (නි)
අල්ලපු අත්තත් පයගහපු අත්තත් නැතිවුණා. මේවා කැත වැඩ. කොටි අනිත් පැත්තෙන් හිනා වෙනවා ඇති (නි)
“එල්ටීටීඊය නමැති අවිහිංසාවාදී ජාතික ව්‍යාපාරය විනාශ කිරීමට උදව් වූ සැම සිරගත කළයුතුයි" මේ තව ටික කලකින් අපට දැකිය හැකි සිරස්තලයක්ද වියහැකියි (නි)
අනේ ඇයි මෙතුමාව හිර කරන්නේ? මෙතුමා ජාතික වීරයෙක්. අපි ඔබ සමඟයි කරුණා දෙයියෝ. ඔබ යුද්ධය ඉවර කළා. අපිට ඒ ඇති (නි)
අපිනම් කෙළෙහි ගුණ නොදන්නා ජාතියක්. මුළු ලෝකෙම දෙමල කියන හැමෝගෙම වෛරයට ලක් වෙච්ච පුද්ගලයෙකුට වෙඩි නොවදින වාහනයක් දුන්නහම හෝ භාවිතා කළහම මොකක්ද තියෙන වැරැද්ද. මේ පුද්ගලයා මහමග මරා දාල තියෙනවා දකින්ඩද මේ පීස් ලවින්ග් මානව ඔස්තාර්ලට ඕනේ. මොහු මුලින් වැරදි කළ බව අපි දන්නවා. එකට නොවෙයිනේ මේ අත් අඩංගුවට අරගෙන තියෙන්නේ. (බ)
මේ බහුතර අදහස් අනුව හැමෝම වගේ කියන්නේ මේ කරපු දේ වැරදියි කියලා. කරුණා අපිට ඕනෑම වෙලාවේ උදව් කරපු කෙනෙක්. අපි එතුමාව ආරක්ෂා කරගන්න ඕනෑ. මේ රටේ කරුමෙට පාලකයන්ට ඒක තේරුම් ගන්න බැහැ (නි)
අපි හිතන්නේ මේවා සංදර්ශන කියලයි (නි)
මේකේ සමහරු අදහස් ලියන හැටියට කරුණා එල්ටිටිය සමඟ ඉන්නකොට කරපු අපරාධ වලට හිරේ දාන්න ඕනෑ, පසුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතුවෙලා අපිට ත්‍රස්තවාදය නැති කරන්න උදව් කළත්. ඒ දෙයම ජේ වී පි මහත්වරුන්ට ආදේශ කළා නම් රතු මල්ලිලා ජීවිතාන්තයටම හිරේ දැමිය යුතුයි. (නි)
කළකම් පළදීමෙදී දේශපාලන සාධකය ඒතරම් වැදගත් නැහැ. උතුරේ ත්‍රස්තවාදයට විරුද්ධ සටනේදී ඔහුගෙන් ලත් සහය අගය කරන අතරම පශ්තාත් යුද සමයේ දුෂිත දේශපාලන බලාධිකාරියට මුවා වී රටේ නීති උල්ලංඝනය කර ඇත්නම් එය යුද්ධය හා සම්බන්ධ නොකර විසඳිය යුතු ප්‍රශ්නයක්. (නි)
යුද්ධය දිනන්න උදව් කළාට අතීතයට බලපාන අන්දමින් සමාව දී නිදොස්කොට නිදහස් කළයුතුයි යන තර්කය පිළිගන්නේ නම් ඒ යුද්ධය දිනීමට මුලික වශයෙන් දායකවූ එවකට යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතාව නිදොස්කොට නිදහස් කරන්න තිබුනා. නමුත් එය එසේ සිදුනොවුයේ එම පළිගැනීමේ ක්‍රියාදාමය තුළ අධිකරණයට නොව බලය හා අවශ්‍යතාවය තිබුනේ දේශපාලන අධිකාරියටයි. මේ අනුව බලනවිට කරුණා අම්මාන්ගේ ඉරණම අධිකරණයට බාර දී දේශපාලනය ඊට මුසු නොකර සිටින තරමට ඇඟට ගුණයි. (නි)
හොඳ දෙයක් කළොත් යහපත් ප්‍රතිපල ලැබෙන අතර නරක දෙයක් කළොත් අයහපත් ප්‍රතිපල ලැබේ. මේක තමයි කර්මය කියන්නේ. මෙය කාටත් පොදුයි. රජකම් කළත් කළකම් පලදෙයි. (නි)
රටට ආදරේ කරන ලාංකිකයින් පාරට බස්සන්නේ නැතුව මෙතුමාව නිදහස් කරන්න. (බ)
සරත්ට ,මහින්දට , කරුණට කව්රු වුනත් හිරිහැර කරන්න ගියොත් එ්කේ ප්‍රතිපල ඉක්මනින් අත්විදින්න වෙයි. මේ අය යුද්දය අවසන් කරන්න දුන්නු දායකත්වය නිසා හැම දේශප්‍රේමී මිනිහෙකුගේම හදවත්වල ජීවත් වෙන අය. (බ)
එදා සුද්දන්ට එකතු වෙලා අපිට පහර දීපු කැප්පෙටිපොල නිලමේ තුමා පස්සේ අපිට එකතු වෙලා අපි වෙනුවෙන් සටන් කළා. අපි ඔහුව සලකන්නේ වීර කැප්පෙටිපොල කියල. කරුණ කියන්නේ හැම ලක් වැසියෙක්ගේම වීරයෙක්.ඔහුගේ වැරදි වලට අපි සමාව දිය යුතුයි. (බ)
අපි මැරිලා ඉපදිලා නැහැ. කරුණව අත්අඩංගුවට ගත්තට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඕන විරෝධතාවෙකට අපිත් එනවා. කරුණාගේ සහය නොලැබෙන්න අපිට කොටි පරද්දන්න තව වීර සොල්දාදුවන්ගේ ජීවිත ගණනාවක් පුජා කරන්න වෙන්න ඉඩ තිබුන .(බ)
තාම හැංගිලා ඉන්න අන්තවාදී කොටින්ගෙන් මේ මනුස්සයා ආරක්ෂා කිරීම රජයේ වගකීමක්. (බ)
වෙන කොටින්න්ට වගේ මෙයාට රටෙන් පිටවෙලා ඉන්නබෑ, ඒ හැම රටකම දෙමල ඩයස්පෝරාව මේ මනුස්සයාව මරාගෙන කන්න ඉන්නේ රජයට සහය දුන්නාට. (බ)
අනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති කෙනක්. (බ)
ජනාධිපතිතුමනි කරුණා අම්මාන්ට පොදු සමාවක් දීලා ඒ වාහනේ ඒ මනුෂ්‍යාගේ ආරක්ෂාවට දෙන්න, එ්කය් යුතුකම. (බ)
ඇයි දෙයියනේ, අවුරුදු 2 ටත් වැඩ ගියාද මේක හොයාගන්න... ඉදිකටුවක් හෙව්වා නම් හොයාගන්න තිබුනා මීට කලින්...(හේ)
සනත්, මෙතුමා යුද්ධය ඉවරකරන්න උදවුකරපු එක තමයි මේකේ මුල. එහෙම නැතුව මෙතුමාට තිබුණු ජීවිත තර්ජනය ගැන හිතලා බැලුවහම නිකන්ම ආණ්ඩුවේ ගරාජයක ගාල්කරලා තියෙන මේ වෙඩි නොවදින වාහය භාවිතා කළාම කොහොමද කෝටි 7 ක පාඩුවක් රජයට වෙන්නේ? මේ කරන්නේ ඉදිරි පරම්පරාවට ඉඟියක් දෙනවා නැවත යුද්ධයක් ආවොත් වැඩි වැඩ පෙන්වන්න බැහැ කියලා. (නි)
සිංහල මිනිස්සු මේතරම් ගුණමකුයි කියා මං මීට පෙර දැනගෙන හිටියේ නැහැ. යුද්ධයේදී සිංහලයන්ට කළ උපකාර වලට සළකන්නේ මෙහෙමද? මේක ඉස්සරට වඩා බොහොම භයානක ආණ්ඩුවක් වාගෙයි මට දැන් පෙනෙන්නේ. (නි)
ප්‍රබාකරන්ගේ කුරිරු යුද්ධය අවසන් කරන්නට දායක වුණු ඔක්කොමට සිර දඩුවම් දෙන්න,විග්නශ්වරන්ට, සම්පන්දන්ට, සිවාජිලිංගම්ට ,ඩයස්පෝරාවට වුවමනා විදිහට සිංහලයන් ඉදිමු. එතකොට 2020 දී යහපාලකයන්ට ආයෙත් රට බාර ගන්න පුළුවන්. (බ)