(නිමන්ති රණසිංහ)
මන්තී‍්‍ර වරප‍්‍රසාද යටතේ ලබාදී තිබූ රුපියල් කෝටි 9ක වටිනාකමකින් යුත් ලියාපදිංචි නොකළ වෙඩි නොවදින ජීප් රථයක් ආපසු භාරනොදී සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි හිටපු පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ලක් ගොනු කරන ලෙසට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා රහස් පොලිසිය වෙත අද(07) නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියේ විමර්ශන කටයුතු අවසන් කර නිතිපති උපදෙස් සදහා උදෘත ගොනුව යොමුකර ඇතැයි ද මෙතෙක් උපදෙස් ලැබී නැතැයි කියමින් රහස් පොලීසිය මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම සිද්ධියට අදාළ නඩුව යළි කැදවූ අවස්ථාවේදී විනයාගමූර්ති මුරලිදරන් මහතා ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම සිද්ධියට අදාළව සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා රුපියල් ලක්ෂ 10ක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හරින ලැබුවේ ඉකුත් වසරේ දෙසැම්බර් මස 07 වැනිදාය.
තායිලන්තයෙන් ආනයනය කළ එම ජීප් රථය මඩකලපුව ප‍්‍රදේශයේ ගරාජයක් තුළ තිබී සොයාගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd