(ඩයනා උදයංගනී )
ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නේ නම් එය ලබාගෙන ක්‍රීඩා අමාත්‍යංශයේ තබා ගැනීමට තමන් සූදානම් බවද ඇමතිවරයා සඳහන් කළේය.
සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙනුවෙන් පදක්කම ලබාගැනීමට පෙර සහ පසු රජය විශාල වියදමක් ඇය වෙනුවෙන් දරා ඇති බව කී ඇමැතිවරයා ඇයට මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශෙන් හා යුද හමුදාව මගින් මසකට රුපියල් 1,35,000ක් ලබාදෙන බවද සඳහන් කළේය.
ඇය කෙළෙහි ගුණ නොදන්නා අයෙකුවීම ගැන කනගාටු වන බවද ඇමතිවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ජායාරූපය- ඉෂාන් සංජිව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුසන්තිකා මහත්මියත් හරියට අපේ මැති ඇමතිවරු වගේ තමයි පෙන්නේ.
එහෙම කළොත් අපේ රටේ ක්‍රීඩකයන්ට ඔලිම්පික් කොමන්වෙල්ත් වැනි තරඟ වලට සහභාගී වීම තහනම් කරාවි... ලෝකය කිසිම රටක් මෙවැනි කතා මගින් තම ක්‍රීඩකයින් අධෛර්ය කරන්නේ නැහැ.
ක්‍රීඩකයන් නෙමෙයි දේශපාලකයන් ගන්න පදක්කම් රාජසන්තක කරන්න
ඒ වැඩේ නම් සුදුසු නැහැ. දේශපාලනය විසින් රටේ දක්ෂයන්ගේ දේපලත් ගන්නවා.
එහෙනම් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබෙන තෑගී මුදලුත් රජයට පවරා ගන්න.
ආණ්ඩුවට මොකද්ද තියෙන අයිතිය පුද්ගලයකුගේ පදක්කම් රාජසන්තක කරන්න. ඉතාම වැරදි තීරණයක්. පදක්කම සල්ලි දීලා ගන්න පුළුවන්නේ....
හැමදාමත් තමන්ගේ වාසියට ඇමතිවරුන් සමග රණ්ඩු වෙන එක තමයි කරන්නේ..
මේක නම් වැරදි කතාවක්.... එහෙම දෙයක් කිරීමට රජයට සදාචාරාත්මක අයිතියක් නෑ.
ගරු ඇමතිතුමනි, ඔබතුමා ගැන අපේ තිබුණු පැහැදීම මේ ප්‍රකාශය සමග නැතුව ගියා. අපි හිතුවේ ඔබතුමා උගත් කෙනෙක් කියලා. දැන් බලනකොට සුසන්තිකා මහත්මිය ගොඩාක් ඉහළින්නේ ඉන්නේ, සුසන්තිකා කියන්නේ ජාතික වස්තුවක්... රටට කීර්තියක් ගෙනදුන් කෙනෙක්... පුද්ගලිකව එයාගේ අඩුපාඩු ඇති නමුත් රටට කීර්තියක් ගෙනදීමට එ්ක අදාල නැහැ.
රජයෙන් නිකම්ම වියදම් දෙනකම්නේ බලාගෙන ඉන්නේ... එහෙම නම් මේ රටේ හැම පුරවැසියෙක්ම එහෙම ඉඳීවි. ක්‍රීඩා කරන කාලේ රජයෙන් වියදම් කළා. දැන් ඉතින් රැකියාවක් එහෙම කරලා හම්බකරගන්න ඕනේ... රටට වැඩ කරන්න ඕනේ හින්දයි ඡන්දේ දීලා පත්කර ගත්තේ... මැති ඇමතිවරු කියන්නේ මහජන සේවකයෝ විතරයි.
මට හිතාගන්න බැරි ඔච්චර මුදලක් ලබෙනවා නම්, වෙන්දේසි කරන්නේ මොකද? නොදන්නා යටි අදහසක් තියෙනවා වගෙයි මට නම් පේන්නේ...
එහෙනම් දේශපාලකයින්ගේ දේපළත් රාජසන්තක කරන්න වෙයි...
සුසන්තිකාට මොනතරම් වියදමක් රජයෙන් දරනවාද?
ක්‍රීඩකයන් දිනන පදක්කම්වල අයිතිය රජයට ගන්න කලින් ක්‍රීඩකයන්ට පදක්කම් ගන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ... කියන එක කිසීම කෙනෙක්ට නොතේරෙන එක නම් ලොකු ප්‍රශ්නයක්. ක්‍රීඩා ඇමති කියනවා නම් සුසන්තිකා මහත්මියට විතරද පදක්කම් ගේන්න පුළුවන් කියලා, අපි තව අවුරුදු 10කින් හරි 15කින් හරි පදක්කම් 5ක් ගේනවා කියන එකයි අරමුණ වෙන්න ඕනේ.... එත් අපේ රටට අනාගතයක් කොහෙද?
හරියට හරි,... රජයට පවරගෙන බද්දකුත් ගහන්නයි තියෙන්නේ....
ඉතාමත්ම වැරදි තීරණයක්.. පොඩ්ඩක් හොයලා බලන්න වෙනත් රටවල් මෙහෙම කරනවද කියලා..මොන ප්‍රශ්න තිබුණත් ලංකාවටම ඔලිම්පික් පදක්කම් ලාභියෙක් විදිහට ජීවත්ව ඉන්නේ ඔච්චරයි.. ඔබතුමා වියදම් ගැන කතාකරනවා. පුලුවන්නම් සල්ලි වියදම් කරලම කෙනෙක්ව ඔය තත්වයට අරන් පෙන්වන්න.. ඇය ඉතාමත්ම කැපවීමෙන් මෙම තත්වය ළඟාකර ගත්තේ... ඇය අප රටට සම්පතක්.. අපි ඇයට ජීවත් වෙන්න පුළුවන් විදිහට සාධාරණ වැටුපක් ගෙවලා අවශ්‍ය පහසුකම් සැලසුවේ නැත්නම් එය අප රටට කරන අගෞරවයක්, ගුණමකුකමක් ලෙසයි මම දකින්නේ.. මුළු රටම දන්නවා අපේ රටේ කරන අනවශ්‍ය වියදම් ගැන .. විශේෂයෙන් අපේ රටේ දේශපාලකයන්ට, ඔවුන්ගේ උත්සවවලට කොච්චර වියදම් කරනවද..? අපි දන්නවා ඔබතුමා අවමානයට ලක්කළ නිසා ටිකක් තරහින් කටයුතු කරන්නේ කියලා.. කෙසේ නමුත් ගන්න තීරණ හොඳට හොයල බලලා ගන්න... මොකද ඔබතුමලා හැමදාම ඔතන ඉන්නේ නැහැනේ.. හැබැයි අනාගතේ තවත් ක්‍රීඩා තරු බිහිවෙන්න ඕනෙ..
මේ ගමේ හිටපු දේශපාලකයන්ට මොන ඔලිම්පික්ද? ලෝකයේ වැදගත් ආකාරයට සිදුවන කරුණු වටහාගන්න පුළුවන් කමක් නෑනේ..
කරන්න රටේ වැඩ ලක්ෂයක් තිබෙද්දී මේවා අල්ලගෙන නහින්න හදනවා.
එතකොට අර ඩියුටි ෆ්‍රී කාර් වල අයිතිය කාටද?
මෙන්න මේ වගේ ප්‍රතිපත්ති හින්දා තමා ලංකාවේ දක්ෂයෝ, බුද්ධිමතුන් රැඳෙන්නේ නැත්තේ. මෙරටේ දේශපාලකයන්ට මිසක් දක්ෂයින්ට, බුද්ධිමතුන්ට තැනක් නෑ. එ්කටම හරියන්න පිරිසකුත් ඉන්නවා. හොයල බලන්න අවුරුද්දකට ලංකාවේ විද්‍යා ධාරාවේ උපාධි ලබා ගන්න අයගෙන් ටික කාලෙකට පස්සේ ඉතුරු වෙන්නේ කි දෙනාද කියලා... මේ විදිහට ගියොත් තව අවුරුදු 20-25 කින් මේ දේශපාලකයින් ටික විතරක් ඉතුරුවෙයි.
සුසන්තිකා මහත්මියගේ අඩුපාඩු ඇති... නමුත් තරුණ කාලෙ රට වෙනුවෙන් කැප කලානේ... මුදල් හොරකමි කරන ඇමතිවරුන්ට අවුරුදු 5 න් විශ්‍රාම වැටුප්. රටට කීර්තියක් දුන්නා මදිවට හම්බවෙන පදක්කමත් කොල්ල කන්න හදනවා. ඒක අයිති ඒ පුද්ගලයාට පමණයි. නීතිඥයකු වන දයාසිරි ඇමතිතුමා මේ කතාව කිව්වේ කොහොමද? ඒක අසාධාරණයි. ලැජ්ජයි.
අපේ රටේ මොහොමයක් දේශපාලකයෝ කුහකයෝ. උපාලි විජේවර්දන මහත්තයා කාර් එකක් හදන්න ඔක්කොම සැලසුම් කරලා අනුමැතියට දැම්මම , එකට අරය
තවත් සුසන්තිකාලා බිහිකරන්න නම් තවත් පහසුකම් දීලා රටේ ඉහළම වැටුප් ලැබෙන කෙනෙකුට දෙන සියළුම පහසුකම් ඔවුන්ට දෙන්නේ ඕනේ. ඔලිම්පික් පදක්කමක් ගන්න එක ඉන්ජිනේරුවෙක් හෝ දොස්තර කෙනෙක් වෙනවාටත් වඩා බොහොම අමාරු වැඩක්. එ්කේ සැකයක් නැහැ. අපිට තවම ඉන්නෙ එක ඔලිම්පික් පදක්කම් ලාභියයි හරියට ගත්තොත්. ඒ නිසා ඇයට හොඳ විශ්‍රාම වැටුපක් දීලා හොඳ සමාජ තත්වයක් දීමේ අනෙක් ක්‍රීඩකයන්වත් දිරිගැන්වීමක් වේවි!!! සමහරු අවුරුදු 5 ට, පරම්පරා 100 කට සොයනවනේ .
මෙතන ඉන්න කිසිම කෙනෙක් ඔලිම්පික් ක්‍රීඩාවලියකට සහභාගී වෙන්න තරම් මහන්සිවෙලා තියෙනවද? මෙවැනි තරුණ තරුණියන් උනන්දු කරනවා මිසක් බාල වැඩ කරන්න හොඳ නැහැ.
ඇමතිතුමෝ, ඇත්ත දැන ගන්න. මාර්ක් වේල්ස් (අමරිකාව, 1980 හොකි), ව්ලැඩ්මීර් ක්ලිට්ස්කෝ (යුක්රේන්, 1996 බොක්සින්), අන්තොනි අර්වින් (ඇමරිකාව, 2000 පිහිනුම්) සහ ඔටලියා ජෙද්සේසාක් (පෝලන්තය, 2004 පිහිනුම්) තමන්ගේ ඔලිම්පික් පදක්කම් විකුණු තරග කරුවන්ය. හොද වෙලාවට එම රටවල ජරාපාලනයක් හෝ දයාසිරිලා සිටියේ නැත.
ඉතින් ඇමැතිවරුම දුවල පදක්කම් ගත්තම හරිනේ ....ගැටලුව විසඳෙනවා .
ඇමතිවරු නම් ඕනෑ තරම් තොග හා සිල්ලරට ඉන්නවා. එහෙත් සුසන්තිකාලා එක්කෙනයි.., මුළු ලෝකෙටම
ඔලිම්පික් පදක්කමක් ඉතා අසීරු දෙයක් ඉහල කැපවීමක් මගින් එය කලහැකිවනුයේ. එමගින් රටට ලැබුණු කීර්තිය අපමණයි. සුසන්තිකාට දිවි තිබෙනතුරු වැටුපක් ගෙවිය යුතුවනවා.
ඉහත සුජීවගේ කතාව කියවන්න පර්ලිමන්තුවට අරින්න. අනික, මහාමාර්ගයි, උසස් අධ්‍යාපනයයි ගැන කියපු අදහස්වල විදිහට මෙයාලගෙන් මීට වැඩිය කවර කතාද?
මට මතකයි මම පොඩිකාලෙ කියවපු කවි පේළියක තිබුණා “ බල්ලෙක් බිරුවාට තවලම නවතීද?“ කියල පදයක්. මට නිකමට ඒක මතක් වුණා..
සුසන්තිකාලා වගේ දක්ෂයෝ කී දෙනෙක් ඉන්නවද අපේ පුංචි ලංකාවෙ? හැබැයි පඳුරකට පයින් ගැසුවොත් ඇමතිවරු දහයක් එළියට වීසි වෙයි.
සුසන්තිකා මහත්මිය විතරයි දිගටම මේ තරම් ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙ. ලංකාවට කීර්තිය ගෙනා දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, සුගත් තිලකරත්න වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිහඬ ඇයි? ඒ අය තමන්ව හොඳින් කළමනාකරණය කරගන්න දන්නවා ඇති නේද?